Latest News Sinhala

vivo, UEFA EURO 2020™ තරගාවලිය වෙනුවෙන් “To Beautiful Moments” දියත් කරයි.

ලෝව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo , UEFA EURO 2020™ පාපන්දු තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස අනුග්‍රාහකත්වය සපයමින් “To Beautiful Moments” ප්‍රවර්ධන වැඩ සටහන හරහා සිය ගෝලීය ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කර ගනී.

vivo, UEFA EURO 2020 තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස තරඟාවලිය අතරතුර සෑම සුන්දර මොහොතක්ම ලොව වටා විහිදී පැතිරී සිටින පාපන්දු ලෝලීන්ට භුක්ති විඳීමට සැලැස්වීම vivo හි බලාපොරොත්තුවයි. එහිදී තම පරිශීලකයින්ට ඇදහිය නොහැකි අත්දැකීම් ලබා දීමේ දැඩි ආශාවකින් යුතුව vivo දුරකථනය හරහා මෙන්ම ඉන් පිටතදී ද ක්‍රීඩාව වටා ඇති ප්‍රීතිය වැඩි දියුණු කරමින් ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන ඒමට අනුග්‍රාහක වේදිකාව මෙහෙයවනු ලබයි. අද දින එළිදැක්වෙන “To Beautiful Moments” ව්‍යාපාරයේ දී, vivo ලොව වටා ජනතාව, පවුලේ අය සහ සෙසු රසිකයන් සමඟ සැබවින්ම සම්බන්ධ කරවීම මගින් හෝ සුන්දර ක්‍රීඩාව කෙරෙහි ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු කරවීම මගින් යන සෑම අතින්ම ප්‍රීතිය ගෙන එනු ඇත.

vivo හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී, ස්පාක් නි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “ලොව පුරා ජනතාව ඉතා උනන්දුවෙන් සහ අශාවෙන් මෙම තරඟාවලිය දෙස බලා සිටිනවා. වෙන කවරදාකටත් වඩා දැන් ක්‍රීඩාවේ සැබෑ අරුථ හා ක්‍රීඩාශීලිත්වය සැමරීමටත්, රසික අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත් අපට අවශ්‍යයි. අපි උත්සාහ කරන්නේ ජීවිතයේ ඉන්ද්‍රජාලික හා විශේෂ අවස්ථා ග්‍රහණය කර ගැනීමට සහ බෙදා ගැනීමට මිනිසුන්ට උදව් කිරීමම පමණක් නොවෙයි, අප ඔවුන්ට ජීවිතයේ සෑම මොහොතක්ම වඩාත් සුවිශේෂී ආශ්වාදනිය මතකයක් බවට පත් කරනවා”

මෙම නව ප්‍රචාරණ ව්‍යාපාරය යුරෝපය, මැදපෙරදිග, අග්නිදිග ආසියාව, චීනය ඇතුළු ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් ඔස්සේ මෙන්ම රූපවාහිනියෙන් මාධ්‍ය හරහාද දියත් කර ඇත. “give your phone a break, and be there for life’s beautiful moments.” යන තේමාව තරඟයට පෙර පසු සහ තරග අතර තුර ප්‍රචාරය කරමින් ප්‍රේක්ෂකයන්ට සුන්දර අවස්ථා භුක්ති විඳීමට, ග්‍රහණය කර ගැනීමට සහ බෙදාගැනීමට අවස්තාව සලසයි.

vivo, UEFA සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය තුළින් ලොව පුරා මිලියන 400 කට අධික ජනතාවක් සිටින පුළුල් පරිශීලක පදනම සමඟ සම්බන්ධ වීමට හා එය පුළුල් කිරීමට vivo බලාපොරොත්තු වේ. “අපි අපගේ ගෝලීය ව්‍යාපාරය වේගයෙන් ව්‍යාප්ත කිරීමේදී  ජනතාවට සුවිශේෂී වූ සහ බොහෝ දෙනා ගැන සැලකිලිමත් වන ජීවිතයේ සුන්දර අවස්ථාවන් හරහා ඔවුන් සමඟ සම්බන්ධ වීම අතිශයින්ම වැදගත්” යැයි ස්පාර්ක් නි මහතා පැවසීය.  එසේම “අප අපගේ පරිශීලකයින්ගේ  අදහස් හා අභිලාෂයන් සමඟ ගැඹුරින් සම්බන්ධ වී ආයෝජනය කර ඇති සන්නාමයක් වන බැවින් ලොව පුරා පාපන්දු ලෝලීන් සමඟ සම්බන්ධ වීමට UEFA සමඟ හවුල් වීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා .” යැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

සදා මතකයේ රැඳෙන අත්දැකීම් නිර්මාණය කරන UEFA  හවුල්කාරිත්වය

 vivo යනු පිළිවෙලින් ජුනි 11 සහ ජූලි 11 යන දෙදිනයන්හී පැවැත්වෙන සමාරම්භක හා සමාප්ති උත්සවවලදී ප්‍රථම වරට ඉදිරිපත් කරන හවුල්කරුවාය. එහිදී සන්නාමය UEFA සමඟ එක්ව ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට සදා මතකයේ රැඳෙන අත්දැකීමක් ලබා දෙමින් තරඟාවලිය නැරඹීමේ අවස්ථාව සලසා දෙනු ඇත. යුරෝපය පුරා ක්‍රීඩාංගණ වෙත ප්‍රේක්ෂකයින්  නැවත ඇදුනද ධාරිතා සීමා කිරීම් මගින් ස්ථානීය රසික අත්දැකීම් සීමා කෙරෙනු ඇති අතර අදාළ රටවල නිරෝධායන ප්‍රතිපත්ති මත පදනම්ව එය වෙනස් වීමට ඉඩ ඇත.

UEFA අලෙවිකරණ අධ්‍යක්ෂ ගයිලෝරන්ට් එප්ස්ටයින් මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පැවසුවේ “පාපන්දු ක්‍රීඩාව ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ට ප්‍රීතිය ගෙන දෙනවා. මෙම රසිකයන් ක්‍රීඩාවට වඩාත් සමීප කරවීම සඳහා අපිට vivo සමඟ හවුල් වීමට ලැබීම සතුටට කරුණක්. ලොව පුරා සිටින ජනතාවට සදා මතකයේ රැඳෙන අවස්ථාවන් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වනවා.

“To Beautiful Moments” ප්‍රවර්ධන ව්‍යාපාරය සහ vivo හි ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, https://www.vivo.com/lk/activity/euro2020 වෙත පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *