
මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ.
BYD හි දියුණු බලශක්ති තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම කෙරෙහි BYD Energy Systems සමඟ ගොඩනඟා ගත් මෙම සහයෝගීතාවය බෙහෙවින් ඉවහල් වේ. මෙම උසස් තාක්ෂණික විසඳුම් LV 5.0, LV 5.0 Plus, Battery-Box Premium HVS, Battery-Max LiteIn සහ Solar Hybrid Inverters ආදී විසඳුම් රැසකින් සමන්විතය. මෙම පද්ධති සතු කාර්යක්ෂමතාවයෙන් ඉහළ, ප්‍රමාණය වැඩි කළ හැකි , වටිනා විසඳුම් සමඟින් ගෘහස්ථ මට්ටමේ මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ද ප්‍රශස්ත බලශක්ති භාවිතයක් සඳහා අවස්ථාව උදා කර දෙයි.
හඳුන්වා දෙන ලද නව නිෂ්පාදන පෙළට ඇතුළත් වන විසඳුම් පහත දැක්වේ.
- LV 5.0 – ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් සුදුසු මෙය ප්‍රමාණයෙන් කුඩා සහ භාවිතයට පහසු අඩු වෝල්ටීයතා බැටරි පද්ධතියකින් සමන්විත අතර ඉහළ කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් සහිත වේ.
- LV 5.0 Plus – ඉහළ විසර්ජන අනුපාතයක් සහ ශක්තිමත් තාප කාර්ය සාධනයක් සහිතව වැඩිදියුණු කර ඇති මෙය ඉහළ ඉල්ලුමක් ඇති දෙමුහුන් බලශක්ති පද්ධති සඳහා වඩාත් යෝග්‍ය වේ.
- Battery-Box Premium HVS – සවිමත් LFP බැටරියකින් සමන්විත මෙය, 38.4 kWh දක්වා විශාලනය කළ හැකි ධාරිතාවක් සහ උසස් ගණයේ ගෘහස්ථ සහ වාණිජ යෙදුම් සඳහා අධි වෝල්ටීයතාවක් සහිත ප්‍රමාණය වැඩි කළ හැකි ගබඩා විසඳුමකී.
- Battery-Max LiteIn – මෙය උපරිම කාර්යක්ෂමතාවයක් සහ නම්‍යශීලීභාවයක් සඳහාම නිර්මාණය කරන ලද අධි වෝල්ටීයතා වාණිජ බැටරි විසඳුමකී. 30kWh සිට 2.64MWh දක්වා ප්‍රමාණය වැඩි කළ හැකි ධාරිතාවක් සහිත එය 1C වේගවත් ආරෝපණය සහ විසර්ජන සඳහා ඉවහල් වන අතර බැටරිය 100%ක්ම භාවිතය (DoD) සඳහා සහය දක්වයි. එම නිසාම මෙය කාර්මික සහ වාණිජ බලශක්ති ගබඩා අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු වේ.
- Solar Hybrid Inverter – ස්මාර්ට් බර පාලනය සහ දුරස්ථ අධීක්ෂණ හැකියාවන් සමඟ grid-tied සහ off-grid දෙමුහුන් භාවිතයට සහාය ලබාදෙන බලශක්ති පද්ධති එකට එක් කොට තබන Intelligent hub එකකින් මෙය සමන්විත වේ.
ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින බලශක්ති ඉල්ලුම මෙන්ම විකල්ප බලශක්තීන්, බලශක්ති ආරක්ෂාව සහ දිගුකාලීන තිරසාරභාවය පිළිබඳ අවශ්‍යතාවය ඉහළ යමින් පවතින තීරණාත්මක අවස්ථාවක් මධ්‍යයේ මෙම හඳුන්වාදීම සිදුකිරීමද විශේෂත්වයකී.අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් ලද BYD හි තාක්‍ෂණය පිරිසිදු මෙන්ම වඩාත් බුද්ධිමත් බලශක්ති යටිතල පහසුකම් සැලසීම කෙරෙහි ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.
BYD Energy Storage හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ කර්සන් ෂියාඕ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “Hayleys Solar සහයෝගීතාවයෙන් අපගේ උසස් බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමේ හැකියාව ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. ලොව පුරා රටවලට පිරිසිදු, විශ්වාසනීය සහ බුද්ධිමත් බලශක්ති තාක්ෂණයක් සැපයීම BYD අපගේ මෙහෙවරයි. ගෝලීය තිරසාරභාවය මෙහෙයවීමට සහ පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමට ජනතාව වෙත සහාය වීම වෙනුවෙන් අප දක්වන කැපවීම සමඟ මෙම හවුල්කාරිත්වයද මැනවින් සමපාත වෙනවා.”
Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. ” තිරසාර නවෝත්පාදනයන් මෙහෙයවීම පිළිබඳ උරුමයක් සහිත සමාගමක් ලෙස අනාගතයට ගැළපෙන බලශක්ති විසඳුම් ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීම වෙනුවෙන් BYD සමඟ සහයෝගීතාවයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානිව සතුටු වෙනවා. Hayleys Solar Power සඳහා පමණක් නොව, ඉහළ ඔරොත්තු දීමේ හැකියාවකින් සහ ස්වාධීනත්වයකින් යුතු බලශක්ති විසඳුම් සඳහා වූ මෙරට ගමන් මග තුළද මෙම හඳුන්වාදීම ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.”
Hayleys Solar හි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “දේශීය වෙළෙඳපල වෙත මෙම දියුණු තාක්ෂණයන් හඳුන්වා දීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක මෙම විසඳුම් මිලියනයකටත් වැඩියෙන් ස්ථාපනයන කර ඇති අතර ඒ පිළිබඳ දැනට හදිසි ගිනි ගැනීම් වැනි තත්ත්වයන් වාර්තා වී නැහැ . BYD හි උසස් බැටරි සහ ඉන්වර්ටර් විසඳුම් පහසුකම් අඛණ්ඩව දේශීය ජනතාව වෙත පිරිනැමීමට Hayleys Solar කැපවී සිටින අතර ඒ වෙනුවෙන් අපගේ කණ්ඩායම හොඳින් සූදානම් වී සිටිනවා.”
ලෝකයේ වඩාත්ම දියුණු බලශක්ති ගබඩා පද්ධති සහ ඉන්වර්ටර් කිහිපයක් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට මේ වන විට Hayleys solar හි පුළුල් විශේෂඥතාව සහ සේවා විශිෂ්ටත්වයේ සහය සමඟ ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසා දී තිබේ . විදුලි ජාල මත යැපීමට සිදු වීම අවම කිරීම, බලශක්ති ඉතිරිය වැඩි කිරීම සහ දේශීය වෙළෙඳපලේ වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන ස්මාර්ට් බලශක්ති කළමනාකරණය වැනි පහසුකම් රැසක් BYD හි බැටරි සහ ඉන්වර්ටර් විසඳුම් ඔස්සේ මෙරට බලශක්ති පරිභෝජකයන්ට භුක්ති විඳිය හැකිය .
නාවල පිහිටි Hayleys Fentons Experience Centre හි දී මෙන්ම මාතර, යාපනය, මීගමුව සහ මහනුවර පිහිටි Hayleys Solar Experience Centre අලෙවි සහ සේවා මධ්‍යස්ථානයන්ගෙන් පාරිභෝගික ජනතාවට මෙම නිෂ්පාදන පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත..
011 210 2102 ඔස්සේ Hayleys solar සමඟ සම්බන්ධවීමෙන් හෝ www.hayleyssolar.com වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ නොමිලේ මාර්ගෝපදේශය හෝ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.