Latest News Sinhala

රොසෙල් නවතම සංකල්ප මන්දිරය අනුරාධපුර නගරයේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී  විවෘත කෙරිණ.

ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ, අංක 512/B හි පිහිටා ඇති මෙම සුවිශේෂී සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව අනුරාධපුරයේදී විවෘත කළ මෙම නවතම සංකල්ප මන්දිරය රොසෙල් හි 74 වන ප්‍රදර්ශනාගාරය ද වේ. 

වර්ග අඩි 5,000 කට වැඩි මෙම අද්විතීය සංකල්ප මන්දිරය, 800කට අධික විවිධ සංකල්පයන් ගෙන් සමන්විත  ටයිල්, බාත්වෙයා සහ උපාංග  ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා  අත්දැකීම නව මට්ටමකට ගෙන ඒම අරමුණු කරයි.

රොසෙල් හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය මහතා මෙසේ අදහස් දැක්වීය. ” ඓතිහාසික අනුරාධපුර නගරයේදී අපගේ නවතම ටයිල්, බාත්වෙයා සහ උපාංග  සංකල්ප මන්දිරය විවෘත කිරීමත් සමඟ අපගේ දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලය පුළුල්  කිරීමට ලැබීම අපට ගෞරවයක්. මෙම රොසෙල් සංකල්ප මන්දිර හරහා, ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඉහළම ගෝලීය ප්‍රමිතීන් සහතික කරමින්, පාරිභෝගිකයාට උසස්ම තත්වයේ නිෂ්පාදන ලබාදීම අපගේ අරමුණයි”.  

ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යන රොසෙල්, සෑම නිෂ්පාදනයක්ම ඉතා සැලසුම්ගතව, ඉහළ ගුණාත්මකභවින්, නවෝත්පාදනය සංකලනය කරමින් පාරිභෝගිකයා වෙත ලබා දීම අරමුණු කරයි. දීප ව්‍යාප්ත ඕනෑම රොසෙල්  සංකල්ප මන්දිරයක් වෙත පැමිණ නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග මිලදී ගැනීමට අවස්ථාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ.  

For further information contact:

Sudeeptha Seneviratne – Head of Brands

Royal Ceramics Lanka PLC

20, R. A. De Mel Mw, Colombo 02

+94777385305

[email protected]

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *