
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹිණි.පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය විසඳුම් සැපයීම පිළිබඳ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් අවධාරණය වේ.මෙම ගිවිසුම ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත Toyota Raize, Toyota Lite Ace Single Cab සහ Toyota Lite Ace Panel Van ආදී වාහන සඳහා සුවිශේෂී ලීසිං විකල්ප පිරිනැමීමේ හැකියාව මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත හිමි වේ.කිසිඳු ප්‍රමාදයකින් තොරව පාරිභෝගික ජනතාව කැමති මාදිලියකින් වාහන තෝරා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් වාහන තොගයක් ද පවත්වාගෙන යනු ඇත.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සහ Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කරන ලදී. මෙමඟින් පාරිභෝගික ජනතාව වෙත තරඟකාරී ලීසිං අනුපාත, අයදුම් කිරීම පිළිබඳ සරල ක්‍රියාවලියක් සහ වාහන මිලදී ගැනීම වඩාත් පහසු සහ ප්‍රතිලාභදායක කිරීම සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී දීමනාවන් ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනමයි.
Toyota Lanka සමාගම මෙරට Toyota වාහන අලෙවිය පිළිබඳ ඉහළ විශ්වාසයක් දිනාගත් ප්‍රමුඛතම අලෙවි නියෝජිතයා වන අතර ඒ ඔස්සේ ගුණාත්මකභාවය සහතික කරන ලද වාහන පාරිභෝගිකයන් වෙත ලබාදෙයි. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සතු මූල්‍ය විශේෂඥතාවය සමඟින් අවශ්‍යතාවන්ට ගැළපෙන ආරක්ෂිත වාහන සිය රුචිකත්වයට අනුව බාධාවකින් තොරව තෝරා ගැනීමට මූල්‍ය විසඳුම් රැසක් මෙන්ම අද්විතීය වටිනාකමක් පාරිභෝගිකයන් වෙත පිරිනමනු ඇත.
වෙළෙඳපලේ තිබෙන අනෙකුත් තේරීම්වලට සාපේක්ෂව Toyota යනු නවෝත්පාදන ශෛලීන් සමඟ ඒකාබද්ධ කළ කැපී පෙනෙන සන්නාමයකී. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමඟ මූල්‍ය හවුල්කාරිත්වයක් ඇරඹීමත් සමඟ පාරිභෝගිකයන්ට පහසුවෙන් Toyota වාහන හිමි කර ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් පුළුල් කරයි. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ Toyota Lanka හි මෙම හවුල් දැක්ම තුළින් දිවයින පුරා සිටින ජනතාවගේ වාහනයක් මිලදී ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂා කරයි.