ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය කෙරිණි. හච් දිවයින පුරා ගෙන ගිය සම්පූර්ණ ජාල ආවරණය මගින් අසීමිත සම්බන්ධතාවයක් පිරි නමමින්, මේ වන විට කොතෙක් දුරට ‘දැවැන්ත හා සමීප ̓ ජාල සැපයුම්කරුවකු බවට පරිවර්තනය වී ඇත්දැයි යන්න පෙන්නුම් කර තිබේ. රටපුරා 2G හා 3G ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්ද, නවතම 4G ජාලය පිහිටුවමින්ද,් එමගින් රටේ කොතැනක සිට වුව, හච් පිරි නමන සුවිශේෂී දීමනා සඳහා ප්‍රවේශ වීමට ස්වකීය පාරිභෝගිකයින් බල ගන්වමින් හච් මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් 95% ක ආවරණයක් සපයා තිබේ. සමස්ත ක්‍රියාවලිය, හච් ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය සමග එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. දිවයින පුරා ව්‍යාප්ත එහි නවතම 4G ජාලය සමග පාරිභෝගිකයින්ට පහසු, විශේෂයෙන් සැලසුම් කළ නව්‍යතම නිෂ්පාදන හා සේවා ඇතුළත් තෝරා ගැනීමක් සඳහා හච් දැන් ශක්තිමත් පදනමක් දමා තිබේ. ස්වකීය කාර්ය මණ්ඩලය අරමුණු කර ගනිමින් පැවැත්වුණු වැඩසටහන, මාස 12 ක් ඇතුළත සමාගමේ ඉලක්කය වෙත ළඟා වීම පිළිබඳ සන්නිවේදනය කරමින් පවත්වන ලද්දකි. එය, ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ප්රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවකු ලෙසින්, හච් හි ඉදිරි සැලසුම් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට අවබෝධයක් ලබා ගැනීමටත් එම සැලසුම් සමග ඉදිරියේදී ඔවුන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සලසමින් පැවැත්වුණු සාර්ථක වැඩසටහනක් විණි.
Related Articles
Rootcode Labs සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode AI දියත් කරයි
Rootcode Labs සිය අනුබද්ධිත ආයතනයක් වන Rootcode AI, කොළඹ Mövenpick හෝටලයේදී , ශ්‍රී ලංකා ව්‍යාපාරවල සී-මට්ටමේ විධායකයින්, නව ව්‍යවසායකයින් සහ Rootcode Labs කණ්ඩායම ඇතුළු සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරක්ෂක පියවරයන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සවාකාරයෙන් දියත් කළේය. නිෂ්පාදන සහ සේවාවන් මූලික වශයෙන් යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ආසියාවේ වෙළඳපල වෙත සපයන Rootcode Labs සමාගම නවෝත්පාදනයන් කෙරෙහි දැඩි ඇල්මක් ඇති මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන අතර සිය තොරතුරු තාක්ෂණ […]
සහයෝගීතාවය සහ අනාගත සංවර්ධන අවස්ථා පිළිබිඹු කරමින් 2024 වර්ෂයේ Huawei හි දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පැවැත්වෙයි
Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි. ඉදිරි වසර සඳහා Huawei හි උපායමාර්ගික දැක්ම පිළිබඳ […]
අද්විතීය Huawei Nova 9 SE ස්මාර්ට් දුරකථනය සහ MateBook D 15 ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි
ලොව ප්රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසක් එක් කළ Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් […]