Latest News Sinhala

Fems AYA ඔසප් දරිද්‍රතාවය අවසන් කිරීම වෙනුවෙන් කළ මෙහෙය අගයමින් Top 50 Professional & Career Women Global Award දිනා ගනියි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින්, කාන්තාව ප්‍රමුඛ කර ගෙන මෙහෙය වූ ප්‍රජා මුලපිරීම  සඳහා වන වසරේ හොඳම  ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන සම්මානය  ‘Fems AYA’   ව්‍යාපෘතිය සඳහා ,  Top 50 Professional & Career Women Global Awards  කීර්තිමත් සම්මාන  උළෙලේ දී පසුගියදා දිනා ගන්නා ලදි.  මෙම ව්‍යාපෘතිය මඟින් පවුල් 270,000කට අධික පිරිසකට ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන වෙත පහසුවෙන් ප්‍රවේශවීම සහ දැරිය හැකි මිලකට ලබා ගැනීමට ඉඩ සැලසීම තුළින්  කාන්තාවන් සහ ගැහැණු ළමුන් අති විශාල සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට හැකි විය. වසර දෙකක් ඇතුළත දිවයින පුරා සිටින කාන්තාවන් 15,000+ කට නිවැරදි හා සෞඛ්‍යාරක්ෂිත ඔසප් සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම ද සිදු කර ඇත. ඔසප් සෞඛ්‍ය හා සම්බන්ධ සමාජ දුර්මත බිඳ දැමීමට ‘Fems AYA’ විසින් මෙහෙය වූ අධ්‍යාපනික සැසි උපකාරී වී ඇත. එමඟින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඔවුන්ගේ  සාර්ථකත්වය කරා නොනවතින ගමනක් යාමට ද ‘Fems AYA’  ශක්තියක් වෙයි.

ශ්‍රී ලංකාවේ ඔසප් වන කාන්තාවන්ගෙන් නිතිපතා සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ  30%කටත් අඩු ප්‍රමාණයක් බව අවබෝධ කර ගත් Fems, එම ප්‍රතිශතය ඉහළ නැංවීමේ අභියෝගය භාර ගත් පළමු සන්නාමයයි. Fems AYA මුලපිරීම ඔස්සේ දැනුවත්භාවය ඇති කිරීම, දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා ලබා දීම වැඩි කිරීම, ගැහැණු ළමුන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම වැඩි දියුණු කිරීම, ඔසප් වීම පිළිබඳ දුර්මත ඉවත් කිරීම සහ සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීම වෙත අවධානය යොමු කරයි. Fems විසින් 2021 වසරේ ජූනි මාසයේ දී Fems AYA සනීපාරක්ෂක තුවා 10ක් ඇතුළත් පැකට්ටුවක් රුපියල් 99ක අඩුම මිලකට  හඳුන්වා දීමෙන් දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම පිළිබඳ ගැටලුව නිරාකරණය ක‍රන ලදී. යහපත් ඔසප් සනීපාරක්ෂාවක් වෙනුවෙන්  උසස් තත්ත්වයේ විසඳුමක් ලෙස නාගරික ප්‍රදේශවල පමණක් නොව දිවයින පුරා Fems AYA පහසුවෙන් ලබා ගත හැක.

Sarvodaya Women’s movement, Sarvodaya-Fusion, Arka Initiative, MJF Charitable Foundation යන සංවිධානයන් විසින් Fems AYA වැඩසටහන පුළුල් ලෙස දියත් කිරීමට සිය දායකත්වය ලබා දෙන ලදි.

කාන්තාවන් සහ ගැහැණු ළමයින් 124,000කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී, යහපත් ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සහ ප්‍රවේශය සියලුම SEC සහ ඔසප් වීමේ වයස් කාණ්ඩ අතර ගොඩ නඟමින්, සන්නාමය Fems AYA හරහා මෙම මුලපිරීමේ වටිනාකමක් තවදුරටත් ඉහළ නංවමින් ඔසප් දරිද්‍රතාවය අවසන් කිරීමට සහාය විය. අධ්‍යාපන හා රැකියා ආයතන තුළ Fems සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ ඒකකයක් ස්ථාපනය කිරීම තුළින් කාන්තාවන් හා ගැහැණු ළමුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටින සන්නාමයක් බව තවදුරටත් තහවුරු කරයි.

වසර 18කට අධික කාලයක් පුරාවට, සන්නාමය විවිධ ප්‍රජා උපකාරක ක්‍රියාකාරකම්  ඔස්සේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා සිය පුරෝගාමී උත්සාහයන් අඛණ්ඩව සිදු කරයි. ස්වභාවික ශාරීරික ක්‍රියාවලියක් වන ඔසප් වීම හා සම්බන්ධ සමාජ දුර්මතයන් තුරන් කරමින්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ඔසප් දරිද්‍රතාවයෙන් තොර ජීවිතයක් සඳහා Fems AYA ජාතික මුලපිරීම සිය ප්‍රමුඛත්වය අඛණ්ඩව ලබා දෙනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *