හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්, කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ Universal College of Lankaහි සීමාවාසිකයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 260ක ප්‍රමාණයක් රැස් කෙරිණි. පරිසර සංරක්ෂණය සහ ප්ලාස්ටික් බැහැර කිරීම වගකීම් සහගතව සිදු කිරීම පිළිබඳව දැනුවත් භාවය ලැබීමට මෙම වැඩසටහන අගනා අවස්ථාවක් විය. වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම, ප්‍රජාව විසින්ම මෙහෙයවන වෙරළ සංරක්ෂණ කටයුතු ඔස්සේ සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ අරමුණු කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම සඳහා Clean Ocean Force සමඟ ඇති මෙම සහයෝගීතාව හේමාස් සමූහය විසින් සැලසුම් කරන ලද දැවැන්ත පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි.
Related Articles
Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සදහා සුදානම් වන්න
5G තාක්ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන […]
Velona Protect Viroblock මුඛ ආවරණ වෛරස්වලට එරෙහිව උපරිම ආරක්ෂාව හා සුවපහසුව සලසමින් දැන් වෙළෙඳ පොළේ
කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වී තිබේ ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක හා ඇඟළුම් අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Velona, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් ඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වූ සෝදා නැවත භාවිත කළ හැකි Velona Protect Viroblock මුඛ ආවරණ මෑතකදී වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. මෙම නවතම මුඛ ආවරණ, […]
පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී.
ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 සම්මාන උළෙලේදී කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල මාර්තු 21 වනදා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී පැල්වත්ත කිරි සමාගම ‘මහා පරිමාණ’ කාණ්ඩය යටතේ නිෂ්පාදන අංශයේ ජාතික […]