Latest News Sinhala

දේශීය ආරම්භක ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර අරමුදල් සහයෝගය වෙනුවෙන් Hatch මඟපෙන්වයි

දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින්  Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී Silicon Valley ආයෝජක Tim Draper විසින් Hyperglade වෙත ඇ.ඩොලර් මිලියන 350,000 අරමුදල් දායකත්වයක් ලබාදීම සුවිශේෂි කටයුත්තක් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිබල ගන්වන සමෘද්ධිමත් ආරම්භක පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් Incubator සහ Accelerator වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් මෙරට දේශීය ව්‍යවසායකත්වය බලගැන්වීමට Hatch කටයුතු කරමින් සිටින අතර,    ව්‍යවසායකයින් ආර්ථික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන බවත්, සහයෝගීතාව සෑමවිටම නව්‍යකරණයන් නිර්මාණය කරන බවත්, පසුබිම කුමක් වුවත් ලෝකය වෙත  අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සෑම කෙනෙකුට ම අවස්ථාව ලබා දිය යුතු බවත්, ඔවුන්ගේ අදහසයි.

2023 ආරම්භයේදී, Hatch විසින් ශ්‍රී ලංකාවේ ඉහළම ව්‍යවසායක කුසලතාවයන් බලගැන්වීමේ මාවත විවර කළ හැකි ආකාරය ඉස්මතු කිරීමට ‘Sri Lanka: Troubled Nation to Startup Nation’ නමින් මුලපිරීමක් දියත් කරන ලදී. මෙම වැඩසටහනේ පළමු කොටස ලෙස සුප්‍රසිද්ධ Silicon Valley ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන Draper Fisher Jurvetson හි නිර්මාතෘ Tim Draper, කොළඹ Hatch මුලස්ථානය  වෙත පැමිණි අතර  එහිදී  ආරම්භක ව්‍යාපාර ව්‍යවසායකයින් සමඟ සම්බන්ධ වීම  මෙන්ම ගෝලීය ජනතාව වෙත සිය අදහස් ලබාදීමට “Meet the Drapers”නමින් රූපවාහිනී වැඩසටහනක් ද දියත් කරන ලදී.

BlockChain සහ Web3 යනු සංක්‍රමණ විසඳුම් පිළිබඳ විශේෂඥ Hatch හි ප්‍රජා ආරම්භක ව්‍යාපාරයක් වන අතර එහිදී Hyperglade වෙත Draper Associates හරහා ඩොලර් 350,000 (රුපියල් මිලියන 112) ලබාදෙන ලදී. Hyperglade මීට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම තනි NFT වෙන්දේසිය පැවැත්වීමේ කලාපීය පුරෝගාමීන් බවට පත්වීය. මෙම වෙන්දේසිය තවත් ප්‍රජා සාමාජිකයෙකු සමඟ  සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලද අතර Hatch එ් වෙනුවෙන් සිය සත්කාරකත්වය දරන ලදී.

Hatch විසින් සිය විවිධ ආරම්භක පුර්ව ලියාපදිංචි තක්සේරු කිරීම් හරහා ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර ව්‍යවසායකයින් වෙනුවෙන් සේවය කරනු ලබයි. එහි තවත් කැපී පෙනෙන වැඩසටහනක් වන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සහයෝගීව ක්‍රියාත්මක වන AccelerateHER වැඩසටහනයි. AccelerateHER යනු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති හොඳම කාන්තා කේන්ද්‍රීය වැඩසටහනකි. මෙම වැඩසටහනට සමගාමීව, Hatch විසින් එහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ස්මාර්ට් අරමුදලක් වන HERCapital වැඩසටහන හරහා ද කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. HERCaptial වැඩසටහන පිළිබඳව Hacth හි ප්‍රධාන විධායක නිලධාරී හා සම නිර්මාතෘ බ්‍රින්දා සෙල්වදොරේ – ඥානම් මෙසේ සිය අදහස් දක්වන ලදී. “HERcaptial වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට උපකාර කිරීම වගේම එමඟින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයන් අවම කිරීමයි” මෙම වැඩසටහනේ කොටසක් ලෙස AccelerateHER වැඩසටහනේ පළමු කණ්ඩායමෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද උපාධිධාරීන් දෙදෙනෙකුට HERCapital වෙතින් අරමුදල් පරිත්‍යාගයක් සිදුකරන ලදී. මෙරට ප්‍රාදේශීය ජනගහනයෙන් 50% කාන්තා නියෝජනය සහිත පසුබිමක ආයෝජන සඳහා නිසි පරිසර පද්ධතියක් නොමැති කමින් සමස්ත ජනගහනයෙන් 25% කාන්තා කොට්ඨාසයක් පමණක් ව්‍යවසායිකාවන් බවට පත්වී තිබේ. මෙම Hatch හි ඇක්සලරේටර් වැඩසටහන සහ ව්‍යාපාරික උපදේශනය හරහා  කාන්තා ව්‍යවසායකයින්ට ආර්ථික සංවර්ධනයට දායක වීමට හැකි වන පරිදි වඩාත් ඇතුළත් පරිසරයක් පෝෂණය කරන බව පෙන්වා දිය හැකිය.

මෙරට ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක පරිසර පද්ධතිය මෙන්ම  ඩිජිටල්  ව්‍යවසායකයින්ගේ නිවහන බවට වර්තමානය වනවිට Hatch පත්ව තිබේ. එහිදී අද්විතීය අත්දැකීම් සහිත පැකේජ ලබා දෙනු ලබන Feelo තවත් සමාජිකයෙකි. මාස හතරකට පෙර ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය මේවනවිට සැලකිය යුතු පාරිභෝගික පදනමක් අත්පත් කරගෙන ඇති අතර එහි පළමු ආයෝජක හවුල්කාරිත්වය ද නිවේදනය කළේය. Feelo හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී – Ondrej Lang මහතා පවසා සිටියේ සමස්ත දකුණු ආසියානු වෙළඳපොළටම බලපෑම් කළ හැකි ශ්‍රී ලාංකේය සමාගමක් ගොඩනැගීම ඔහුගේ අරමුණ වන බවයි.

තිරසාර ව්‍යාපාර වර්ධනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කුසලතා සහ සම්පත් දේශීය ව්‍යවසායකයින්ට ලබා ගැනීම සඳහා කදිම වර්ධන පරිසරයක් ලෙස Hatch වෙතින් සාර්ථක වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. Silicon Valley වැනි ව්‍යාපාරික දැවැන්තයන්ගෙන් අරමුදල් ලබා ගැනීමට පහසුකම් සැලසීමේ සිට කාන්තා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ගෝලීය පරිසරයට රැගෙනයෑමට ප්‍රාග්ධනය සැපයීම දක්වා මානසිකත්වයක් වර්ධනය කිරීමට Hatch සමාගමේ මුලික අභිප්‍රායයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *