Latest News Sinhala

බිග් බෑඩ් වුල්ෆ්, පෙරටත් වඩා තුන් ගුණයක පොත් රැගෙන ඔන්ලයින් මගින් ශ්‍රී ලාංකික පාඨකයින් හමුවට එයි

ලොව ජනප්‍රිය මෙන්ම, දුර්ලභ ගණයේ පොත් මිලියන ගණනක් රැගෙන වසරක් පාසා ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත එන බිග්බැඩ් වුල්ෆ්, අඛණ්ඩව 4 වැනි වතාවට මෙවරද ජාත්‍යන්තර පාඨකයින් රස විඳින මිලයන ගණනක පොත් ගොන්නක් සමගින් පැමිණෙයි. ඒ අඛණ්ඩව වසර ගණනක් තිස්සේ ම පොත් ලෝලීන් තුළ සිය කියවීමේ අභිලාශයන් දල්වමින්, බිග් බෑඩ් වුල්ෆ් ලොව පුරා යන ගමන කිසිදු අභියෝගයකින්  නැවැත්විය නොහැකිය යන විශ්වාසයද පාඨකයින් තුළ දනවමිනි. ඒ අනුව පෙරට වඩා තුන් ගුණයක අති විශාල පොත් ගොන්නක් රැගෙන, බිග් බෑඩ් වුල්ෆ් නොබෝ දිනකින්ම ශ්‍රී ලාංකීය පාඨකයින් හමුවට ඒමට නියමිතය.

අද වන විට පැතිර ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, ලොව පුරාම පොත් ප්‍රදර්ශන මෙන්ම උත්සව හා ප්‍රසංගද අණහිට ඇති කාලයක, බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ මෙවර පැමිණීම පිළිබඳ ශ්‍රී ලාංකික පොත් ලෝලීන් තුළ කුකුසක් පැවතිණි. එහෙත් බිග්බෑඩ් වුල්ෆ් එම ගෝලීය අභියෝගය ජය ගනිමින්, පෙරටත් වඩා තුන් ගුණයක පොත් ගොන්නක් සමගින් මෙවර ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් හමුවට ඒමට තීරණය කර තිබීම ප්‍රශංසනීය කාරණයකි. ඒ, පවතින සෞඛ්‍යමය අභියෝග හමුවේ මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්විය හැකි හොඳම අවකාශය වන අන්තර්ජාල අවකාශය භාවිත කරමින්, ‘ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක්´ ලෙසිනි. ඒ අනුව දිවයින පුරා විසීරී සිටින බිග් බෑඩ් වුල්ෆ් රසිකයින්ට නුදුරේදීම පැවැත්වෙන ඔන්ලයින් ප්‍රදර්ශනයට එක් කරන, මිලියන ගණනක් වන ඉංග්‍රීසි පොත් අතරින් තමන් ප්‍රිය කරන පොත් 50%- 90 දක්වා වන වට්ටම් සහිතව මීලදී ගැනීමේ අවස්ථාව මෙවර උදා වෙයි.

ශ්‍රී ලාංකික පොත් ලෝලීන් වෙත වසරක් පාසා මෙම අත්දැකීම තිලිණ කරමින් සංවිධානය කරන මෙකී කටයුත්ත සඳහා මෙම වසරේද, බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘ ඇන්ඩෘ යැප් හා ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රි යන මහත්වරු උර දී සිටිති.

අඛණ්ඩව තුන් වතාවක් කොළඹ පැවති, පොත් ප්‍රදර්ශනයට බාධා පමුණුවමින්, ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලොව පුරාම සංවිධානය කර තිබූ උත්සව, ප්‍රසංග හා ප්‍රදර්ශන නැවැත්වීමට පියවර ගැණිනි. පවතින තත්ත්වට හමුවේ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ප්‍රදර්ශන තවත් වසර ගණනාවකට කල් ගොසිනි. එවැනි තත්ත්වයක් යටතේ, ස්වකීය පොත් ලෝලීන් වෙත ආරක්ෂිත අන්දමින් පොත් ළඟ කරලීමේ බිග් බෑඩ් වුල්ෆ් වෑයම, ජයගත නොහැකි අභියෝගයක් වශයෙන් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. එහෙත් සියලු අභියෝගයන් ජය ගනිමින්, පෙර නොවූ විරූ අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙමින්, බිග් බෑඩ් වුල්ෆ් 4 වැනි වතාවට ශ්‍රී ලාංකීය රසිකයින් හමුවට ඒමේ වෑයම නොබෝ දිනකින්ම පල දැරීමට නියමිත බව බිග් බෑඩ් වුල්ෆ් සංවිධාකයෝ ශ්‍රී ලාංකීය බිග් බෑඩ් වුල්ෆ් රසිකයින් වෙත සතුටින් දැනුම් දෙයි. ලොව සෑම අයකු වෙතම එක හා සමානව දැනුම ළඟා කර ගැනීමේ ක්‍රම විවර විය යුතු යැයි විශ්වාස කරන බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම සෑම අයකු වෙතම ළඟා කර දෙන දැනුම විශ්වීය දැනුමක් විය යුතු බවද පසක් කරමින්, ශ්‍රී ලාංකීය පාඨකයින් වෙත පහසුවෙන් ළඟා නොවන එම විශ්වීය දැනුම වසරක් පාසා මෙලෙස ගෙන එන්නට සමත් ව සිටියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකවාසීන් මෙන්ම, ශ්‍රී ලාංකිකයින්ද දෛනික සුපුරුදු ජීවන පැවැත්ම පවත්වාගෙන යාමට නොහැකිව විකල්ප සෙවීමට ගත් උත්සාහයන් පල දරා තිබුණේ, දෛනික කටයුතුවල විශාල පරිවර්තනයන් සිදු කරමිනි. එමෙන්ම, ලොව බොහෝ රටවල් මෙන් නොව, කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමටද මෙරටට හැකිව තිබේ. ජනතාව කොවිඩ් 19 හා සටන් වදිමින් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තබා සිටින කාලයක, බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය මෙලෙස ඔන්ලයින් මගින් ගෙන ඒම, ජනතාව තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමටද හේතුවක්ව තිබේ.   

“මෙය අප සියල්ලන්ටම අභියෝගාත්මක කාලයක්. කොවිඩ් අවදානම හමුවේ දෛනිත කටයුතු සඳහා සාර්ථකව මුහුණ දීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඊ- වාණිජ්‍ය ක්‍රම වෙත යොමු වුණා. මෙවැනි අවස්ථාවක හොඳම සහ ආරක්ෂිත විකල්පය වන්නේත් එයයි. ඒ වුණත් අන්තර්ජාලය මගින් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමත්, මිලදී ගන්නා පොත් පාඨකයින් වෙත ලබා දීමත් අභියෝගාත්මක කටයුත්තක්. එවැනි කාර්යයක් කොතෙක් දුෂ්කර වුවත්, ලොව විශාලතම පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයින් වශයෙන් අඛණ්ඩව අප හා සිටින බිග් බෑඩ් වුල්ෆ් රසිකයින්ගේ බලාපොරොත්තු සුන් කිරීමට අපට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මේ වසරේ කෙසේ හෝ එය පැවැත්වීමට අපි තීරණය කළා.” බිග් බෑඩ් වුල්ෆ් සම-නිර්මාතෘ ඇන්ඩෘ යැප් මහතා සඳහන් කරයි.

මෙවර ද දැරිය හැකි පහසු මිලකට පොත් රැසක් සමගින් පාඨකයින් හමුවට එන බිග් බෑඩ් වුල්ෆ්, ශ්‍රී ලංකාව පුරාම විසීරී සිටිනා පාඨකයින්ගේ දොරකඩට එම පොත් තිලිණ කරන්නේ ඉහළම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සිදු කෙරෙන බෙදා හැරීමේ ක්‍රමවේදයක් මගිනි. පාඨකයින් මිලදී ගන්නා සෑම පොතක්ම ඇසුරුම් කිරීමට ප්‍රථමයෙන් විෂබීජානුහරණය  කිරීමට පියවර ගන්නා බවද  සහතික කෙරේ.

“කොවිඩ් 19 වසංගතය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපි ඉතාමත් අගය කරනවා. ඒ සඳහා කැපවී ක්‍රියා කළ රජයට හා සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රශංසා කිරීමටත් අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. තවදුරටත් ඉහළම සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින්, නිවසට වී සිටින අතරතුර ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මගින් බිග්බෑඩ් වුල්ෆ් ලෝලීන්ට ‘දැවැන්ත හා ප්‍රශස්ත´ පොත් ප්‍රදර්ශන අත්දැකීමක් තිලිණ කිරීම අපගේ වෑයමයි.” යනුවෙන් බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘ ඇන්ඩෘ යැප් මහතා වැඩිදුරටත් පවසයි.

තවදුරටත් මුළුමනින් පහව නැති කොවිඩ් වසංගත තත්ත්වය යටතේ, දහස් ගණනක් පාඨකයින් රැස් කරමින් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීම ඉතා අවදානම් කටයුත්තකි. බිග් බෑඩ් වුල්ෆ් පාඨකයින් අවදානමේ නොදමා දිය හැකි හොඳම විසඳුම ලෙස පැවැත්වෙන, ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය සැබැවින්ම ප්‍රශංසනීය කටයුත්තකි. මෙවර ප්‍රදර්ශනය අන්තර්ජාලය මගින් පැවැත්වීම හේතුවෙන් පාඨකයින්ට ප්‍රදර්ශන භූමියක් කරා ගමන් කිරීමෙන් තොරව, ප්‍රවාහනය ගැන හෝ ආරක්ෂාව ගැන කරදර වීමෙන්  තොරව මෙන්ම, සනීපාරක්ෂක ද්‍රව්‍ය භාවිතයකින් හෝ මුඛ ආවරණ පැළදීමකින් තොරව, පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීමේ අත්දැකීම විඳ ගත හැකිය. ඒ හේතුවෙන්, මෙවර බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය දිවයින පුරාම විසිරී සිටිනා පොත් ලෝලීන් දහස් ගණනකට කිසිදු කරදරයකින් තොරව, එකවර මිලියන ගණනක පොත් අතරින් තමන් කැමති පොත් මිලදී ගැනීමට සැලසෙන ප්‍රශස්ත අත්දැකීමක් බව නිශාන් වාසලතන්ත්‍රි මහතා සඳහන් කරයි. ලංකාවේ සතර දිග්භාගයේම සිටිනා බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන්ට සිය පවුලේ අය සමග නිවසේ සිට හෝ මිතුරන් සමග කාර්යාලයේ හෝ කුමන ස්ථානයක සිට හෝ පොත් ප්‍රදර්ශනයට සහභාගි වීමේ ප්‍රවේශ අවස්ථාද ඔන්ලයින් ප්‍රදර්ශනයේ පවතී. තවද, මෙවර ප්‍රදර්ශනය සමගින් පාඨකයින් වෙත ප්‍රවේශ වන Book Pools හෝ Book Lover’s Get Together/Night මගින්  ඔන්ලයින් බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශන අත්දැකීම අපූරු අත්දැකීමක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතී. පාඨකයින්ට අන්තර්ජාලය මගින් පොත් තෝරා ගැනීම පහසු කරලීම පිණිස, Search විසඳුම්ද ඔන්ලයින් ප්‍රදර්ශන අවකාශය ඔස්සේ පිරි නමා තිබේ. පොත් ලෝලීන්ගේ රුචිකත්වය අනුව තෝරා ගත හැකි පරිදි කාණ්ඩ ගණනාවක් ඔස්සේ පොත් වර්ගීකරණය කර තිබීමද වඩාත් පහසුවකි.

වැඩිදුරටත් අදහස් දක්වමින් නිශාන් වාසලතන්ත්‍රි මහතා සඳහන් කරන්නේ, බිග් බෑඩ් වුල්ෆ් වසරක් පාසා පිරිනමන වැඩිම වට්ටම් හැරුණු විට, තත්පර කිහිපයක් තුළ පොත් මිලියන ගණනක් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව පාඨකයින් අමන්දානන්දයට පත් කරමින් ඔවුන් ඒ වෙත ආකර්ෂණය කර ගනු ඇති බවයි.

මින් පෙර බිග් බෑඩ් වුල්ෆ් පැවති තුන් වතාවේම, පොත් ප්‍රදර්ශන පරිශ්‍රය මහ ජන ගඟකින් උතුරා ගියේ, දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඒ වෙත පැමිණි පොත් ලෝලීන්ගෙනි. එය මෙවර ඔන්ලයින් මගින් පැවැත්වීම හේතුවෙන්, දිවයිනේ උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සිවු දිසාවෙන්ම එකවර දහස් ගණනකට පොත් ප්‍රදර්ශනය සමගින් එකතු විය හැකි අතර, ඒ සඳහා ගමන් වියදම් වැය නොවේ. වැය වන්නේ, අන්තර්ජාලයට ප්‍රවේශ වී පොත් මත ‘ක්ලික්´ කිරීමට වැය වන කාලය පමණි. එමෙන්ම, එය ඔන්ලයින් මගින් පැවැත්වීම හේතුවෙන් පෙර වතාවල මෙන් නොව, එමෙන් තුන් ගුණයක සුවිසල් පොත් ගොන්නක් වෙත සැණින් ප්‍රවේශ වීමට පොත් ලෝලීන්ට හැකියාව සැලසේ. බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය මගින් ඇණවුම් කරන රු. 7.999 ක් දක්වා වන සෑම මිලදී ගැනීමක් සඳහාම පාඨතයින් හට ගෙවීමට සිදු වන්නේ රට අභ්‍යන්තර කුරියර් ගාස්තු පමණක් වීම ඔවුනට සැලසෙන මනා පහසුවකි. රු. 8000 ට වැඩි මිලදී ගැනීම් සඳහා කිසිදු කුරියර් ගාස්තුවක් අය නොකිරීමද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

මෙවර බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයට සහභාගී වී වෙනස් ම ආකාරයේ බිග් බෑඩ් වුල්ෆ් අත්දැකීමක් විඳ ගන්නා ලෙසින් සංවිධායක මණ්ඩලය දිවයින පුරාම විසිරී සිටිනා බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් වෙත සතුටින් ආරාධනා කරයි.

වැඩිදුර විස්තර සඳහා  http://www.bigbadwolfbooks.lk/, වෙබ් අඩවිය,  https://facebook.com/bbwbookssrilanka ෆේස්බුක් පිටුව මෙන්ම https://www.instagram.com/bigbadwolfbooks_lk.ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමද විවෘතය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *