Latest News Sinhala

“ස්වදේශී” Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය බවට පත් වෙයි

ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු  ශාකසාර  පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ලෙසින් පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  වෙතින්  පිදුම් ලබන ලදි.

2020 වසරේ   Covid-19 වසංගතය ආරම්භයේ පටන් එහි අවදානම් තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සදහා ස්වදේශී සිදු කළ මෙහෙවර   මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය මගින් තහවුරු කරයි. ස්වදේශී හි සේවකයන්, පැමිණෙන අමුත්තන්,  නිෂ්පාදන හා සේවා, බෙදා හැරීමේ ක්‍රියාවලීන් හි ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාව දෙමින් කැපවීමෙන් කටයුතු කිරීම මෙම සහතිකයෙන් තවදුරටත් පිළිඹිබු කරයි. 

මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය පිළිබදව ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි  /  කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝදරා සමරසිංහ මහත්මිය  සිය අදහස් දැක්වූයේ මෙසේය.  ‘’ආයතනය තුළ  ආරක්ෂාව තහවුරු කරමින් අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගැනීමේ  කළමනාකරණ ප්‍රයත්නයන් ඇගයීම වෙනුවෙන්  මෙම සහතිකයෙන් පිදුම් ලැබීම පිළිබදව අපි සැබැවින්ම ආඩම්බර වෙනවා. Covid-19ට එරෙහිව කටයුතු කිරීම සදහා අවශ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම සහ සේවකයන්ගේ චිත්ත දහිරිය නැංවීමෙන් බියෙන් සැකෙන් තොරව කටයුතු  කළ හැකි පරිසරයක් ගොඩ නැංවීම සදහා අපි ආරම්භයේ සිටම කටයුතු කළා. මෙවැනි අභියෝගාත්මක කාලයක් මධ්‍යයේ  අපගේ සේවකයන් ආරක්ෂා කරමින් අප ලබා ගත් ප්‍රගතිය පිළිබදව අපි සතුටු වෙනවා. නිසි පාලන ක්‍රම සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් සමගින් අභියෝග ජය ගත හැකි බව අපි සතුටින් සදහන් කරන්න කැමතියි.’’

ආරක්ෂණ ප්‍රමිතීන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම,  අපේක්ෂිත ප්‍රමිතීන් පවත්වාගෙන යාම, සේවකයන්, නිෂ්පාදන සහ බෙදා හැරීම්  ඇතුළු අනෙකුත් සියල්ලෙහි උපරිම ආරක්ෂාව සැලසීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබදව පූර්ණ ලෙස අධීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම සහතිකය ප්‍රදානය කරන ලදි.

‘’මුහුණු ආවරණ පැළදීම, දූරස්ථ භාවය පවත්වා ගැනීම, අත් සේදීම සහ සැනිටයිසර් කිරීම, සේවකයින් ආරක්ෂා කිරීම සහ අවදානමකින් තොරව කටයුතු කිරීම සදහා කර්මාන්තායතන පරිශ්‍රය විසබීජහරණය කිරීම සදහා අපි ස්වදේශී හි සියලුම සේවකයන් දිරි ගන්වන්වනවා” යනුවෙන් සමරසිංහ මහත්මිය තවදුරටත් පවසන ලදි.

සියලුම පොදු ප්‍රදේශයන් ආවරණයන් මගින් වෙන් කිරීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, අත් සේදීම හා සනීපාරක්ෂාව, උෂ්ණත්වය පරීක්ෂා කිරීම, පීසීආර් පරීක්ෂාව, පිටතින් පැමිණෙන්නන්ගේ වාර්තා, පුහුණුව සමගින් නිරන්තර අවදානය සහ අනෙකුත් බොහෝ අවශ්‍යතා  අප විසින් ඉටු කරන ලදි. එසේම නිරන්තරයෙන් විසබීජහරණය කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීම  සහ ඒ සදහා සම්පත් වෙන් කිරීම ද සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් තිස්සේ භාවිතා කරන ස්වදේශී කොහොඹවල දිගුවක් ලෙසින් කොවිඩ් වසංගත කාලය තුළ ස්වදේශී විසින් සිය නවතම සනීපාරක්ෂක නිෂ්පාදන‍ය කොහොඹ  හෑන්ඩ් සැනිටයිසර්  නිෂ්පාදනය කරන ලදි.  කොහොඹ, සේර සහ කෝමාරිකා සමගින් එන කොහොඹ හෑන්ඩ් සැනිටයිසරය  පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වෙමින් පවතී. කොහොඹ ශාක සාරය  විෂබීජවලට එරෙහිව පාරම්පරිකව ආරක්ෂාව සපයන ස්වාභාවික  අමුද්‍රව්‍යයක් ලෙසින් ප්‍රසිද්ධය. මෙම හෑන්ඩ් සැනිටයිසරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය  (NMRA) විසින් ලියාපදිංචි කර ඇති අතර එය දෑත් මත ගැල්වීම සඳහා ආරක්ෂිත බව එමගින් සනාථ කරයි.

ස්වදේශී හි සියලුම සේවකයන්ට ආරක්ෂාකාරීව සිටීම සදහා කොහොඹ හෑන්ඩ් සැනිටයිසරය ලබා දෙන ලදි.  ස්වදේශී පරිශ්‍රය නිරතුරුවම විසබීජහරණය කිරීම සදහා තමන්ගේම විසබීජ නාශක ද්‍රව භාවිතා කරන ලදි. ප්‍රදේශය පුරා පාසල් කිහිපයක විසබීජහරණ වැඩසටහන් සිදු කිරීමත්, දිවයින පුරා පාසල්වලට අත් සෝදන සින්ක් බෙදා දීමත් ස්වදේශී කොහොඹ වෙතින්  සිදු කරන ලදි.

කොවිඩ් වසංගතය කාලය තුළ, ස්වදේශී ආයතනය සිය නිෂ්පාදන සියල්ලම පාරිභෝගිකයින්ට ලබා ගැනීමට හැකි වන ලෙස කටයුතු කළ අතර එය කොවිඩ් 19ට එරෙහි සටනේදී පාරිභෝගිකයින්ගේ සනීපාරක්ෂක මට්ටම පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් විය. කෝවිඩ් 19න් නිදහස් වූ පරිසරයක් වෙනුවෙන් නිවැරදි ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කිරීමට ස්වදේශී ඇතුළු නිෂ්පාදන සමාගම් සඳහා මෙම  SLSI Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ඉතා ප්‍රයෝජනවත් වේ.

සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙසින් ස්වදේශී  නවතම කොවිඩ් -19 ආරක්‍ෂිත කළමනාකරණ සහතිකය ඇතුළු බොහෝ  ජයග්‍රහණයන්  වෙත හිමිකම් කියනු ලබයි. ශ්‍රී ලංකාවේ ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලදි. ස්වදේශී ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී හි ශාකසාර නිෂ්පාදන වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයට පාත්‍ර වෙයි. ස්වදේශී  කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි ඒ අතර වේ.   

දශක අටක ඉතිහාසයක් ඇති ස්වදේශී ආයතනය අද ජාත්‍යන්තර වෙළඳ පොළට පිවිසෙන්නේ විශිෂ්ටත්වයේ විශ්වසනීය සහතිකය ද සමගිනි. සම මෘදුව පිරිසිදු  කරන ස්වභාවික ශාකසාර අමු ද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන  ගුණාත්මක බවින් යුත් හොදම තත්වයේ සම රැක ගන්නා නිෂ්පාදන සදහා ස්වදේශී විශේෂතාවක් දක්වයි.  ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

Photo Caption: A. I.  උඩවත්ත මහතා – ප්‍රධාන විධායක නිළධාරී, C.S.M. සමරසිංහ මහත්මිය – නියෝජ්‍ය සභාපතිනි  /  කළමනාකාර අධ්‍යක්ෂිකා,  ස්වදේශී ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය සහ ස්වදේශී කෝවිඩ් කාර්ය බලකාය

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *