Latest News Sinhala

පාඨක ඉල්ලීම සලකා බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය ඔක්. 08 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලාංකේය පොත් ලෝලීන් වෙත පෙර නොවූ විරූ පොත් ප්‍රදර්ශන අත් දැකීමක් රැගෙන, www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ ළඟා වුණු බිග් බෑඩ් වුල්ෆ්, ශ්‍රී ලාංකීය පාඨකයින්ට සිත් සේ පොත් තෝරා ගැනීමට ඉඩකඩ සලසමින්  තවදුරටත් ඔන්ලයින් ඔස්සේ රැඳී සිටීමට තීරණය කළ බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.  ඒ අනුව, 2020 ඔක්තෝබර් 4 වෙනිදායින් ඇරඹි බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය, ඔක්තෝබර් 8 වෙනිදා රාත්‍රී 11:59 දක්වා තවදුරටත් කල් දැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයට ඇති පාඨක තදබදය මෙන්ම, සිත් සේ පොත් ගන්නට නොහැකි වූ පාඨකයින්ගේ ඉල්ලීම ද සලකා බලා සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

 ඒ හේතුවෙන්, මෙලෙස ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව දින හතරකින් දීර්ඝ කිරීම මේ වන විට ඉන් පොත් තෝරාගෙන තවත් පොත් තෝරා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනා පාඨකයින්ටද, තවමත් ඔන්ලයින් පොත් ප්‍රදර්ශන අත්දැකීම විඳ ගන්නට බැරි ව දිවයින පුරාම විසිරී සිටිනා  බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන්ටද,‍් මහත් අස්වැසිල්ලක් වන බවට කිසිදු සැකයක් නැත.

“ප්‍රදර්ශනය ප්‍රදර්ශනය පැවැත්වුණු මුල් දින තුන ඇතුළත  ඇදහිය නොහැකි අන්දමේ පාඨක ප්‍රතිචාර අපිට ලැබුණා.  ඔවුන්ගේ එම ප්‍රතිචාර අපි ඉතාමත් ඉහළින් අගය කරනවා. වසරක් පාසා නිරතුරුවම අප හා සිටින පාඨකයින්ගේ ඉල්ලීමට කන්දෙමින්, තවදුරටත් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කළ යුතු යැයි අපි තීරණය කළා. ඒ අනුව, දැන් ශ්‍රී ලාංකීය බිග් බෑඩ් ලෝලීන් බලාපොරොත්තු  වූ පරිදිම ප්‍රදර්ශන කාලය තවත් දීර්ඝ කරමින්, සිත් සේ පොත් තෝරා ගැනීමට දැන් ඉඩකඩ සලසා දී තිබෙනවා.”

බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය පැවැත්වෙන www.bigbad wolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ ඉතා පහසු පියවර කිහිපයක් මගින් පොත් මිලදී ගැනීමට බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම පාඨකයින් හට ඉඩකඩ සලසා තිබීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. එමගින් පොත් තෝරා ගැනීමෙන් අනතුරුව cart checkout ‘ක්ලික්’ කිරීමෙන් පසු Sampath Bank හා PayHere වෙබ් පිටුවක් වෙත පාඨකයන් යොමු කෙරේ. මේ ඔස්සේ ඇණවුම් කළ පොත් සඳහා මුදල් ගෙවීමට පෙර, View Cart ක්ලික් කර ඇණවුම් කළ පොත් යළිත් පරීක්ෂාකර බැලීමට ද පාඨකයින්ට හැකියාව පවතී. එමෙන්ම ඔන්ලයින් මගින් මුදල් ගෙවීමේ පහසුකම සලසා ගැනීම සඳහා සම්පත් බැංකු නොවන අනෙකුත් ගනුදෙනුකරුවන්ට ද සිය Card centers අමතා බැංකු කාඩ්පත් ඔන්ලයින් ගෙවීම් සඳහා  වලංගු කරවා ගන්නා හැටියට සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. සම්පත් බැංකුව හරහා කරන සෑම ඔන්ලයින් මිලදී ගැනීමකදීම,  ස්වකීය  මුදල් හුවමාරුව ආරක්ෂිත ක්‍රමවේදයකට සිදු කිරීම සඳහා සාමාන්‍යයෙන්  (OTP) හෙවත්  වරක් පමණක් වලංගු පාස්වර්ඩ් එකක්,  කෙටි පණිවිඩයක් මගින් පාඨකයින් හට ලැබේ. මෙම OTP පණිවිඩය ලබා ගැනීම සඳහා පාඨකයින්ගේ ජංගම දුරකථනයේ  කෙටි පණිවිඩ දැනුම්දීම සක්‍රිය කරන ලෙස බිග් බෑඩ් වුල්ෆ් පාඨකයින් වෙතින් ඉල්ලීමක් කෙරේ. මේ වන විටත් ඔන්ලයින් මගින් පොත් ඇණවුම් කළ පාඨකයින් වැඩි දෙනාට ඇති ගැටලුවක් නම්, මුල්‍ය ගනුදෙනුව නිසි ආකාරයෙන් සිදු වුණේද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා කිසියම් රිසිට්පතක් ලබා ගත නොහැකිද යන්නයි. පාඨකයින් හට ඔන්ලයින් ගනුදෙනුව සඳහා කුවිතාන්සියක්  හෝ ඉන්වොයිසියක් ස්වකීය බැංකු කාඩ් පත හිමි මූල්‍ය ආයතනය මගින් ලබාගත හැකිය. එමෙන්ම අදාළ මුල්‍ය ආයතනයෙන් ඇණවුම් අවලංගු කිරීමේ කෙටි පණිවිඩයක් ලැබෙන්නේ නම්, ඇණවුම් අංකය දෙවරක් පරීක්ෂා කර බලන ලෙසට බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම පාරිභෝගිකයන් හට උපදෙස් දෙයි. ඒ, Cart තොරතුරු refresh කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ඇණවුම පිළිබඳ ඩුප්ලිකේට් පණිවිඩයක් නිකුත් වීමේ හැකියාව පවතින බැවිනි.

 ඔන්ලයින් මගින් පොත් ඇණවුම් කිරීම සම්බන්ධ තාක්ෂණික කාරණා පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් බිග් බෑඩ් වුල්ෆ් තාක්ෂණික කණ්ඩායම මෙලෙස සඳහන් කරයි.

“මුදල් ගෙවීමේ පිටුවට පැමිණි පසු පිටුව refresh කිරීම හෝ  එයින් ඉවත් වීම සිදු නොකරන ලෙස පාඨකයින් හට  උපදෙස් ලැබෙනවා. ඒ එසේ කළහොත් ඇණවුම් ස්වයංක්‍රීයව  අවලංගු වන නිසයි.  එවැනි විටක යළිත් වරක්  ගිණුමට ඇතුළු වී තෝරාගත් පොත් නැවතත් ඇණවුම් කළ යුතුයි. මුදල් ගෙවීමෙන් අනතුරුව, payment failure හෝ  cancelled order යනුවෙන් පණිවිඩයක් ලැබුණහොත්, එම මිලදී ගැනීම සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය වන පූර්ව අවශ්‍යතාවයන් පිළිබඳව දැනගැනීම සඳහා අදාළ card center වෙත අමතන හැටියට පාඨකයින්ව දැනුවත් කරන්න කැමතියි. බිග් බෑඩ් වුල්ෆ් අත්දැකීම 3DS authontication failure  හා card permission  වැනි දේ මගින්  සීමා කළ නොහැකි අන්දමේ පුළුල් පාඨක අත්දැකීමක් වන අතරම, එය ඉහළම මට්ටමේ පොත් ප්‍රදර්ශන අත්දැකීමක්ද වෙනවා.”

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික පාඨකයින් හට වෙනස්ම ආකාරයේ ඔන්ලයින් පොත් ප්‍රදර්ශන අත්දැකීමක් ලබාදීම සඳහා  වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි  සැපයුම ලබා දීම පිණිස, බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම  වඩාත් හොඳින් සන්නද්ධව සිටී.  ඔන්ලයින් පොත් ප්‍රදර්ශන අත්දැකීම විඳීමට කැමති පාඨකයින් හට අවශ්‍ය නම් සෘජුවම බිග් බෑඩ් වුල්ෆ්  කණ්ඩායමේ දුරකතන සහය ලබා ගැනීමට ද, ෆේස්බුක් මගින්, Online Support  Help center වෙතින් අවශ්‍ය සහාය ලබා ගැනීමටද  හැකියාව පවතී.

වර්තමානය වන විට රට තුළ පවතින තත්වය හේතුවෙන්  සමාජ මාධ්‍ය  හා ඊ වාණිජ අවකාශයන් වෙත පාඨකයින් වැඩි පිරිසක් යොමු වද්දී, පොත් ප්‍රදර්ශනය අත්දැකීම අපූර්වතම අද්දැකීමක් බවට පත් කරමින් බිග් බෑග් වුල්ෆ් කණ්ඩායම මෙලෙස පාඨකයින් හට සහය දැක්වීමට සැදී පැහැදී සිටීම හේතුවෙන්, ඔන්ලයින් පොත් ප්‍රදර්ශන අත්දැකීමේදී ඇතිවන ඇතිවිය හැකි දුෂ්කරතාවන් මගහැර ඉහළම පොත් ප්‍රදර්ශන අත්දැකීමක් හිමි කර ගැනීමට පාඨකයින් හට හැකියාව පවතී. පාඨකයින් හට නිරතුරුවම නොමඳ සහයක් පිරිනමමින්  බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින්  පොත් ප්‍රදර්ශන අත්දැකීම අපූර්වතම අත්දැකීමක් කිරීමට බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම ක්ෂණිකව පියවර ගනී.

ඔන්ලයින් අලෙවියේ පලමු දින පටන්ම සැලකිය යුතු ඇණවුම්  තොගයක් ලැබෙමින් පවතින බැවින්, බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළ පළමු පොත් තොගය ශ්‍රී ලංකාවට එවීමට මේ වන විටත් සූදානම්  වේ. පාරිභෝගික තෘප්තිය තවදුරටත් සහතික කරමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා පොත් සඳහා නැව් ගාස්තුවලින් ඔවුන් නිදහස් කිරීමටද, රට තුළ ප්‍රවාහනය සඳහා වන කුරියර් ගාස්තුව පමණක් ගෙවීමට සැලැස්වීමට බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම කටයුතු කර තිබීමද ප්‍රශංසනීය ය.

www.bigbadwolfbooks.lk වෙබ් අඩවියෙන් මිලියන ගණනක් වන පොත් එකතුව හරහා සැරිසැරීමට බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් වෙත සතුටින් ආරාධනා කෙරේ. www.facebook.com/bbwbookssrilanka සහ www.instagram.com/bigbadwolfbooks_lk ඔස්සේ පොත් ප්‍රදර්ශනයේ නවතම තොරතුරු දැනගත හැකිය.

ඡායාරූප විස්තරය-

පළමු පොත් තොගය නැව්ගත කිරීමට සූදානම් කරමින්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *