Latest News Sinhala

JCSL සාමාජිකයින් “Call of the Wild” ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද “Call of the Wild” ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. JCSL සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් යුත් කණ්ඩායමක්  මෙම ගවේෂණ චාරිකාවකටසහභාගී විය.

මෙම ගවේෂණ චාරිකාවේ පළමු දිනය යාල 5 වැනි කොටස සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ලෙසින් ප්‍රසිද්ධියට පත් යාල 6 වැනි කොටස ගවේෂණය කිරීමෙන් ගතවූ අතර ගවේෂණ චාරිකාවේ දෙවන දිනය වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ වලින් බහුල ප්‍රදේශයක් වන යාල 1 වැනි කොටස තුළ ගතකළ ඔවුන්ට වනජීවී අධිකාරිය සහ JCSL හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් ස්වභාවධර්මයට අවම බාධාවක් වන පරිදි වගකීමෙන් රිය පැදවීම උදෙසා කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන ලදී.

“Call of the Wild” ගවේෂණ චාරිකාව සඳහා Jeep Wrangler, Jeep Grand Cherokee සහ  Jeep Cherokee ඇතුළත් විය.

JCSL හි සභාපති හරීන් ද සිල්වා මහතා, ගවේෂණ චාරිකාවෙහි සාර්ථකත්වය පිළිබඳව සිය සතුට පළ කළේය. ඉදිරියේදීත් මෙවැනි ගවේෂණ සංවිධානය කිරීමට JCSL කටයුතු කරන බවට ඔහු ප්‍රකාශ කළේය.

Jeep ලෝලීන් රැසකගෙන් සමන්විත JCSL හි අරමුණ, සොබාදහමේ කෙරෙහි ඇල්මක් ඇති සිය සාමාජිකයින් හට නැවුම් අත්දැකීමක් ලබා දීමය.

JCSL හි සාමාජික රොෂාන් විජයරත්න මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන් දැක බලා ගනිමින් සිදු කරන ලද මෙම ගවේෂණ චාරිකාවටසහභාගී වීමට ලැබීම සැබවින්ම අමතක නොවන අත්දැකීමක්. ශ්‍රී ලංකාවේ ජීප් සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන DIMO වෙතද මම මේ අවස්ථාවේදී මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.”

Jeep සඳහා නිවහන ලෙස හැඳින්වෙන සහ Jeep සඳහා  ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, සහභාගී වූ සියලුම දෙනාට බාධාවකින් තොර නැවුම් අත්දැකීමක් සහතික කිරීමේ අරමුණින් යුතුව තාක්ෂණික සහය ඇතුළුව ජීප් කාර්ය සාධන මධ්‍යස්ථානය හරහා සේවා සහය ද ලබා දෙන ලදී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *