Latest News Sinhala

යුනිමෝ Enterprises වෙතින්  නව 1000cc ටර්බෝචාජ්ඩ් ATIVA Compact SUV රථය සහ 1800/1500cc MYVI හැච්බැක් මෝටර් රථය ශ්‍රී ලංකාවේ එළිදක්වයි.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන හා ශ්‍රී ලංකාවේ පෙරොඩුවා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනිමෝ Enterprises  විසින්  සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025හි දී නව පෙරොඩුවා ATIVA සහ MYVI මෝටර් රථයන් සාඩම්බරයෙන් එළි දක්වන ලදී. මෙම  අවස්ථාව යුනිමෝ Enterprises සහ පෙරොඩුවා අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇති සහයෝගී කැපවීම නැවත තහවුරු කරමින් ඔවුන්ගේ දශක තුනක සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පෙන්නුම් කරයි.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි මැලේසියානු මහකොමසාරිස් H.E. Badli Hisham Adam මැතිතුමා, මැලේසියාවේ පෙරොඩුවා හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Datuk JH Rozman Jaafar මහතා, පෙරොඩුවා ජ්‍යෙෂ්ඨ විධායකයින්, ප්‍රවාහන සමාගම් හිමිකරුවන්, මාධ්‍ය නියෝජිතයින් සහ පෙරොඩුවා පාරිභෝගිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් යුනිමෝ විසින් කොළඹ හිල්ටන් හි දී පැවත් වූ එළිදැක්වීමේ  උත්සවය සඳහා සහභාගී විය.

මැලේසියාවේ අංක 1 මෝටර් රථ සන්නාමය වන පෙරොඩුවා, වසර 30කට ආසන්න කාලයක් යුනිමෝ Enterprises සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කර ඇති අතර, විශ්වාසදායක සහ උසස් තත්ත්වයේ වාහන සමඟ පාරිභෝගිකයන් 17,000කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ඇත. ATIVA සහ MYVI හඳුන්වා දීමත් සමඟ, පෙරොඩුවා, අද වන විට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන passenger වාහන කාණ්ඩ ආවරණය කරයි.  නවීන, ස්මාර්ට්  ගමනාගමනයක් කරා ගමන් කරන අතරම එහි වටිනාකම, කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය රැක ගනිමින් අඛණ්ඩව ඉදිරියට යයි.

පෙරොඩුවා ATIVA යනු ස්මාර්ට් ආරක්ෂාව, උසස් තාක්ෂණය සහ එදිනෙදා ප්‍රායෝගිකත්වය මුසු කරන ඊළඟ පරම්පරාවේ compact SUV රථයකි. එහි D-CVT transmission සහිත 1.0L ටර්බෝචාජ්  එන්ජිම, විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර, පෙරොඩුවා Smart Drive Assist මඟින් Adaptive Cruise Control සහ Pre-Collision Braking වැනි විශේෂාංග මෙම රථයේ ආරක්ෂාව ඉතාමත් ඉහළ අයුරින් තහවුරු කරයි. හඬ පාලනය සහ Smart Link සහිත 9″ infotainment display මඟින් පාරිභෝගිකයා සම්බන්ධ කර තබා ගන්නා අතර, ඉඩකඩ සහිත, පෙරොඩුවා ATIVA හි නම්‍යශීලී අභ්‍යන්තරය ඕනෑම ගමනක් සඳහා සුවපහසුවක් එක් කරයි. හැඩකාර සහ බහුකාර්ය –  පෙරොඩුවා ATIVA රථය, නාගරික ගමනාගමනය සහ විනෝද චාරිකා යන දෙකටම ගැලපෙන සේ නිර්මාණය කර තිබේ.

ආසියාවේ ප්‍රියතම හැච්බැක් රථය වන පෙරොඩුවා MYVI, නැවුම්, හැඩකාර පෙනුමක් සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවයකින් හඳුන්වා දී තිබේ. D-CVT transmission සහිත ද්විත්ව VVT-i එන්ජිම සුමට කාර්ය සාධනයක් සහ විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. voice recognition, Smart Link connectivity සහ Display Audio වැනි නවීන විශේෂාංගවලින් පිරී ඇති එය බාධාවකින් තොරව රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි. පෙරොඩුවා හි උසස් ආරක්ෂණ සහාය සහ සැහැල්ලු, ප්‍රායෝගික නිර්මාණය සමඟින්,  කාර්ය සාධනය, සුවපහසුව සහ එදිනෙදා භාවිතයේ හැකියාව පරිපූර්ණ ලෙස සමතුලිත කරයි.

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ චානක යටවර මහතා, “පෙරොඩුවා වසර 30කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමයක් වන අතර වාහන 17,000කට වඩා අලෙවි කර තිබෙනවා. නැවත විකිණීමේ දී ඉහළ විකුණුම් වටිනාකම, මනා ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු නඩත්තු වියදම් සඳහා ප්‍රසිද්ධ පෙරොඩුවා, පාරිභෝගිකයින්ට සහ මූල්‍ය ආයතන සඳහා වඩාත් ගැලපෙන ඉහළම තේරීමක් ලෙස සැලකෙනවා. වාර්ෂිකව දිවයින පුරා වාහන 40,000ක් පමණ නඩත්තු කරන අතර, මාදිලි තුනක් යටතේ මාස මාස හය/හතක් අතර අපගේ වැඩහල් 10ක් හරහා පෙරොඩුවා ඒකක 1,000කට වඩා අලෙවි කර තිබෙනවා. මෙම දියත් කිරීම මගින් ගුණාත්මක, විශ්වාසදායක සහ වටිනාකම් මත පදනම් වූ ගමනාගමන විසඳුම් ලබා දීම වෙනුවෙන් අප සමාගමේ කැපවීම අවධාරණය කරනවා” යනුවෙන් මේ අවස්ථාවේ දී අදහස් දැක්වීය.

පෙරොඩුවා ATIVA සහ පෙරොඩුවා  MYVI යන මාදිලි දෙකම වසර 5ක හෝ කිලෝමීටර් 150,000ක වගකීමක් සහිත විශිෂ්ට වටිනාකමක් ලබා දෙන අතර හිතේ නිදහසින් යුත්  ගමනාගමනයක සුවපහසුව පාරිභෝගිකයාට දෙයි.

වැඩි විස්තර සඳහා www.peroduasl.lk වෙත පිවිසෙන්න, නැතිනම්  0117 565 170 ඔස්සේ පෙරොඩුවා පාරිභෝගික සේවාව අමතන්න.

END

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *