රටේ ප්‍රගතිය හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ජනතාවගෙන් ආකර්ෂණීය ජනවරමක් ලැබී ඇති ශ්‍රී ලංකා රජයට අපි සුබ පතන්නෙමු.
අප සියලු දෙනා පුදුමයට පත් කරමින් 40 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට නව රජයක් විසින් කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍යාංශය කැබිනට් මට්ටමේ අමාත්‍යාංශයක විෂය පථයෙන් බැහැර කර තිබේ.
ඉතා ඉහළ වැදගත්කමක් ඇති මෙම අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යවරයකුට පවරා ඇති අතර, ඔහුගේ විෂය පථය තුළට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා යන පුළුල් විෂයන් රැසක් ඇතුළත් කර ඇත.
මෙයින් ඇඟවෙන්නේ අවම සම්පත් හා සීමිත මැදිහත්වීම් අවශ්‍ය වන කෘෂිකාර්මික භෝග වගා කිරීම, කිතුල් සහ කජු හෝ බතික් වැනි සුළු කර්මාන්ත වලට සමාන තත්ත්වයක්, කාන්තාවන් හා රටේ අනාගතය වන දරුවන් යන දෙපාර්ශවය වෙත ලබා දී ඇති බවයි.
මිලියන 6ක් වන රටේ දරුවන් ජනතාවගෙන් සියයට 25 ජනගහනයකටද, මිලියන 13ක් වන කාන්තාවන් ජනතාවගෙන් සියයට 51ක ජනගහනයකට ද උරුමකම් කියයි. එලෙස රටේ සමස්ථ ජනගහනයෙන් විශාල කොටසකට හිමිකම් කියන පාර්ශවයන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කරන ප්‍රධාන රාජ්‍ය ආයතනය වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පෙර තිබුණු පරිදි ස්වාධීන අමාත්‍යංශයක් විය යුතුය.
වාර්තාගත දත්තයන්ට අනුව ලංකාව තුල දිනකට ගෘහස්ත හිංසන, කාන්තා හිංසන සහ ළමා හිංසන අදාළ සිදුවීම් රැසක් වාර්තා වන අතර කාන්තා රැකියා වියුක්තියද ඉතා ඉහළ මට්ටමක පවතී. කාන්තාවන් සහ දරුවන් ආශ්රිත නොවිසිදුණු ගැටළු රාශියක් රට තුල පවතින තත්ත්වයක් තුළදී මෙලෙස එම අමාත්‍යංශය තවත් අමාත්‍යංශයක් යටතට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.
පසුගිය රජයන් සියල්ලක්ම කාන්තාවන් සහ දරුවන් සඳහා වඩාත් සුභදායී පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා නීති ප්‍රතිසංස්කරණ උදෙසා වෙන්වූ වෙනම කැබිනට් අමාත්‍යාංශයක් පත් කරන ලද අතර මෙම රජය විසින් එය එසේ සිදු නොකිරීම අපට ගැටලුවකි.
1980 දශකයේ සිට කාන්තාවන් හා දරුවන් ආශ්රිත ජාතික ගැටළු විසඳීම සඳහා ආයතනික විධිවිධාන රැසක් අදාළ රජයන් විසින් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රථමයෙන්ම ඔවුන් කාන්තා කටයුතු අමාත්‍යාංශයක් රට තුළ ස්ථාපනය කරන ලද අතර, 2005 වසරේ සිට (මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය හොබවන කාලයේ) ඔවුන් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඒකාබද්ධ කැබිනට් අමාත්‍යාංශය දියත් කරන ලදී.
කාන්තාවන් සහ දරුවන් සඳහා සමාජය තුළ ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ කාන්තා සම්මුතියට (CEDAW 1981) සහ එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතියට ( UNCRC 1991) බැඳී සිටින බව සිහිපත් කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණු ( SDG) සාක්ෂාත් කර ගැනීම උදෙසා කැපවී ක්‍රියාකරන රාජ්‍යක් වන අතර තිරසාර සංවර්ධන අරමුණු ජනගහනයේ තීරණාත්මක වැදගත් අංශ ලෙස සැලකෙන කාන්තාවන්ගේ හා දරුවන්ගේ යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සුවිශේෂී ඉලක්ක සකස් කර ඇත. මෙම SDG ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රජය ඉහළ කැපවීමකින් ක්‍රියා කල යුතුයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ අනෙකුත් වැදගත් අංශ සමඟ කාන්තාවන්ගේ හා දරුවන්ගේ කටයුතු ඒකාබද්ධ කිරීම ඉදිරියේදී එම සෑම අංශයකම කාර්යන්ට විවිධ බාධා පමුණුවනු ඇත. එබැවින් කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව හා සුභසාධනය තහවුරු කිරීම සැලකිල්ලට ගනිමින්, යෝජිත රාජ්‍ය අමාත්‍යාංශය කාර්යක්ෂම හා ප්රගතිශීලී සේවාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
ඒ හේතුවෙන් කාන්තා හා ළමා කටයුතු සඳහා වෙන්වූ වෙනම කැබිනට් අමාත්‍යවරයෙකු පත් කරන ලෙස අපි ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටිමු. පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු දැනටමත් සිටී. ක්‍රියාකාරී ලෙස කාන්තාවන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කාන්තාවන් හා ළමයින් සම්බන්ධ තීරණාත්මක කාරණා රැසක අනුප්‍රාප්තික රජයන්හි කටයුතු කර ඇති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන දේශපාලන චරිත ද්විත්වයි. මේ ආකාරයේ අත්දැකීම් ඇති අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයේ අසුන් ගැනීම වැදගත් ය.එම නිසා රජය මේ පිළිබද අවධානය යොමු කිරිම අත්‍යවශ්‍ය වේ.
කාන්තාවන් සහ දරුවන් සඳහා සුරක්ෂිත දැයක් නිර්මාණය කිරීමට නැවත කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
අත්සන්
- විද්‍යාජෝති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා – සම්මානනීය විශේෂඥ වෛද්‍ය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපති
- නීතිය පිළිබඳ සම්මානනීය මහාචාර්ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය
- ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය
- ආචාර්ය සේපාලිකා කොට්ටෙගොඩ මහත්මිය – වැඩසටහන් අධ්යක්ෂ- කාන්තා ආර්ථික අයිතිවාසිකම් සහ මාධ්‍ය
- ආචාර්ය හේමන්ත සේනානායක මහතා – සම්මානනීය මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය, මානව හිමිකම්, කාන්තා හිංසනය පිළිබඳ කමිටුවේ සාමාජික
- මහාචාර්ය ශාර්යා ෂරෙන්ගිවෙල් මහත්මිය – නීතීය පිළිබඳ සම්මානනීය මහාචාර්ය
- ශිරාණි මිල්ස් මහත්මිය – විධායක අධ්යක්ෂ – කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානය
- මහාචාර්ය කමෙනා ගුණරත්න මහත්මිය – නීතිය පිළිබඳ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය
- ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය – හිටපු සහකාර මහාචාර්ය, දේශපාලන විද්‍යාව, කොළඹ විශ්ව විද්‍යාලය සහ සමාජවිද්‍යා සංගමයේ සභා ලේකම්
- තරංගා ද සිල්වා මහත්මිය – මෙහෙයුම් අධ්යක්ෂ – කාන්තා හා මාධ්‍ය සමූහය
- නෝබල්ස් ව්‍යාපාර සමුහයේ සභාපති සහ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා
- ඔටාරා ගුණවර්ධන මහත්මිය – අධ්යක්ෂ – ඔටාරා පදනම
- රෝහණ හෙට්ටිආරච්චි මහතා – විධායක අධ්යක්ෂ – PAFFREL
- සමන් හමන්ගොඩ මහතා – ව්‍යාපෘති අධ්යක්ෂ – Paltra
- රුවනි වේල්ස් මහත්මිය – සභාපතිනිය, ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් කවුන්සිලය
- සුභාෂිණී ටිකිරිබණ්ඩාර මහත්මිය – සභාපති – ජාතික දැක්ම සඳහා වන සංවර්ධන පදනම
- ගායාන් ගාල්ලගේ මහතා – මාධ්‍යවේදී, මාධ්‍ය විධායක- Just Say No
- අචලා සෙනෙවිරත්න මහත්මිය – නීතිඥ -නීතී විධායක- Just Say No
- ශාන්ති විජේසිංහ මහත්මිය – සම්පත් දායක – Seekers Research
- නාලක සිරිවර්ධන මහතා – නේවාසික කළමණාකරු – Child Fund
- මනෝරි ජයසූරිය මහත්මිය – අධ්යක්ෂ – Leads
- රොෂාන් මෙන්ඩිස් මහතා – අධ්යක්ෂ – APBAid
- නයෝමි සිල්වා මහත්මිය – LLB – ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනී
- නෞෂල්යා රාජපක්ෂ මහත්මිය – නීතිඥ – සභාපති – යෙහෙළිය පදනම
- සජිනි වික්‍රමසිංහ මහත්මිය – සභාපති – ප්රජාතන්ත්රවාදය සහ පාලන මුල පිරීම, ශ්‍රී ලංකාව
- ජුවරියා මොහිදීන් මහත්මිය – සම්බන්ධීකාරක- මුස්ලිම් කාන්තා සංවර්ධන භාරය
- වානී සයිමන් මහත්මිය – සම්බන්ධීකාරක – විවිධ බලපෑම් වලට ලක්වූ කාන්තාවන්ගේ සංසදය
- මහාලක්ෂ්මී කුරුශාන්තන් මහත්මිය – මන්නාරම් කාන්තා සංවර්ධන සම්මේලනයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක
- ජෙන්සිලා මජීඩ් මහත්මිය – Aalumai-Pengel Aalumaikana Thalam, මුලතිව්
- රසිකා මහත්මිය – Nisha Abivurthi Nilaiyem, මුලතිව්
- සරෝජා පෝල්රාජ් මහත්මිය – සභාපති – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
- විශාඛා සුරියබණ්ඩාර මහත්මිය – නීතිඥ, ජේෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය