Latest News Sinhala

ගරු අම්මාවරුණේ අප ඔබ හදවතින්ම සමරන්නෙමු!

ලෝකයේ සියලුම මව්වරුන් මෙන්ම මාතෘත්වය, මාතෘ බැඳීම් හා මව්වරුන්ගෙන් සමාජයට ඇති බලපෑමට ගෞරව දැක්වීම සඳහා ලෝකය පුරා සෑම වසරකම මැයි දෙවන ඉරිදා දිනය ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ. අම්මාවරුන් අපගේ ජිවිතයේ ඇදහිය නොහැකි කාර්යභාරයක් සෑම මොහොතක් පාසාම සිදු කරන අපගේ ජිවය වන අතර ඇය සෑම දිනයකම සැමරීමට තරම් සුදුසු වන්නේය. පවුල, සමාජය හා ආර්ථිකමය වශයෙන් ඉටු කරනු ලබන බහුවිධ කාර්යභාරයන් වෙනුවෙන් වසරකට එක් දිනක් කිසි විටෙකත් ඊට ප්‍රමාණවත් නොවනු ඇත.

මෙම උතුම් වූ දිනයෙදී වයෝවෘද මාතාවන්, නවක මව්වරුන්, රැකියාවල නිරත මව්වරුන්, ගෘහනියන් වන මව්වරුන්, තනිකඩ මව්වරුන්, මව්පදවිය බලාපොරොත්තුව සිටින මව්වරුන්, භාරකාර මව්වරුන්, පුජකතුමියන්, දරුවන් අහිමි වූ මව්වරුන් සහ දරුවන් නොමැතිව වුවත් බොහෝ දෙනෙකුට මව්සෙනේ දක්වන්නියන් ඇතුළු සියලුම මව්වරුන් සමරමින් මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම ලෝකවාසී සියලුම අම්මාවරුන්ට උපහාර දක්වයි. මේ පිළිබඳව පැල්වත්ත කිරි සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.’‘ සෑම මවක්ම වීරවරියක් වන අතර ඇයගේ කායික සහ මානසික ශක්තිය අසමසම වෙයි.  එම ශක්තිය පවත්වාගෙන යමින් සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී ජීවන රටාවක් ගත කිරීම සඳහා සමබල අහාර වේලක් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම කිරි සහ කිරි නිෂ්පාදන සමබර ආහාර වේලක වැදගත් අංගයක් වනවා. එහිදී අස්ථි වල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන්, කැල්සියම්, අයඩින්, විටමින් සහ සංතෘප්ත මේද ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් සැපයෙනවා. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් අවදානම අඩු කිරීම සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය හා හෘද රෝග අවදානම අවම කිරීම සඳහාත්  සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කෙරනවා.”

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ වික්‍රමනායක මහතා ”මෙම කර්තව්‍යයේ දී පැල්වත්ත කිරි සමාගම ජාත්‍යන්තර තත්ත්වයේ ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් කිරි නිෂ්පාදන ලබා දීමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන අතර එමඟින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මව්වරුන්ගේ පූර්ණ පැහැදීම හා විශ්වාසය දිනා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආහාර වේලට දායක්ත්වය දැක්වීමටත් අපට හැකි වී තිබෙනවා” යැයි පැවසීය.

පැල්වත්ත කිරිවල ගුණාත්මකභාවය, රස හා සෞඛ්‍යය කෙරෙහි ඇති දැඩි කැපවීම එහි නිෂ්පාදන තුළින් පිළිබිඹු වන අතර එමඟින් පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දේ. සමාගමේ නිෂ්පාදන පරාසය – දියර කිරි, කිරිපිටි, යෝගට්, බටර්, අයිස්ක්‍රීම් සහ ගිතෙල් ආදී නිෂ්පාදනයන් රාශියකින් සමන්විත වන අතර ඒවා සියල්ලම අමතර කල් තබා ගන්නා ද්‍රව්‍ය වලින් තොරව ස්වභාවික ක්‍රමවේදයන් මගින් නිෂ්පාදනය කෙරේ.  තවද, සියලුම නිෂ්පාදන ISO 22,000: 2018 තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන අතර මෙම ප්‍රමිතීන් හා ක්‍රමවේදයන් හේතුවෙන් පැල්වත්ත කිරි රටේ ඉහළ ඉල්ලුමක් ඇති කිරි වෙළඳ නාමයක් බවට පත් වී තිබේ.

පැල්වත්ත කිරි සමාගමේ මුලික ඉලක්කය සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යහපැවැත්ම ඉහළට ඔසවා තැබීම වන අතර මෙම සුවිශේෂී අවස්ථාව මුලික කර ගනිමින් ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සියලුම මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! යි ප්‍රර්ථනා එක් කරයි.

ගරු මව්නි ඔබ පවුල් පෝෂණය කරන බව අපට පෙනේ. ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපට පෙනේ. ඔබ ඒකවර වැඩ කටයුතු රාශියක් කරන බව අපට පෙනේ. ඔබ ආර්ථිකය වේගවත් කරන බව අපට පෙනේ. ඔබ වෙනසක් කරන බව අපට පෙනේ. ඔබ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීමට වෙහෙසෙන බව අපි හදවතින්ම දනිමු. ඉතිං අම්මාවරුණේ ඔබට බෙහෙවින්ම ස්තුතියි!

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *