Latest News Sinhala

International Logistics & Movers (Pvt) Ltd සඳහා DIMO වෙතින් Tata SIGNA Prime Movers

Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර  85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදුකරන ලදී.

මෙරට වෙළඳපල, වාහන ආනයනය සඳහා විවෘත කිරීමෙන් පසුව සිදුකරන ලද මෙම වෙළෙඳ වාහන සැපයුම ශ්‍රී ලංකාවේ වෙළෙඳ වාහන ක්ෂේත්‍රය තුළ විශේෂ සන්ධිස්ථානයක්  සනිටුහන් කරනවා. Prime Movers කාණ්ඩයේ මෙරට අංක 01 තේරීම බවට පත් වෙමින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී පමණක් Tata Prime Movers රථ 100කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට DIMO සමත් වී තිබෙනවා.

එමෙන්ම ගබඩා, ප්‍රවාහන, රේගු තැරැව්කාර කටයුතු ඇතුළු මෙහෙයුම් කටයුතු සහ ව්‍යාපෘති භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සැපයීම ආදිය සම්බන්ධයෙන් ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරන ILM ආයතනය මුල් අදියරේදී ලබා දුන් Tata SIGNA Prime Movers රථ 22, Prime Movers රථ ඒකක 50 දක්වා කඩිනමින් පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.

මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ILM හි උපායමාර්ගික පියවරක් ලෙස සිය ප්‍රවාහන මෙහෙයුම් සඳහා යොදාගන්නා රථ වාහන ප්‍රමාණය පුළුල් කිරිම තුළින් කොළඹ සහ හම්බන්තොට වරායන්හි අන්තර් පර්යන්ත ප්‍රවාහන මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීම මෙහි මූලික අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් International Logistics & Movers (Pvt) Ltd හි සභාපති සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී හැඩ්ලි රොද්‍රිගෝ මහතා මෙසේ පැවසුවේය. “Tata SIGNA Prime Movers නිර්මාණය කර ඇත්තේ ප්‍රවාහන මෙහෙයුම් සඳහා වැදගත් වෙන වැඩි බරක් දරා ගැනීමේ හැකියාව, වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ උසස් රියදුරු සුවපහසුව සමඟින්වීම විශේෂත්වයක්. ILM මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා Tata වාහන තෝරා ගැනීම කෙරෙහි තීරණාත්මක සාධක ලෙස DIMO හි අසමසම අලෙවියෙන් පසු සේවාව හේතු වුණා.”

DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙහි වැදගත්කම පිළිබඳ අවධාරණය කළේ මෙසේය. “DIMO සහ Tata සතු නිෂ්පාදන ගුණාත්මකභාවය කෙරෙහි පවතින විශ්වසනීයත්වය මෙම මිලදී ගැනීම තුළින් පසක් කර තිබෙනවා. DIMO, මුළු රටම ආවරණය වන පරිදි පැය විසිහතර පුරාම ලබාදෙන මාර්ගස්ථ උපකාරක සේවය සහ අසමසම අලෙවියෙන් පසු සේවාව සමඟ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මාවත් විවර කරමින්, ඉතා ඵලදායී වෙළඳ වාහන සැපයීමක් සඳහා දක්වන කැපවීම මෙයින් මැනවින් ප්‍රදර්ශනය කරනවා. නවීන වෙළඳ වාහන සදහා දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා උසස් ඉංජිනේරු තාක්ෂණය  සමඟ අති නවීන විශේෂාංග එක් කරමින් නිර්මාණය කළ මෙම Tata SIGNA prime movers මඟින් දිගුකාලීන වටිනාකමක් සහ උසස් ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන් වෙත පිරිනමනවා.”

 ILM විසින් Tata LPS 5530 SIGNA Prime Movers සහ Tata LPS 4018 SIGNA මාදිලි ද්විත්වය සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කිරීමට තෝරාගෙන ඇති අතර එමඟින් පෙර වාහන මාදිලිවලට වඩා වැඩි බර ධාරිතාවයක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබී තිබේ. උපරිම ආයු කාලය සහ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුත් Tata SIGNA Prime Movers වැඩිදියුණු කළ එන්ජිමක් සහ 9-speed GRT ගියර් පද්ධතියකින් සමන්විත වේ.

මෙම Tata SIGNA Prime Mover රථ පෙළ ඉහළ කාර්යසාධනය පමණක් නොව ඉන් ඔබ්බට ගමන් කරමින් රියදුරුගේ සුවපහසුවද නව තලයකට රැගෙන යන අතර එහි සුඛෝපභෝගී කැබින් අභ්‍යන්තරය, රියදුරුට පහසු ලෙස තුන් ආකාරයකින් වෙනස් කළ හැකි යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන රියදුරු ආසනය, USB ආරෝපණ පහසුකම්, ඉඩකඩ සහිත නිදන මැදිරිය සහ වඩා හොඳ දෘශ්‍යතාවක් සඳහා හිරු එළිය ආවරණ සමඟින් Tata SIGNA Prime Mover රථ කාර්ය සාධනය ඉක්මවා ගොස් රියදුරු සුවපහසුව නව මට්ටමකට ගෙන එයි. Tata රියදුරුගේ සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා දක්වන කැපවීම Emergency Locking Retractor (ELR) seat belts වැනි විශේෂාංග සමග තවදුරටත් තහවුරු වේ.

මෙම විශේෂත්වයන් සමඟ Tata SIGNA රථ පෙළ වෙනස්වන නවීන අවශ්‍යතාවලට ගැළපෙන උසස් ඉංජිනේරු තාක්ෂණයන් ඔස්සේ වාණිජ ප්‍රවාහන කටයුතු තවදුරටත් ඉහළ නංවයි.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *