Latest News Sinhala

ඩීමෝ විසින් දේශීය සෞඛ්ය අංශයේ ප්රවර්ධනය උදෙසා විසඳුම් රැසක් ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින්, සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්,දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා ලබාදෙන දායකත්වය තව දුරටත් පුළුල් කරයි.හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාමයන් හදුන්වා දීම මෙම ක්ෂේත්‍රයේ ඩීමෝ හි නවතම හදුන්වා දීමයි.ඩීමෝ සමාගම විසින් ලොව ප්‍රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින් ශල්‍ය උපකරණ සැපයුම සඳහාද කටයුතු කර ඇති අතර Radiology, Cardiology, Ophthalmology, Oncology, Urology, Neonatal care, Critical care, Anaesthesiology ,Cardiovascular සම්බන්ධ පූර්ණ සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ඩීමෝ දැන් සන්නද්ධ වී සිටියි. 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසා සිටියි. “සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩ නැංවීම උදෙසා වූ අරමුණ සහිතව ඩීමෝ විසින් ශ්‍රී ලංකාවට අති නවීන පන්නයේ සෞඛ්‍ය සේවා විසඳුම් රැසක් හඳුන්වා දීමට සමත් වුණා. මේ හරහා රෝගීන් හට ඉහළම තත්ත්වයේ සේවාවක් ලබාගැනීමට අවශ්‍ය සියලුම පහසුකම්, අදාළ සේවා සපයන්නන් වෙත ලබාදීමට ඩීමෝ හි අපට හැකිවීම ඉතා සතුටට කරුණක්.”

ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසා සිටියි. “තෙල්දෙණිය, කඹුරුපිටිය, වව්නියාව, බිබිල, කන්තලේ, දික්ඔය, කින්නියා, මුතූර් සහ රිකිල්ලගස්කඩ වැනි ග්‍රාමීය ප්‍රදේශද ඇතුළුව මුලු දිවයිනම ආවරණය වන ආකාරයෙන් Siemens සහ Drager ඇතුළු ලොව ප්‍රසිද්ධ වෙළඳ නාම වල සෞඛ්‍ය විසදුම් අප ලබා දී තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ චිකිත්සක ප්‍රතිකාර වැඩි දියුණු කරන, Carl Zeiss Multi Spot Green Laser therapeutic microscope ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමීයා වන්නේ ඩීමෝ ආයතනයයි. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෞද්ගලික රෝහල් වල සේවා තවත් වැඩිදියුණු කරමින්, රෝහල් රැසක් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවා විසදුම් රැසක් සැපයීමට ඩීමෝ හට හැකි වුණා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට මෙවන් ඉහළ දායකත්වයක් ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වෙනවා.අදාල උපකරණ සැපයීමට පමණක් සීමා නොවී, රට පුරා පැය 24 පුරාම නිතිපතා නඩත්තු කිරීමේ හා සේවා කිරීමේ අවශ්‍යතා සඳහා සේවා කණ්ඩායම් යොදවමින් ඒවා නිසිලෙස නඩත්තු කිරීම වෙනුවෙන්ද ඩීමෝ කාර්යක්ෂම ප්‍රවේශයක් අනුගමනය කරනවා.”

මේ පිළිබඳ සුවිශේෂී වන තවත් ප්‍රධාන කරුණක් වන්නේ ශ්‍රී ලංකාවට උසස් තත්වයේ LSO පදනම් කරගත් detectors තාක්‍ෂණය සහිත පෙට් ස්කෑනර් යන්ත්‍රයක් සහ (Carl Zeiss) Wide Angle Fundus Phototherapy යන්ත්‍රය මුලින්ම හඳුන්වා දුන්නේ ඩීමෝ සමාගම වීමයි.මේවායේ අන්තර්ගත, උසස් තාක්ෂණය, රෝගීන් රැසකගේ ලෙඩරෝග කල්තියා හඳුනා ගැනීම සඳහා විශාල සහයෝගයක් දක්වනු ඇත. 

ලෝකේ තාක්ෂණික දියුණුවත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සහ රෝග ප්‍රතිකාර ක්‍රමවේද දියුණු වෙමින් පවතියි.මේ හරහා රෝග කල්තියා හඳුනා ගැනීම තුළින් ජීවිත රැසක් සුරැකෙනු ඇත.  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා නවීන තාක්ෂණය යොදාගැනීම මෙන්ම, ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳ ඉහළ අවධානයකින් යුක්තව, අනවශ්‍ය විකිරණ සහ රෝගී දෝෂ අවම කිරීම කෙරෙහිදී ඩීමෝ ඉහළ අවධානයක් යොමු කරයි. මෙහිදී විශේෂයෙන්ම ඩීමෝ තාක්ෂණික දියුණුවත් සමග ඇති වන සෞඛ්‍ය ප්‍රවණතා පිලිබඳ දේශීය සායනිකවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලැබේ.

නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය ඉහළ යන බව සංඛ්‍යාලේඛන හරහා ඔප්පු වී තිබේ. මෙවන් ප්‍රවණතාවන් හමුවේ වූ සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීමට අනාගත වෛද්‍ය ක්ෂේත්‍රය සෑම සම්පතකින්ම සන්නද්ධ විය යුතුය.  ඩීමෝ නියෝජනය කරන්නේ ගෝලීය තාක්‍ෂණයෙන් ඉදිරියෙන්ම සිටින සන්නාමයන් වන අතර, මෙම හවුල්කාරිත්වයන් හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා ඩීමෝ බලාපොරොත්තු වේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *