Latest News Sinhala

2025 මහ කන්නයේ දී ට්‍රැක්ටර් රථ හිමියන්ට සවියක් වෙමින්  DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව මෙවරත් අති සාර්ථකව නිමාවේ

මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය.

මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම  සහ එමඟින් ඕනෑම  ට්‍රැක්ටර් රථයක කල්පැවැත්ම සහ  කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව දැනුවත් කිරීමයි.

කෘෂිකර්මාන්ත කටයුතුවල කාර්යක්ෂමතාවය සහ එහි ගුණාත්මකභාවය කෙරෙහි කෘෂි යන්ත්‍රෝපකරණවල නිසි නඩත්තුව ඉතා වැදගත් වන අතර ඒ සඳහා මෙරට ගොවි ජනතාව වෙත සිය දායකත්වය ලබාදීමේ පරමාර්ථයෙන් නොමිලේ පවත්වන මෙම DIMO Care Camp සේවා කඳවුර සඳහා ඕනෑම සන්නාමයකට හෝ වර්ගයකට අයත් ට්‍රැක්ටර් රථ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු  Mahindra ට්‍රැක්ටර් රථ හිමිකරුවන් සඳහා පමණක් නොමිලේ පවත්වන ලදී.

DIMO Care Camp දිවයිනේ ප්‍රමුඛතම කෘෂි දිස්ත්‍රික්ක ගණනාවක්ම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව, වව්නියාව, අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල සහ පොළොන්නරුව වැනි  දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් මේ ඔස්සේ ආවරණය විය. මෙම සේවා කඳවුරු 2025 ජුලි 30 සිට අගෝස්තු 11 දක්වා පැවැත්විණි. Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද අගෝස්තු 7 සිට 31 දක්වා  කිලිනොච්ච්, මන්නාරම, මුලතිව්, අම්පාර, චෙන්කලඩි, මොණරාගල, වැල්ලවාය, ඇතිමලේ, ගිරාදුරුකෝට්ටේ,  රඹෑව, පදවිය, හොරොව්පතාන, මහව, කන්තලේ සහ පොල්පිතිගම යන ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් සංවිධානය කර තිබිණි.

ට්‍රැක්ටර් රථ නොමිලේ පරික්ෂා සේවාව  සහ අලුත්වැඩියා මෙන්ම ට්‍රැක්ටර් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්  ලබාදීම  මෙන්ම විශේෂ තාක්ෂණික උපදේශන සේවා ආදී ප්‍රතිලාභ රැසක් මෙම කඳවුරු සඳහා සහභාගි වූ ට්‍රැක්ටර් රථ හිමියන් වෙත DIMO ආයතනය විසින් පිරිනමන ලදී.

DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු ඔස්සේ ට්‍රැක්ටර් රථ හිමියන් වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය සායන ද  සංවිධානය කර තිබූ අතර රුධිර පීඩනය, BMI අගය පරික්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් දියත් කරමින් මහ කන්නයට සාර්ථකව මුහුණ දීමට අත්‍යාවශ්‍ය යහපත් සෞඛ්‍ය පිළිබඳ  දැනුවත් කරමින් ට්‍රැක්ටර් රථ හිමියන් කෘෂි කටයුතු සඳහා සූදානම් කරවීම ද මෙහිදී සිදුවිය. එමෙන්ම Mahindra සේවා කඳවුරු තුළදී ට්‍රැක්ටර් රථ හිමිකරුවන් සහ ප්‍රදේශවාසී සියලු දෙනා හට නොමිලේ වෛද්‍ය සායන පැවැත්වූ  අතර එහිදී රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, BMI පරීක්ෂාව සහ වෛද්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරුණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. “මෙවර  DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව තුලින්  ට්‍රැක්ටර් රථ හිමිකරුවන් නිවැරදි තාක්ෂණික උපදෙස් ලබාදී දැනුමෙන් සන්නද්ධ කිරීම මූලික අරමුණ වුණා. අපි විශ්වාස කරනවා මෙම තාක්ෂණික උපදේශන සේවා හරහා ට්‍රැක්ටර් රථ හිමිකරුවන්ට සිය ට්‍රැක්ටර් රථ උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩි කාලයක් භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි කියා.”

මෙයට අමතරව DIMO Care Camp සේවා කඳවුරට සහභාගී වූ පිරිසට විනෝදාත්මක අත්දැකීමක් ලබාදීම සඳහා FM දෙරණ සමග සම්බන්ධව ගමට දෙරණ වැඩසටහන මෙම  ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පැවැත්වෙන සෑම ස්ථානයකම සංවිධානය කර තිබීම නිසා සුවිශේෂී දීමනා සමඟින්  විනෝදාත්මක ක්‍රීඩා තුලින් තෑගි දිනාගැනීමට අවස්ථාව සහභාගී වූ පිරිසට ලැබිණි.

Mahindra, Swaraj ආදී ප්‍රමුඛ පෙළේ ට්‍රැක්ටර් රථ මෙරටට ගෙන්වා බෙදාහැරීම සහ අලෙවියෙන් පසු සේවාව සැපයීම DIMO ආයතනය මගින් සිදු කරන අතර ට්‍රැක්ටර් රථ අලුත්වැඩියා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳ මනා දැනුමක් සහ පළපුරුද්දක් මෙන්ම ඒ පිළිබඳ ඉහළ නිපුණතාවයක් සහිත කාර්මික ශිල්පීන් ද DIMO ආයතනය සතුවේ. මෙම නිපුණත්වය සහ අත්දැකීම් ඉවහල් කරගනිමින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව සවිබලගන්වා ඔවුන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට DIMO ආයතනය නිරන්තරයෙන් කැපවී සිටියි.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *