හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්, කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ Universal College of Lankaහි සීමාවාසිකයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 260ක ප්‍රමාණයක් රැස් කෙරිණි. පරිසර සංරක්ෂණය සහ ප්ලාස්ටික් බැහැර කිරීම වගකීම් සහගතව සිදු කිරීම පිළිබඳව දැනුවත් භාවය ලැබීමට මෙම වැඩසටහන අගනා අවස්ථාවක් විය. වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම, ප්‍රජාව විසින්ම මෙහෙයවන වෙරළ සංරක්ෂණ කටයුතු ඔස්සේ සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ අරමුණු කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම සඳහා Clean Ocean Force සමඟ ඇති මෙම සහයෝගීතාව හේමාස් සමූහය විසින් සැලසුම් කරන ලද දැවැන්ත පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි.
Related Articles
Fadna Tea සහ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය අත්වැල් බැඳගනියි.
Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවත්විය. ඒ සඳහා […]
ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ස්වදේශී වෙතින්, ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කළ “කොහොඹ බේබි ඇවකාඩෝ” ළදරු සබන් වෙළෙඳ පොළට
සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. ළදරු සම […]
Expanding Horizons; Unilever’s uStore.lk enters into a partnership with Celeste Daily, and Uber Eats to improve consumer convenience
Unilever Sri Lanka’s official e-commerce platform, uStore.lk recently entered into a partnership with Uber Eats and Celeste Daily in an effort to make grocery shopping more convenient, intuitive and reliable for its customers. The partnership paves the way for effortless access to uStore.lk, now conveniently available on Uber Eats. Customers can visit the uStore.lk shop […]