Latest News Sinhala

IT Gallery විසින් සංවිධානය කරන ලද “IT Gallery -Hikvision Partner 2024” සමුළුව සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව ” පසුගිය දා පවත්වන ලදී. ‘නව ආරක්ෂාව සහ නව සාර්ථකත්වය’ යන තේමාව පදනම් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ 2023-2024 වසරවලදී දිවයින පුරා සිටින Hikvision නියෝජිතයන් දැක්වූ සුවිශේෂී කාර්යසාධනය හඳුනාගනිමින් ඔවුන් වෙත ගෞරව ප්‍රණාමය පළ කිරීමය. මෙම සමුළුවේදී ආරක්ෂක නිරීක්ෂණ වෙළෙඳපලෙහි (security surveillance market)  තිබෙන නවතම ප්‍රවණතා සහ නවෝත්පාදනයන් මැනවින්  ප්‍රදර්ශනය කෙරිණි.

මෙහිදී IT Gallery Computers (Pvt)  Ltd හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා IT Gallery සහ Hikvision හි දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබඳව සිය නිහතමානී සතුට පළ කරමින් මෙසේ සඳහන් කළේය. “නවෝත්පාදනය පිළිබඳව ඇති කැපවීම සහ අපගේ හවුල්කරුවන් වෙත ලබාදෙන සහයෝගී දායකත්වය හරහා ශ්‍රී ලංකාවේ නීරීක්ෂණ වෙළෙඳපල (surveillance market) තුළ මෙරට තාක්ෂණික දියුණුවේ විශ්වසනීය ආයතනයක් ලෙස ස්ථාපිත වීමට අප ආයතනයට හැකියාව ලැබී තිබෙනවා .”

කලාපීය අලෙවි නියෝජිතයන් බෙදාහරින්නන් සහ අගය එකතු කළ විසඳුම් සපයන්නන් 350කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුව වෙත සහභාගී වී සිටි අතර එහිදී භූමි ආරක්ෂක නිරීක්ෂණ ක්‍රමවේදයන්ට අදාළ නව ප්‍රවණතාවන් පිළිබඳව  IT Gallery ආයතනය විසින් ප්‍රදර්ශනය කළේය.තවද, Turbo HD 8.0 ශ්‍රේණිය හරහා වැඩිදියුණු කරන ලද ඉහළම ආරක්‍ෂක අත්දැකීමක් සමඟ පරිශීලකයින් වෙත ඔවුන්ගේ දෘශ්‍ය ආරක්ෂණ සැකසුම් ඉහළ නැංවීමට බලය ලබා  දෙන Turbo HD Range ඇතුළු නව Hikvision  නිෂ්පාදන විසඳුම් රැසක් IT Gallery  විසින් සමුළුවේදී  ඉදිරිපත් කරන ලදී.  මෙහිදී ප්‍රදර්ශනය කළ රැහැන් රහිත අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන AX HOME Series පරිශීලක රුචිකත්වය ඉහළින්ම දිනාගත්  විලාසිතාවන්ගේ සහ නවීන තාක්ෂණයේ කදිම සංකලනයක් වන අතර එය නිවසේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවන් මැනවින් සපුරාලනු ඇත.

බුද්ධිමත් මෙහෙයුම්, ආරක්ෂාව සහ සම්බන්ධතාවයේ මනා අකෘතිමය වෙනසක් සහිත Hikvision’s NVR 5.0 මඟින් බාධාවන්ගෙන් තොර  නව්‍ය පරිශීලක අත්දැකීමක්  පිරිනමනු ඇත. එමෙන්ම වෙබ් කළමනාකරණය, සත්‍යාපනය සහ ඒකාබද්ධ ආරක්ෂක විසඳුම් සඳහා උසස් ක්‍රියාකාරීත්වයන් Hikvision හි දෙවන පරම්පරාවේ ප්‍රවේශ පාලන නිෂ්පාදන ඔස්සේ ලබා දේ.  ආරක්ෂක කළමනාකරණය සඳහා වැඩිදියුණු කළ නිරීක්ෂණ හැකියාවන් සහ ගැඹුරු ඉගෙනුම් බුද්ධියක් යාවත්කාලීන කරන ලද Hik-Connect වේදිකාවන් වන Hik-Connect for Teams සහ Hik-Connect 6 හරහා පිරිනමන අතර එය නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ලබාදීම සඳහා  සන්නාමය දක්වන ලද කැපවීම පිළිබිඹු කරයි.

 “Hikvision සන්නාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙන්ම සාර්ථක සහයෝගී ප්‍රජාවක් පෝෂණය කිරීම සඳහා IT Gallery ආයතනය දක්වන කැපවීම බෙහෙවින්ම ප්‍රශංසනීයයි.” යනුවෙන් IT Gallery ආයතනයේ දායකත්වය අගයමින් Hikvision හි දකුණු ආසියානු ව්‍යාපාර ඒකකයේ කළමනාකාර අධ්‍යක්ෂ Hugo Huang මහතා පැවසුවේය.

මෙම සමුළුව තුළින් Hikvision සන්නාමය යටතේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ ප්‍රමුඛතම  ආයතයනය ලෙස  IT Gallery  ලබාදෙන දායකත්වය මැනවින් අවධාරණය කෙරිණි . Hikvision නිෂ්පාදන සතු වැඩි දියුණු කළ ආරක්ෂාව සහ සම්බන්ධතාව  හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් අතර Hikvision ආකර්ෂණීය නව්‍ය විසඳුමක් බවට පත් කරනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *