සාර්ථකව අවසන් 27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ අඳින ලද රූප වල සිට නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වාම, දෘශ්‍ය කලා මාධ්‍ය ගණනාවක් ප්‍රදර්ශනය කරමින්, වාර්තාගත 370 ක් වූ දෘශ්‍ය කලා ශිල්පීන්ගේ සහ නරඹන්නන්ගේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව මෙවර කලා පොළ පැවැත්විණි.
