උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින් 84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වෙනුවෙන් කරුණු රැසක් ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස වර්තමානය වන විට යාපනය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ගෙන ඇත.එබැවින් යාපනයේ සංචාරක ව්‍යාපාර ගොඩනැංවීම තවදුරටත් සිහිනයක් පමණක් නොව නව රැල්ලක් වී තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති අර්බුදකාරී තත්ත්වයෙන් පසු මෑත කාලීනව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමත් සමඟ යාපනය වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව ද තවදුරටත් පුළුල් වී ඇත.
අර්ධ දින පුහුණු වැඩසටහනක් ලෙස පැවැති මෙම වැඩසටහන 84 Tours හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හසාම් අබූසාලි මහතා විසින් මෙහෙයවන ලදී. එමෙන්ම කර්මාන්ත විශේෂඥ සහ 84 Tours හි ප්‍රධාන අත්දැකීම් නිලධාරී උස්මාන් ජවුෆර් මහතා ද මෙම වැඩසටහන සඳහා සිය දායකයත්වය ලබාදුන්නේය. පුද්ගල සංවර්ධනය සහ යහපැවැත්ම වෙනුවෙන් නිසි වේලාවට වැඩ කිරීම, පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම ආදී කරුණු පිළිබඳ ඔහු විශේෂයෙන්ම අවධාරණය කළේය. උස්මාන් මහතා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) ජාතික උපදේශකයෙකු ලෙස ද සේවය කරන අතර මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සහතික කිරීම උදෙසා මත්ද්‍රව්‍ය භාවිත නොකරන රියැදුරන්ගේ කාර්යභාරය ඉවහල් වන ආකාරය සම්බන්ධයෙන් ද හෙතෙම මෙහිදී පැහැදිලි කළේය. සංචාරක ව්‍යාපාරය බෙදාහදා ගැනීම සහ සැලකිලිමත්භාවය මත ගොඩනැගී ඇති බව සහ සංචාරකයන් වෙත ගුණාත්මක අත්දැකීමක් පිරිනැමීම සඳහා රියදුරන් විසින් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඔහු සහභාගී වූ පිරිස වෙත අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උස්මාන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සංචාරය යනු විනෝදාස්වාදය උදෙසා සිදුකරන ක්‍රියාවක් පමණක් නොවේ. එය මිනිස් මනසේ හැඟීම් හුවමාරු කර ගැනීමට ද කදිම අවස්ථාවක්.සංචාරකයන්ට සිය සංචාරය තුළ හමුවන පළමු පුද්ගලයන් රියදුරන් වන නිසා රියදුරන් පුහුණු කිරීම ඔස්සේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද මනා පිටිවහලක් ලබාදෙනවා.”
Digytelly Networks හි ප්‍රධාන විධායක නිලධාරී නසීම් හසන් මහතා විසින් මෙහි දෙවන සැසි වාරය මෙහෙයවන ලදී.එහිදී සංචාරක මෙහෙයුම් සඳහා තාක්ෂණය ඒකාබද්ධ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා GPS යෙදුම් භාවිතය, හෝටල් සහ මාර්ගෝපදේශකයන් සමඟ සම්බන්ධීකරණය සඳහා WhatsApp වැනි නව තාක්ෂණික මෘදුකාංග භාවිතය, සංචාරකයන්ට කාලගුණික තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම් දීමේ ක්‍රම , ආරක්ෂක යෙදුම් ආදිය පිළිබඳ මෙන්ම මුදල් රහිත හා සම්බන්ධතා රහිත ගනුදෙනු සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් පද්ධති පිළිබඳ ද දැනුම සහ ප්‍රායෝගික පුහුණුවක් මෙහිදී ලබාදුන්නේය. නසීම් මහතා මෙහිදී සඳහන් කළේ, “තාක්ෂණයට මනුෂ්‍යත්වය වෙනස් කළ නොහැකියි, නමුත් එයට මනුෂ්‍යත්වය තවදුරටත් වැඩි දියුණු කළ හැකියි.” යනුවෙනි.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම රිහාන් ඔසීර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු විය.සහභාගී වූ පිරිස වෙනුවෙන් දිවා ආහාරය ඇතුළු පහසුකම් රැසක් සංවිධානය කර තිබුණු අතර සහතික, විශේෂ තෝරාගැනීම් සහ දිනුම් ඇදීම් ඔස්සේ ත්‍යාග ආදිය ද පිරිනමන ලදී.මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසෙන් දෙදෙනෙකුගේ උපන්දින ද මෙම වැඩසටහන අතරතුර සැමරීම විශේෂ අවස්ථාවක් විය.
වැඩසටහනේ සරල බව සහ ප්‍රායෝගිකත්වය සහභාගී වූ සියලුදෙනාගේ ඇගයීමට ලක් විය.ඔවුන් ද වටිනා යෝජනා රැසක් ඉදිරිපත් කරමින් සංචාරක රියදුරු වෘත්තිය තුළ ඔවුන් ප්‍රායෝගිකව මුහුණ දෙන අභියෝගයන් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කළහ.සහභාගී වූ පිරිස අතර අඛණ්ඩ සන්නිවේදනය පවත්වා ගනිමින් යෝජනා සහ චෝදනා විමසීම වෙනුවෙන් WhatsApp සමූහයක් ද මීට සමගාමීව ආරම්භ කෙරිණි.
උතුරු පළාතේ දේශීය සංචාරක අංශය නඟා සිටුවීම සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන මුදල් අය කිරීමකින් තොරව සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වූ අතර එය 84 Tours හි අඛණ්ඩ කැපවීමේ සාර්ථක පියවරකී.
ගුවන් ටිකට්පත් සහ සංචාරයන් සැලසුම් කිරීම සඳහා 0777 979 601 දුරකථන අංකය ඔස්සේ 84 Tours සමඟ සම්බන්ධ විය හැකිය.
