Latest News Sinhala

”ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’’ තේමාව යටතේ ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන රැසක් ආලෝකමත් කරයි

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් සිය වාර්ෂික ආලෝක පූජාව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ රිදීගම රිදී විහාරය යන පූජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරිණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව වාර්ෂික ඇසළ උත්සවයට සමගාමීව මෙම ආලෝක පූජාව සිදු කරන ලදී.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් මෙම ආලෝක පූජා සත්කාර වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය. ‘’ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජා සත්කාරයන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී සමාගම මෙලෙස ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කරනු ලබන්නේ සියලුම බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම, රටේ උරුමය සුරැකීමේ වැදගත්කම පිළිබඳව තරුණ පරපුර දැනුවත් කිරීම සදහායි.’’

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය, දඹදෙණි රාජධානි සමයේ ගොඩ නගන ලද්දකි. දෙවන පරාක්‍රමභාහු රජු ශ්‍රී පාදය වෙත යන අතරතුර, අලුත්නුවර හරහා ගමන් කරන විට, එම ස්ථානය දැක පැහැදී, විහාරස්ථානයට දේපළ පරිත්‍යාග කිරීමට තීරණය කළ බවට විශ්වාස කෙරේ.  

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පිහිටි සතර මහා දේවාල අතුරින් එකක් වන මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය රාජකීය මාළිගය (මහ වාසල) සහ ශ්‍රී දළදා මාළිගාව සමඟ දිගු කලක් පුරා සබැඳියාවක් පවත්වයි.

පෘතුගීසීන් විසින් විනාශ කරන ලද පළමු උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය ක්‍රිස්තු වර්ෂ 661 දී  ධාපුළුසෙන් රජු විසින් ඉදි කරන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුන් වහන්සේගේ පරිණිර්වාණයට පෙර ශ්‍රී ලංකාවේ බුදු දහම ආරක්ෂා කරන ලෙස උන්වහන්සේ ‘ශක්‍ර’ දෙවියන්ගෙන් ඉල්ලා ඇත. ‘ශක්‍ර’ දෙවියන් මේ රාජකාරිය  ‘උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු’ දෙවියන්ට පවරා ඇත.  

දෙවන රාජසිංහ රජුගේ යුගය දක්වා ඉතිහාසය දිව යන දැරණියගල සමන් දේවාලය එම ප්‍රදේශයේ නිධානයක් බඳු පුරාණ සිද්ධස්ථානයකි. ස්වදේශී සමාගම විසින් ආලෝකමත් කරන ලද රිදීගම රිදී විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා විහිදේ. ජනප්‍රවාදයට අනුව, දුටුගැමුණු රජු සමයේ රුවන්වැලි මහා සෑය තැනීම සඳහා රිදී ලබා ගත් ස්ථානය සිහිපත් කිරීමක් ලෙස රිදී විහාරය ඉදිකර ඇත.

2013 වසරේ දී, සිරි දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික දඹදෙණිය රජ මහා විහාරයේ සිතුවම් පිළිසකර කර, එහි පැරණි ශ්‍රී විභූතිය යළි ගෙන ඒමට ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය දායක වී ඇත.

අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු මහ කතරගම දේවාලය, ලංකාතිලක රජ මහ විහාරය, දඹදෙණිය රජ මහ විහාරය, සංඛපාලි රජ මහ විහාරය, කොළඹගම රජ මහ විහාරය, අත්තනගල්ල රජ මහ විහාරය සහ කෑරගල රජ මහ විහාරය යන ඓතිහාසික ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ද ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳපොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳනාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන්, නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.

ස්වදේශී සමාගමේ සියලුම නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර, ස්වදේශී නිෂ්පාදන සඳහා භාවිතා කරන සියලුම සුවඳ විලවුන් වර්ග ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) මගින් සහතික කර ඇත.

පසුගිය වසර 80 තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අපගේ ස්වදේශී සමාගම සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය  අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *