Latest News Sinhala

කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සිය දායකත්වය සපයයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුල හැකිතාක් ප්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී. 2020 දී කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ, පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබා දීම මගින් ද  සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන් ද  හේමාස් කන්සියුමර් විසින් සිය දායකත්වය දක්වන ලදී.

පසුගිය මාස තුන තුළ වසංගතය නව ඉහළ මට්ටමකට පැමිණීමත් සමඟම හඳුනාගත් ප්‍රජාවන් කිහිප දෙනෙකුගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් කඩිනමින් පියවර ගන්නා ලදී. හම්බන්තොට ප්‍රදේශයේ අඩු වරප්‍රසාද ලත් සිසුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, අග්‍රාමාත්‍ය කාර්යාලයට පරිත්‍යාග කිරීම මගින් ඔවුන් 2021 ජුනි මස සිට අගෝස්තු දක්වා සිය පරිත්‍යාග මාලාව ආරම්භ කරන ලදී. ලද ඉල්ලීමක් මත හේමාස් කන්සියුමර් විසින් ගම්පහ ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් වූවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී. තවද, ආහාර හිඟය සහ ජල අවශ්‍යතා හේතුවෙන් පීඩාවට පත් තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට හේමාස් කන්සියුමර් පියවර ගන්නා ලදී. දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් අතර බෙදා හැරීම සඳහා පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබා දීමෙන්  හේමාස් කන්සියුමර් සාර්ක් කාන්තා සංගමයට ද සහයෝගය දැක්වීය.

ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලන අතරම, වසංගතය ආරම්භයේ සිටම සෞඛ්‍ය සේවා අංශය ශක්තිමත් කිරීමට ද හේමාස් පියවර ගන්න ලදී. ජාතික රෝහලේ කොවිඩ් -19 අතරමැදි සත්කාර මධ්‍යස්ථානය, හෝමාගම රෝහලේ කොවිඩ් -19 අංශය, ජාතික රෝහලේ කොවිඩ් රෝගී කළමනාකරණ අංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව සඳහා අත්‍යවශ්‍ය පුද්ගලික සත්කාර නිෂ්පාදන පරිත්‍යාග කිරීමෙන් හේමාස් සිය දායකත්වය සපයන ලදී.

මෙම පරිත්‍යාග මාලාව පිළිබඳව අදහස් දක්වමින් හේමාස්  අලෙවිකරණ අධ්‍යක්ෂිකා ෆියෝනා ජුරියන්ස් මුනසිංහ මහත්මිය  මෙසේ පැවසීය. “ශ්‍රී ලාංකිකයින් වශයෙන්, මේ මොහොතේ රට මුහුණ දී සිටින මෙම වසංගත තත්වයෙන් මිදීම සඳහා අපි සියලු දෙනා එකිනෙකාට උදව් කළ යුතු බව අපි විශ්වාස කරනවා. හේමාස් කන්සියුමර් වශයෙන් අපි අපේ ප්‍රජාවන්ගේ සෞඛ්‍ය, යහපැවැත්ම සහ ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර මෙම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඔවුන් සමඟ සිටීම තුළින් හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපි සහතික වෙනවා. මෙම ප්‍රජාවන්ගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් මුළු හේමාස් කණ්ඩායමම මෙම පරිත්‍යාග පිටුපස පෙළ ගැසී සිටිනවා. මෙම පියවරයන් තවදුරටත් පුළුල් කරමින් ඉදිරියටත්  රටේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට සහයෝගය දැක්වීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා”

වසංගතය මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අංශය සඳහා නොමැකෙන සහයෝගය ලබා දෙමින් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අඛණ්ඩව පවත්වනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් වලදී හේමාස් කන්සියුමර් ඉදිරියෙන්ම සිටී. හේමාස් කන්සියුමර් සතු වෙළඳනාම යටතට ෆෙම්ස්, ශීල්ඩ්, කුමාරිකා, දීවා, ක්ලෝගාඩ් සහ බේබි ශෙරමි ඇතුළත් වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *