හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්, කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ Universal College of Lankaහි සීමාවාසිකයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 260ක ප්‍රමාණයක් රැස් කෙරිණි. පරිසර සංරක්ෂණය සහ ප්ලාස්ටික් බැහැර කිරීම වගකීම් සහගතව සිදු කිරීම පිළිබඳව දැනුවත් භාවය ලැබීමට මෙම වැඩසටහන අගනා අවස්ථාවක් විය. වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම, ප්‍රජාව විසින්ම මෙහෙයවන වෙරළ සංරක්ෂණ කටයුතු ඔස්සේ සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ අරමුණු කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම සඳහා Clean Ocean Force සමඟ ඇති මෙම සහයෝගීතාව හේමාස් සමූහය විසින් සැලසුම් කරන ලද දැවැන්ත පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි.
Related Articles
ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ යටිතල පහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් Huawei සමාගම රේගු හා වරාය කටයුතු ආශ්‍රිතව ස්මාර්ට් සේවාවන් දියත් කරයි
Huawei සමාගම විසින් පසුගියදා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරායසේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදුකෙරිණි. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ Huawei සමාගම රේගු හා වරායසේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් නව සේවාවන් රැසක් හඳුන්වා දී ඇත. ආසියා පැසිෆික් කලාපයට අදාළය රේගු හා […]
පැල්වත්ත කිරි සමාගම Keells සමග එක්ව බටර් සඳහා සුවිශේෂී දීමනාවක් පිරිනමයි
පැල්වත්ත කිරි සමාගම Keells සුපිරි වෙළඳ සැල් ජාලය සමඟ එක්ව පැල්වත්ත ලුණු සහිත බටර් සඳහා 2021 දෙසැම්බර් 01 සිට 31 දක්වා 15%ක සහනදායී වට්ටමක් ලබා දෙමින් දෙසැම්බර් උත්සව සමය වඩාත් වර්ණවත් කරයි. පැල්වත්ත කිරි සමාගමේ නව්‍ය වෙළඳ නාලිකා කළමනාකාර චමින්ද පතිරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දෙසැම්බර් උත්සව සමය යනු මුළුතැන්ගෙය සිනහවෙන් හා […]
Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ
Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය […]