Latest News Sinhala

අද්විතීය විශේෂාංග රැසක් සහිත Huawei හි නවතම Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. මේ වන විටත් වෘත්තීය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා ගැළපෙන උසස් විශේෂාංග රැසකින් සමන්විත පරිගණක රැසක් Huawei විසින් දේශීය වෙළඳ පොළට හඳුන්වා දී ඇත. වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග හා ඉහළ කාර්යසාධනයක් එක් කරමින් නිපදවා ඇති Huawei MatePad 11 ටැබ්ලට් පරිගණකය එහි වූ අසමසම විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනු ඇති බව නොඅනුමානයි. 

ඩෙක්ස්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින්,  ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩිදියුණු කළ Huawei M-Pencil අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති Huawei MatePad 11, පරිශීලක කාර්යන් ඉතාමත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇත. Huawei MatePad 11 හි පරිශීලකයාට පහසුවෙන් අල්ලාගැනීමට පහසු සියුම් දාර, 120Hzක Full View ඩිස්ප්ලේ  පරිශීලක නැරඹුම් අත්දැකීම් වඩාත් පැහැදිළි සහ උසස් කරනු ඇත.  මෙහි වූ සුවිශේෂී ස්මාර්ට් magnetic keyboard හේතුවෙන්  පරිශීලකයාට කිසිඳු බාධාවකින් තොරව වඩාත් කාර්යක්ෂම ලෙස typing සම්බන්ධ ක්‍රියා සිදුකළ හැකි අතර, M-Pencil විවිධ ඇඳීම් සහ සටහන් ලබා ගැනීම ආශ්‍රිත කාර්යයන් පහසු කර ඇත. 

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා හි මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙලෙස පවසා සිටියි.  “දේශීය පාරිභෝගිකයා වෙත උසස් තාක්ෂණික අත්දැකීමක් ලබාදීමේ අරමුණින්, නුදුරේදීම වෙළඳ පොළට දියත් කිරීමට සූදානම් කර ඇති Huawei MatePad 11, අති විශිෂ්ට විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් පරිගණකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලොව පුරා පරිශීලකයන්ගේ ඉහළ අවධානයක් දිනාගත් Huawei MatePad, පාරිභෝගික ජීවන තත්ත්වයන් තාක්ෂණය තුළින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතුව නිපදවා තිබෙන බව කිව හැකියි .”

Huawei MatePad 11 හි 13mp ප්‍රධාන කැමරා සහ 8mp ඉදිරිපස කැමරාව පරිශීලකයාට ඉහළම ගුණත්වයේ ඡායාරූප ලබාදෙන අතර, එහි  time lapse, panaroma, burst shooting වැනි විශේෂාංග ද පවතී.  තත්වයෙන් උසස් ශ්‍රව්‍ය ගුණත්වයක් ලබාදීම සඳහා Huawei MatePad 11හි quad speaker, quad channel sound system ඉවහල් වන අතර, එය සංගීත ආශ්වාදය සඳහා ප්‍රිය කරන ඕනෑම අයකුට සුවිශේෂී වේ.  තවද, මෙහි වූ App Multiplier විශේෂාංගය හරහා, එකම ස්ක්‍රීන් එකක් තුළ, Apps හතරක් open කරගනිමින් කාර්යයන් සිදු කිරීමේ හැකියාව පරිශීලකයාට හිමිවන අතර, Huawei Share හරහා පහසුවෙන්ම මෙම උපාංගය, Huawei ස්මාර්ට් දුරකථන, ලැප්ටොප් හෝ පරිගණක හා සම්බන්ධ කළ හැකිය. මේ හරහා පරිශීලක කාර්යයන් ඉතා පහසු වනු ඇත. 

ළඟදීම වෙළඳ පොළට නිකුත්වන Huawei MatePad 11 ආකර්ෂණීය Matte Grey වර්ණයෙන් දිවයින පුරා පිහිටි Huawei experience centers, සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk, Singer.lk සහ බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව හිමිවේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *