ජාතික ඩිජිටල් හා ඩිජිටල් විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ඩිජිටල් ක්ෂේත්‍ර යේ විශිෂ්ඨයින් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහන කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී 2020 මාර්තු 04දා සාර්ථකව පැවැත්වීය. 2018/2019 වසර වලදී ඩිජිටල් ක්ෂේත්‍රයට නවෝත්පාදන ඉදිරිපත් කළ නිර්මාණකරුවන් වෙත සම්මාන පිදීම සහ ඇගයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙම සම්මාන උළෙල තුන්වැනි වරටත් සංවිධානය කරන ලදී.
SLT Zero One සම්මාන යනු ඩිජිටල් තාක්‍ෂණයන්හි උන්නතිය උදෙසා ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ සම්බන්ධයෙන් ආයතන, පුද්ගලයින් සහ වෙළඳ නාමවල ඩිජිටල් විශිෂ්ටත්වය හඳුනා ගැනීම සඳහා කැප වූ සුවිශේෂී සම්මාන පිරිනැමීමමකි. මෙම සම්මාන උළෙල සඳහා Financial, Information, Travel and Leisure, Media and Publishing, Health Care and Personal Services, Professional Services, Retail, Manufacturing, Transportation, Storage and Logistics, Government Institutions & NGOs සහ පුද්ගලයින් සහ කණ්ඩායම් වෙතින් අති විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබුණි.
ආයතනික කාණ්ඩ අංශ සම්මාන (institutional category / sector) සමස්ත ජයග්‍රාහකයින් හය (6)ක්, තනි කාණ්ඩයේ (individual category) සම්මාන දෙකක් (2), ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයට කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් ලබාදෙන සුවිශේෂී සම්මාන (lifetime awards) දෙකක් (2) ජීවිතයේ එක් වරක් පමණක් ලබාදෙන සුවිශේෂී අනුස්මරණ සම්මානයක් (lifetime memorial award) ඇතුළුව සම්මාන 174 ක් මේ වසරේදී ප්‍රදානය කරන ලදී.
ආයතනික කාණ්ඩ අංශ සම්මාන 06, Best Digital Enabled Product / Service, Best Digital Integrated Campaign, Best Community Empowerment Programme, Best Digital Media Agency, Best Website or Microsite සහ Best Use of Mobile ලෙස පිරිනැමිණි.
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ස්වාධීන විනිසුරුවන් 22 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් විනිවිද භාවයකින් සහ දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව අයදුම්කරුවන් අතුරින් සම්මානයට පාත්‍රවූ පිරිස තෝරාගනු ගැණින. ජීවිත කාලය සඳහා (lifetime awards) සම්මාන දෙක හිමිවූයේ මහාචාර්ය ඉන්ද්‍රා දයාවංශ මිය සහ ටෝනි වීරසිංහ මහතා වෙතයි.