ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය කෙරිණි. හච් දිවයින පුරා ගෙන ගිය සම්පූර්ණ ජාල ආවරණය මගින් අසීමිත සම්බන්ධතාවයක් පිරි නමමින්, මේ වන විට කොතෙක් දුරට ‘දැවැන්ත හා සමීප ̓ ජාල සැපයුම්කරුවකු බවට පරිවර්තනය වී ඇත්දැයි යන්න පෙන්නුම් කර තිබේ. රටපුරා 2G හා 3G ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්ද, නවතම 4G ජාලය පිහිටුවමින්ද,් එමගින් රටේ කොතැනක සිට වුව, හච් පිරි නමන සුවිශේෂී දීමනා සඳහා ප්‍රවේශ වීමට ස්වකීය පාරිභෝගිකයින් බල ගන්වමින් හච් මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් 95% ක ආවරණයක් සපයා තිබේ. සමස්ත ක්‍රියාවලිය, හච් ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය සමග එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. දිවයින පුරා ව්‍යාප්ත එහි නවතම 4G ජාලය සමග පාරිභෝගිකයින්ට පහසු, විශේෂයෙන් සැලසුම් කළ නව්‍යතම නිෂ්පාදන හා සේවා ඇතුළත් තෝරා ගැනීමක් සඳහා හච් දැන් ශක්තිමත් පදනමක් දමා තිබේ. ස්වකීය කාර්ය මණ්ඩලය අරමුණු කර ගනිමින් පැවැත්වුණු වැඩසටහන, මාස 12 ක් ඇතුළත සමාගමේ ඉලක්කය වෙත ළඟා වීම පිළිබඳ සන්නිවේදනය කරමින් පවත්වන ලද්දකි. එය, ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ප්රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවකු ලෙසින්, හච් හි ඉදිරි සැලසුම් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට අවබෝධයක් ලබා ගැනීමටත් එම සැලසුම් සමග ඉදිරියේදී ඔවුන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සලසමින් පැවැත්වුණු සාර්ථක වැඩසටහනක් විණි.
Related Articles
රජයේ කෘෂි රසායන තහනම අගයමින් පැල්වත්ත කිරි සමාගමෙන් කාබනික පොහොර වර්ග රැසක්
අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම අගය කරයි. පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත. එලෙසම අභියෝග […]
ඇන්ටන් uPVC දොරවල් සහ ජනෙල් මගින් පරිසර හිතකාමී නවෝත්පාදන කරා
ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය මෝස්තර, ස්ථාවර නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ සිතැගි පරිදි නිවාස විසඳුම් හඳුනා ගැනීමට උපකාර කර ඇත. “වගකිවයුතු සංවිධානයක් ලෙස අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලි නිර්මාණය කිරීමට උපකාර කරන අතර […]
පුළුල් HD screen එක සමඟ එන Huawei MatePad T10s දැන් වෙළඳ පොළේ
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් මාදිලියක් වන MatePad T10s දේශීය වෙළඳ පොළ වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී MatePad T10s වෙළඳ පොළට හදුන්වාදීමත් සමඟම ඉහළ පරිශීලක ඉල්ලුමක් සහ ප්‍රසාදයක් මේ සඳහා හිමිවූ අතර, එයට මුලික හේතුව වන්නේ මෙහි අන්තර්ගත විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික […]