Latest News Sinhala

Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 දැන් වෙළඳ පොළේ

ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් FreeBuds මාදිලින් කිහිපයක්ම ශ්‍රී ලාංකීය වෙළද පොළට හදුන්වාදී ඇත. Huawei FreeBuds Pro , FreeBuds 3i සහ  FreeBuds 3 එම මාදිලින් අතර ප්‍රමුඛ වේ.

Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices) අතර විශේෂ තැනක් ගන්න උපාංගයක් ලෙස Huawei FreeBuds Pro නම් කල හැකිය. වේගවත් ජීවන රටවත් සමග වෙනස්වන පරිශීලක අවශ්‍යතා  හදුනා ගනිමින් මෙම FreeBuds Pro නවතම ශ්‍රව්‍ය උපාංග  හදුන්වා දී ඇති බව නොරහසකි. Huawei FreeBuds Pro , Active Noise Cancellation (ANC) තාක්ෂණය සහිත රැහැන් රහිත headset එකක්වන අතර මෙමගින් සංගීතයකට සවන්දීමත් , පැහැදිලි ඇමතුම් ලබා දීමත් යනාදී  අද්විතීය විශේෂාංග රැසක් ලබාදේ.Huawei FreeBuds Pro  ඉතා පහසුවෙන් පැලදී සිටිය හැකි අතර user-friendly විශේෂාංග රැසකින්ද සමන්විත වේ.

Huawei FreeBuds Pro යනු තාක්ෂණයේ නවමානයන් සොයා යන උපාංගයක් බව තවදුරටත් සනිටුවහන් කරමින් Intelligent Active Noise Cancellation (ANC)  ඉහල  තාක්ෂණයක් සමග  එන wireless earbuds තමන් සිටින පරිසරයේ ශබ්දයන් ස්වයංක්රීයව හදුනාගනිමින් පැහැදිලි  ශ්‍රවන  අත්දැකීමක් ලබා දීම සදහා ශබ්ද ත්‍රීවත්‍රාව වෙනස් කරමින් සුපැහැදිලි ශබ්ද සහ ඉහළ  තත්වයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලබාදේ.  FreeBuds Pro හි විවිධ ස්ථාන වලට සරිලන පරිදි සුවිශේෂී ශ්‍රවණ  මාදිලින්  ඇත. තාක්ෂණිකව වැඩි දියුණු කරන ලද බාහිර ශබ්ද අවලංගු කිරීම් (noise cancellation) සහිත Ultra mode මගින් පරිශීලකයාට ගමන් කරන අතරතුර සංගීතයේ රසවිදීමට ඉඩ සලසයි. Cozy mode මගින් වැඩ කරන ස්ථානය, පුස්තකාලය සහ වෙනත් නිහඩ ස්ථානයන්හි සියුම් ශබ්ද අවලංගු කිරීමෙන් ඔබේ අවධානය නොකැඩි පවත්වා ගැනීමට උපකාරී වන අතර General mode මගින් ජනාකීර්ණ ස්ථානවල වුවත් උසස් තත්ත්වයේ සංගීතය රසවිදීමට සඳහා Active Noise Cancellation (ANC) තාක්ෂණය භාවිතාකරගනු ලබයි.

සැහැල්ලු බරින් යුක්ත වන Huawei FreeBuds Pro  පරිශීලකයින්ට ඉහළ මට්ටමේ සුවපහසුවක් ලබා දෙන අතර කිසිදු අපහසුතාවකින් තොරව මෙම උපාංගය ඔවුන්ට දවස පුරා පැළඳිය හැකිවේ . Huawei FreeBuds Pro තෝරා ගැනීමට Buds ප්‍රමාණ  තුනකින් යුක්ත වන අතර, Tip fit test ටෙස්ට් භාවිතයෙන් කනට වඩාත් සුදුසු ප්‍රමාණය හදුනාගත හැකිය.Huawei FreeBuds Pro එක charge කිරීමකින් පැය 8 ක් දක්වා භාවිතා කල හැකි අතර (ANC ක්‍රියා විරහිතව) Charging Case එක සමග පැය 36 ක් දක්වා පවත්වා ගත හැක. Active Noise Cancellation (ANC) සක්‍රීය  කර ඇති විට එක charge කිරීමකින් පැය  3.5 ක් දක්වා ඇමතීම් ලබාගැනීමේ හැකියාවද පවතී.

Huawei FreeBuds Pro ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ වෙනත් උපාංගයක් සමඟ සම්බන්ධ කිරීම  එක් ක්ලික් කිරීමක් මගින් සිදුකරගත හැක. Huawei FreeBuds Pro ද්විත්ව උපාංග සම්බන්ධතාවයටද සහය දක්වයි, එමඟින් ටැබ්ලටයේ චිත්‍රපටයක් නරඹමින්  සිටින විට ක්ෂණිකව ස්මාර්ට් ජංගම දුරකතනයට මාරු වී ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.

FreeBuds 3i, යනු freebuds මාදිලින් අතර තවත් එක් කැපී පෙනෙන ස්මාර්ට් උපාංගයක් වේ.

අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම උපාංගයක් ලෙස හැඳින්විය හැකිය.  දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී බෝහෝ දෙනෙකුට ගැටළුවක්ව පවතින බාහිර ශබ්ද අවම කිරීමේ ගැටලුවට කදිම පිළියම් සපයමින්  Huawei FreeBuds 3i වෙත ද්විත්ව සහ ත්‍රිත්ව මයික්‍රෆෝන් ශබ්ධ අවම කිරීමේ විශේෂාංගය ඇතුළත් කර ඇති අතර ඒ හරහා 32dBක්  දක්වා බාහිර ශබ්ධ අවම කිරීමට හැකියාව පවතී.   වෙනත් තරඟකාරී නිෂ්පාදන හා සැසඳීමේ දී මෙය ඉතා ඉහළ බාහිර ශබ්ධ අවම කිරීමේ අගයකි. මේ හරහා පරිශීලකයාට වඩාත් පැහැදිළි ලෙස ඇමතුම් ලබා ගැනීමේ ඉඩකඩ හිමිවේ. 

Huawei FreeBuds 3i පවතින තවත්  සුවිශේෂී අංගයක් ලෙසින් smart touch control ක්‍රමවේදය හැඳින්විය හැකිය. ඒ හරහා  FreeBuds 3i උපාංගය ස්පර්ශ කිරීමේදී, පරිශීලකයින්ට ශබ්දය අඩු වැඩි කිරීම මෙන්ම එය සක්‍රිය හෝ අක්‍රිය කිරීමද සිදු කළ හැකිය. තවද  ඒ මත දෙවරක් ටැප් කිරීම මගින් සංගීතය නාද කිරීමට හෝ නැවැත්වීමටද, ඇමතුම්වලට පිළිතුරු දීමටද පරිශීලකයින්ට හැකියාව පවතී. එමෙන්ම උපාංගය කණෙන් ඉවත් කරන විට සංගීතය ස්වයංක්‍රීයව නතර වන අතර, නැවත එය පැලඳ ගන්නා විට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමද සිදු වන අතර, FreeBuds 3i උපාංගය ඇසුරුමෙහි රැඳවූ විට standby mode වෙත මාරු වේ.

බරින් ග්‍රෑම් 5.4 ක් පමණක් වන Huawei FreeBuds 3i පරිශීලකයාට පැළඳීමට පහසු සැහැල්ලු උපාංගයකි. එමෙන්ම, පරිශීලකයින් හට එය ඕනෑම තැනක ගෙන යාම පහසු වනු පිණිස, එහි charging case 51g ක තරම් සැහැල්ලු බරකින් නිමවා තිබේ. පහසුවෙන් මහපට ඇඟිල්ලෙන් හැසිරවිය හැකි පරිදි එහි power button දකුණු පසින් පිහිටා ඇත. තවද උපාංගයේ ඇතුළත සහ පිටත indicator light පිහිටා ඇති අතර එමගින් බැටරි ධාරිතාවය පිළිබඳ දැනුම් දීම් සිදු කරනු  ලබයි. 

Huawei FreeBuds 3i  උපාංගය Huawei ස්මාර්ට් ජංගම දුරකතනයක් අසල සිට, pairing mode වෙත මාරු වූ විට, උපාංගය හා සම්බන්ධ කිරීමට අවසර ඉල්ලා Huawei ස්මාර්ට් ජංගම  දුරකතනයට ක්ෂණික දැනුම් දීමක් ලැබේ.  පළමු pairing,  කිරීමෙන් පසුව, පරිශීලකයා charging case විවෘත කරන සෑම අවස්ථාවකම උපාංගය ස්වයංක්‍රීයව සම්බන්ධ වේ. ඒ සෑම අවස්ථාවකම පරිශීලකයාගේ පහසුව සඳහා notifications ස්මාර්ට් ජංගම දුරකතනයට ලැබේ.

එමෙන්ම, Huawei FreeBuds 3i මගින් එක් charging වාරයකින් අඛණ්ඩව පැය 3.5 ක කාලයක් සංගීතය රස විඳීමට ඉඩ සලසා තිබේ. පුළුල් පරාසයක විහිදෙන පරිශීලක අවශ්‍යතා සපුරාලීමටද එය ප්‍රමාණවත් වේ. FreeBuds 3i උපාංගයෙහි මතුපිට ප්‍රදේශය high-gloss ආලේපනයකින් යුක්තව නිමවා තිබීම හේතුවෙන්, පරිශීලකයින්ගේ සිත් ඇද ගන්නට සමත් උපාංගයකි.

 Freebuds මාදිලින් අතර ප්‍රමුඛත්වයක්  ගන්නා FreeBuds 3 ද බොහෝ දෙනා අතර ඉහල ඉල්ලුමක් දිනා ඇත. Freebuds 3 හි Smart Wireless Charging පහසුකම සහ පැය 20කට අධික කාලයක් නොනවත්වා ඇමතුම් සහ සංගීතයට සවන්දීමේ හැකියාව සහිත බැටරි ආයු කාලය සුවිශේෂී වන අතර එහි වම් පස earbud එක tap කිරීම හරහා සුවිශේෂී intelligent active noise-cancellation පහසුකම ක්‍රියාත්මක කළ හැක. තවද මෙහි ඇමතුම් ලබා ගැනීම පහසු කරන Bone Voice ID පහසුකම බාහිර ශබ්ද හමුවේ පරිශීලකයාගේ ශබ්දය ඉතා පැහැදිළිව ඇසීමට අවශ්‍ය පහසුකම් සලසයි. දුරකතන ඇමතුම් ඉතා පහසුවෙන් සහ පැහැදිළි ලෙස ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සහ විශේෂාංග රැසක් සමගින් එන Huawei Free Buds 3 අනිවාර්යෙන්ම වෘත්තිකයින්ගේ කාර්යන් පහසු කරනු ඇත. 

Huawei FreeBuds Pro රු. 34,499.00 මිළකට සහ Huawei FreeBuds 3i රු. 22999.00 මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *