Latest News Sinhala

ශ්‍රී ලංකාව තුළ Apple Authorized Distributor ලෙස GENXT සහ Apple Inc. අතර පැවති හවුල්කාරීත්වය අලුත් වෙයි

ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ නිෂ්පාදන බෙදාහරින සිංගප්පුරුවේ Genxt (PTE) Ltd. අනුබද්ධිත දේශීය සමාගමයි. 

ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple Inc, සිය Authorized Distributors තෝරා ගැනීමේදී ඉහළ අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන අතර, සෑම රටකම ආයතන පිළිබඳ ඔවුන් ඉහළ සැළකිල්ලක් දක්වයි.  විශේෂයෙන්ම තෝරාගැනීම් සිදුකිරීමේදී සුදුසුකම් රැසක් පිළිබඳ ඔවුන් අවධානය දක්වන අතර, එම සුදුසුකම් සපුරන වඩාත් විශ්වාසනීය ආයතන සඳහා පමණක් මෙම බෙදාහැරීමේ අයිතිය ලබාදේ. Genxt ශ්‍රී ලංකා ආයතනය යනු,  වර්ෂ 2018 සිට ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා  Authorized Distributor ලෙස ක්‍රියා කළ, ඉහළ වෙළඳ පොළ පිළිගැනීමක් සහිත ආයතනයකි.

Apple product එකක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුගේ සිහිනයකි. නමුත් මේ පාරිභෝගිකයින්ට සඳහා සැලකිය යුතු ප්‍රාග්ධනයක් වැය කිරීමට සිදුවේ. මේ හේතුවෙන් සෑම විටම මිලදී ගන්නා නිෂ්පාදනය සඳහා හිමිවන වගකීම් කාලය, විකිණීමෙන් පසු සේවා යනාදිය පිළිබඳ පරිශීලකයින් ඉහළ අවධානයක් යොමු කරයි.  මෙහිදී වඩාත් විශ්වාසනීය සහ පහසු සේවා රැසක් සපයන Apple බලයලත් නියෝජිතයන් හරහා හෝ Genxt හවුල්කරුවන් හරහා (Genxt Preferred partner) TRCSL හි අනුමැතිය සහිත Apple නිෂ්පාදන මිලදී ගැනීම පාරිභෝගිකයාගේ අවධානම් අවම කරන අතරම ඔවුන්ට ඉහළ සේවාවක් හිමිවේ.  

බලයලත් නියෝජිතයන් හරහා පාරිභෝගිකයින් අතට පත්වන්නේ එම කලාපයට සුදුසු වන පරිදි සැකසු, එම රටෙහි දුරකථන ජාල (Network) සමඟ උපරිම ක්‍රියාකාරීත්වයකින් භාවිත කළ හැකි ජංගම දුරකථන වන අතර,  එම දුරකථන හඳුනා ගැනීම සඳහා  regional codes ද නිෂ්පාදකයා විසින් ලබාදී ඇත.

උදාහරණ ලෙස හොංකොං හෝ චීනය වැනි රටවල apple උපාංග වල Physical dual sim දැකගත හැක.  නමුත් ලංකාවේ apple උපාංගයන්හි ඇත්තේ එක ඊ-සිම්/එක භෞතික සිම් එකක් පමණි. තවද, ලොව විවිධ  කලාපයන් මත පදනම්ව පවර් ඇඩැප්ටරද වෙනස් වේ. එම නිසා ලංකාවට නොගැලපෙන ඇඩැප්ටරයක් ​​භාවිතා කිරීමෙන් පාරිභෝගිකයාගේ වටිනා නිෂ්පාදනයට හානි විය හැකියි. එමෙන්ම, LTE හා VOLTE භාවිත කිරීමේදීද ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුවේ.

විශේෂයෙන්ම, TRCSL හි අනුමැතියකින් තොරව ව්‍යාජ ආකාරයෙන් මෙරටට ගෙන්වන apple සන්නාමයේ නිෂ්පාදන, අදාළ තත්ත්ව සහතික නොමැතිව ඔබ අතරට පත්වන අතර, මේ හරහා පාරිභෝගිකයාට විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. උදාහරණ ලෙස ඔබගේ උපාංගය නැතිවූ මොහොතක එය සොයාගැනීමට යාමේදී TRCSL හට කිසිඳු ආකාරයක සහයෝගයක් ලබාදිය නොහැක. 

සෑම පාරිභෝගිකයෙකුටම විශිෂ්ට සේවාවක් සපයන අතරම, සෑම පාර්ශවකරුවකුටම සාධාරණ ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කරමින් ක්‍රියා කිරම GENXT හි දැක්මයි. ඒ අනුව දිනෙන් දින වෙනස් වන පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින්, ඔවුන්ට වඩාත් තෘප්තිමත් සහ උසස් සේවාවක් ලබාදීමට GENXT ඉහළ කැපවීමකින් කටයුතු කරයි. තවද, Apple සමාගමේ AAR status ලබාගැනීම සඳහා වූ  අයදුම්පත් ක්‍රියාවලියට උපදෙස් දීමට  GENXT ශ්‍රී ලංකා සිය හවුල්කරුවන්ට සහයෝගය දක්වයි.

“ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් මහත් නොඉවසිල්ලෙන් බලාසිටින iPhone 13 ස්මාර්ට් දුරකථන මාදිලිය නුදුරේදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීමට නියමිත අතර, අපගේ විශ්වාසදායක නිල හවුල්කරුවන් හරහා මෙම දුරකථන මාදිලිය මිලදී ගන්නා සියළුම පාරිභෝගිකයින් හට සුවිශේෂී  දීමනාවන් සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.  පාරිභෝගිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ iPhone 13 නිල වශයෙන් එළිදැක්වීම සිදුකරන තෙක් සිට, වඩාත් හොඳ සේවාවක් සහිත නිෂ්පාදනයක් ලබාගන්නා ලෙසටයි.” Genxt  ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණරත්න මහතා පැවසීය.

GENXT ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටා ඇති අතර එය බංග්ලාදේශය, භූතානය, බෘනෙයි, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය සහ නේපාලය තුළ Apple නිෂ්පාදන සඳහා බලයලත් බෙදාහරින්නා ද වේ. වසර ගණනාවක විශ්වාසවන්ත මෙහෙයුම් තුළින් GENXT මුලු ආසියානු කලාපය තුළම ඉහළ කීර්තිනාමයක් අත් කරගෙන ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *