Latest News Sinhala

5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y6P

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව මෑතකදී වෙළඳ පොළට දියත් කරන ලද Huawei Y6P සියළුම තරඟකාරී ස්මාර්ට් දුරකථන සඳහා විශාල අභියෝගයක් එක්කර ඇත.  එයට ප්‍රධාන හේතුව නම් මෙම මිල පරාසයේ ඇති වැඩිම storage සහිත ස්මාර්ට් දුරකථනය Huawei Y6P වීමයි. 4GB RAM + 64GB storage සහිතව නිපදවා ඇති Huawei Y6P තුළින් පරිශීලකයින්ට ඇති තරම් දත්ත ප්‍රමාණයක් කිසිඳු අවහිරතාවයකින් තොරව ගබඩා කර ගැනීමේ හැකියාව හිමි වීම සුවිශේෂී වේ. තවද මෙම මාදිලියේ දුරකථනවල ඇති තවත් එක් සුවිශේෂී විශේෂාංගයක් වනුයේ එහි 5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයයි.

වැඩි වේලාවක් ස්මාර්ට් දුරකථනය හා ක්‍රියාකරන පරිශීලකයින්ට  සුභ ආරංචියක් රැගෙන එමින් 5000mAh බැට්‍රියක් Huawei Y6P හා අන්තර්ගත කර තිබීම නිසා නිතර නිතර charge කිරීමේ ගැටළුව දැන් ඇති නොවේ. ඕනෑ තරම් වේලාවක් Games internet browsing, social media browsing,  videos නැරඹීම  සහ සංගීතයට සවන්දීම ඇතුළු කාර්යන් රැසක්  Huawei Y6P හරහා  දැන්  බාධාවක් නොමැතිව සිදු කර  හැකිය.  වෘත්තීය ජීවිතයේ කාර්යන් සඳහා වූවද Huawei Y6P වඩාත් සුදුසුම ස්මාර්ට් දුරකථනය වනුයේ කාර්යබහුලත්වයත් සමග නිතරම දුරකථනය charge කිරීමට සිදු නොවීම නිසාය. 

ගෙවන මුදලට උපරිම තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම ලබා දෙන Huawei Y6P සඳහා දැනටත් වෙළඳ පොළේ විශාල ඉල්ලුමක් පවතී.  4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p හි තවත් එක් ප්‍රධාන විශේෂත්වයක් වනුයේ එහි ත්‍රිත්ව කැමරා පද්ධතියයි. 13mp ප්‍රධාන කැමරාවකින්, 5mp wide-angle කැමරාවකින් සහ 2mp depth කැමරාවකින් සමන්විත Huawei Y6p ජංගම දුරකථන ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන්නන් සඳහාම නිපදවා ඇති බව කිව හැකිය.

විශාල ගණනක් ඇප්ස් එක් රැස් කර ගනිමින් නිර්මාණය වුණු, Huawei App Gallery අද වන විට ලොව පුරා පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීමක් වෙමින්, ලොව ප්‍රධානම App Stores ත්‍රිත්වය අතරට පැමිණ ඇත. Huawei AppGallery, සහිතව වෙළෙඳ පොළට නිකුත් වුණු නවතම Huawei උපාංගය ලෙසින් එළි දක්වා තිබෙන්නේ Huawei Y6P ස්මාර්ට් ජංගම දුරකතනයයි. App Gallery හරහා පරිශීලකයාට අවශ්‍ය Apps රැසක් ඉතාමත් කඩිනමින් සහ ආරක්ෂිතව ඩවුන්ලෝඩ් කර ගැනීමේ අවස්ථාව හිමිවේ. 

Huawei AppGallery වෙතින් ඩවුන්ලෝඩ් කරගත නොහැකි ඇප් එකක් ඇත්නම්, Huawei පරිශීලකයින්ට පහසුවෙන් එම ඇප්ද ඩවුන්ලෝඩ් කර ගැනීමට, මේ වන විටත් ජනප්‍රිය search engine එකක් වන Petal Search ද Huawei AppGallery හි අන්තර්ගත වේ. AppGallery වෙත ප්‍රවේශ වී Petal Search – Find Apps ලෙස search කිරීමෙන් ඉතාමත් පහසුවෙන් ජංගම දුරකතනය වෙත Petal Search ඩවුන්ලෝඩ් කර ගත හැකිය. Petal Search මගින් පරිශීලකයින්ට app හෝ game ඩවුන්ලෝඩ් කර ගැනීමේදී පහසු හා කඩිනම් පරිශීලක අත්දැකීමක් ලබා දේ. එමෙන්ම, එමගින් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට apps මිලියන ගණනක්ද එහි පවතී. phantom purple, emerald green සහ midnight black ඇතුළු අලංකාර වර්ණ ත්‍රිත්වයකින් ඔබ වෙත එන Huawei Y6P, රුපියල් 27,999 ක් වැනි ඉතා අඩු මිලකට දැන් මිලදී ගැනීමේ හැකියාව පවතී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *