මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු දැරියන් විසින්ම පසු ගිය දා ඉහත පාසල් වලට මෙම ලිපිද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලබාදී තිබේ. මෙම මාහැඟි කටයුත්තට නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට මොරටුව ලියෝ සමාජයේ ස්තූතිය පුද කෙරිණි..
Related Articles
මුළුතැන්ගෙයි උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමකට සිංගර් සමඟින් Anoma’s Kitchen අත්වැල් බැඳ ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර් විසින් ජනප්‍රිය ඉවුම් පිහුම් හා සම්බන්ධ YouTube නාලිකාවක් වන Anoma’s Kitchen හි නිර්මාතෘ වන අනෝමා විජේතුංග මහත්මිය සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට පැමිණ ඇත. මෙම හවුල්කාරීත්වය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා කොල්ලුපිටිය සිංගර් මෙගා ශාඛා පරිශ්‍රයේදී සිදු විය. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස සිදු කෙරෙන විශේෂ වීඩියෝ මාලාවක් […]
MSI විසින් 12 වන පරම්පරාවේ නවතම Gaming සහ Creator ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
“Gameverse” මැයෙන් සංවිධානය කරන ලද නිල වැඩසටහනකදී, ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන MSI විසින් 12th Gen Intel® Core™ H series ප්‍රොසෙසර් සහිත නවීන විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. පරිගණක ක්‍රීඩා ක්ෂේත්රයේ නියැලෙන්නන් වෙනුවෙන් සහ ව්‍යාපාරික කාර්යයන් සඳහා අවශ්‍ය ඉහළ කාර්යක්ෂම බවකින් යුත් වූ තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ගෝලීය […]
vivo වෙතින් තරුණ පරම්පරාවට සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි.
වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට පහසුවෙන්ම සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තොරා ගැනීමට සහාය වීම සඳහා vivo නිරතුරුවම සුදානමින් සිටින අතර ඔබේ අවශ්‍යතාවය vivo නිවැරදිව අවබෝධයකින් යුතුව හඳුනාගෙන ඇත. ඒ අනුව බොහෝ දෙනෙක් මග බලා සිටි vivo සමාගමේ […]