Latest News Sinhala

DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රථම ICC ප්‍රමිතීන්ට අනුකුල LED floodlight පද්ධති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් තුළ ස්ථාපිත කරයි

DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදු කළ අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ නව floodlight පද්ධතිය 2025 දී සම්පූර්ණ කිරීමට DIMO ආයතනය සමත්විය.

DIMO සමාගම 1980 දශකයේ දී ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ floodlight පද්ධතිය සවි කිරීමත් සමග එම ක්‍රීඩාංගනය ලෝකයේ දෙවැනි floodlight පද්ධතියක් සහිත  ක්‍රීඩාංගනය බවට පත්විය.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාංගන LED ආලෝක පද්ධති වෙත යොමුවන අතර, ICC ආයතනය ද පැරණි ආලෝක පද්ධති වෙනුවට නවතම තාක්ෂණයෙන් යුත් LED floodlighting පද්ධති සඳහා අවධානය යොමුකිරීමේ ප්‍රතිඑලයක් ලෙස මෙම නවතම ආලෝක පද්ධති ස්ථාපිත කිරීම හැඳින්විය හැකිය.

ICC නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කර ඇති මෙම LED ආලෝක පද්ධති, දිවා රාත්‍රී තරඟ සහ රුපවාහිනී විකාශන සඳහා අවශ්‍ය ආලෝකන හැකියාව සහතික කරයි. ඒ මගින් 4K සහ 8K විකාශන සඳහා සුදුසුම තත්ත්වයන් සපයන අතර, ක්‍රීඩාංගනයේ සිටින මෙන්ම රුපවාහිනී තුළින් නරඹන ප්‍රේක්‍ෂකයන්ට නව්‍ය වූ අත්දැකීමක් ලබාදේ. Slow-motion replays සහ Decision Review System (DRS), වැනි අතිරේක තාක්ෂණික පහසුකම් ද වර්ධනය කරමින් හොඳ ආලෝකකරණයක් තුළින් ක්‍රීඩක ආරක්ෂාව ද තහවුරු කරයි.

LED floodlighting පද්ධති, සම්ප්‍රදායික පද්ධති සමඟ සංසන්දනය කළ විට, අඩු විදුලි පරිභෝජනය, දිගු ආයු කාලය, අඩු උෂ්ණත්වය සහ නඩත්තු වියදම් අඩුවීම වැනි විශේෂාංග සඳහන් කළ හැක. එසේම මෙහිදී පරිසරයට හානි කරන ද්‍රව්‍ය නොමැති බැවින්, තවදුරටත් පරිසර හිතකාමී විසඳුමක් ලෙස සැලකේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ නව floodlighting පද්ධතිය සවි කිරීමේ දී 660 LED floodlight එකතුවක් ප්‍රධාන ක්‍රීඩා භූමිය සඳහා සහ 72ක් පුහුණු කටයුතු සඳහා ද සවි කරන ලදී. දඹුල්ල ක්‍රීඩාංගන ව්‍යාපෘතිය තුළ දී කේබල් එළීම මීටර 1100ක කලාපයක් ආවරණය කරමින්  ක්‍රීඩාංගනය වටා සිදු වූ අතර මීටර 52800ක කේබල් එළීමක් කුළුණු සඳහා සිදුකරන ලදී.

DIMO ස්ථාපිත කරන ලද මෙම LED floodlighting පද්ධති, ජාත්‍යන්තර තාක්ෂණය මෙරට යටිතල පහසුකම් නවීකරණය සඳහා හඳුන්වාදීම කෙරෙහි DIMO ආයතනයේ කැපවීම මැනවින් පෙන්වා දෙන අතර සමාගම සතු ජාතික තලයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකවීමෙන් ලත් අත්දැකීම සහ නිපුණතාව ඔස්සේ මෙම ක්ෂේත්‍රය  සඳහා උසස් ප්‍රමිතීන් හඳුන්වා දෙන බවත්, DIMO හි විධායක අධ්‍යක්ෂ, විජිත් පුෂ්පවෙල මහතා පැවසීය.

මෙම ව්‍යපෘති දෙක සඳහාම උසස් තත්වයේ සේවා සත්කාරයක් සිය තාක්ෂණික කණ්ඩායම හරහා ලබාදීමටත් DIMO සමාගම සැදීපැහැදී සිටියි. LED floodlights ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමකට ගෙන යාමට DIMO සමාගම සෘජුවම දායක වන බව තහවුරු වේ.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *