මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු දැරියන් විසින්ම පසු ගිය දා ඉහත පාසල් වලට මෙම ලිපිද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලබාදී තිබේ. මෙම මාහැඟි කටයුත්තට නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට මොරටුව ලියෝ සමාජයේ ස්තූතිය පුද කෙරිණි..
Related Articles
උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය සපුරාලීම සඳහා සොෆ්ට්ලොජික් IT සහ SLTC අත්වැල් බැඳගනී
උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ ප්රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC) 2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතම ලැප්ටොප් පරිගණක සුවිශේෂී වට්ටම් මිලකට […]
ASEAN ව්‍යාපාර හා ආර්ථිකයන් ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි වසර පහ තීරණාත්මකයි: NIKKEI-ISEAS forum
NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්රිත දැනුම හුවමාරු කරගන්නා ලදී. මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා සංචාරක සහකාර අධ්යක්ෂ ආචාර්ය […]
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ඌව පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට […]