Latest News Sinhala

දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek, වර්තමානයේ පවතින, සැඟවුණු මිල වැඩිවීම් සහ අධික වට්ටම් වලින් යුත් වෙළඳපොළ තුළ විනිවිදභාවය සහ පාරිභෝගික සාධාරණත්වය ඇති කිරීම උදෙසා නායකත්වය ගනිමින්  කටයුතු කරයි. දේශීය HARDWARE වෙළඳාමේ දී දක්නට ලැබෙන සූක්ෂම උපක්‍රමයක් ලෙස, නිෂ්පාදන ඇසුරුම්වල උපරිම සිල්ලර මිල (MRP) ඉහළ නැංවීම හරහා විශාල වට්ටම් ලබාදෙන බවට පාරිභෝගිකයින් නොමඟ යැවීම හැඳින්විය හැකිය. මෙවැනි ක්‍රියාවලියන් සිදුවන වෙළඳපොළක් තුළ සිය පාරිභෝගිකයින්ට සහ වෙළඳ මහතුන්හට සමානව වටිනාකමක් ලබා දීමට Swisstek කටයුතු කරයි.

වසර ගණනාවක් තිස්සේ, පාරිභෝගිකයින්, අසාමාන්‍ය ලෙස ඉහළ උපරිම සිල්ලර මිලක් සහිත නිෂ්පාදන දැකීමට පුරුදු වී ඇති අතර ඒවා 30%, 40% හෝ 60% වැනි වට්ටම් සමඟ විකුණනු ලැබේ. කෙසේ වෙතත්, යථාර්ථය නම්, විශාල වට්ටමක් ලෙස පෙනෙන දේ ඇත්ත වශයෙන්ම මිලකරණ උපක්‍රමයක් වීමයි. මෙම උපරිම සිල්ලර මිල ගණන් උපායමාර්ගිකව නිර්මාණය කර ඇති අතර එමඟින් අලෙවි නියෝජිතයින්ට වට්ටම් ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට සහ විශාල ලාභයක් ලැබීමට ඉඩ සලසයි. උදාහරණයක් ලෙස, පාරිභෝගිකයෙකුට නිෂ්පාදනයක් සඳහා 35%ක වට්ටමක් ලබා ගත හැකි අතර, වෙනත් පාරිභෝගිකයෙකුට එම නිෂ්පාදනය සඳහාම ලැබෙන වට්ටම 15%ක් විය හැකිය. මෙයට හේතුව නියෝජිතයාගේ පිරිවැය සහ වැඩි වූ උපරිම සිල්ලර මිල අතර ඇති විශාල වෙනසය. මෙම ක්‍රියාවලිය හේතුවෙන් පාරිභෝගිකයින්ට ඔවුන් මිලදී ගන්නා නිෂ්පාදනයේ සැබෑ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොලැබෙනු ඇත.

Swisstek සමාගම මෙවැනි ක්‍රියාවලියන්ට විරුද්ධව නැගී සිටින අතර, සැමවිටම විනිවිදභාවය ආරක්ෂා වන පරිදි ක්‍රියා කරයි. එය සමාගමේ මිලකරණ උපායමාර්ගයට ඇතුළත් කර ඇති අතර Swisstek’s Tile Adhesive හි උපරිම සිල්ලර මිල ගණන් වර්තමානයේ වෙළඳපොළේ අඩුම අගයන්ට අයත් වන අතර එය කර්මාන්තයේ පවතින අනෙකුත් මිලකරණ ක්‍රමවේදයන්ගෙන් වෙනස් වෙයි. Swisstek Super Adhesive දැන් රුපියල් 1,699ක උපරිම සිල්ලර මිලක් දරන අතර, එය වෙළඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන වලට වඩා බොහෝසෙයින් අඩු මිලකි. අනෙකුත් නිෂ්පාදන බොහෝමයක උපරිම සිල්ලර මිල රුපියල් 2,000 ට වඩා වැඩි මිලක් දරයි. 

Swisstek Ceylon PLC හි කළමනාකාර අධ්‍යක්‍ෂ දමින්ද පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අප විශ්වාස කරන්නේ පාරිභෝගිකයෙකු භාණ්ඩයක් සඳහා ගෙවන විට, ඔවුන් ප්‍රධාන වශයෙන් භාණ්ඩය සඳහාම ගෙවිය යුතු බවත්, සිල්ලර වෙළෙන්දා, බෙදාහරින්නා සහ නිෂ්පාදකයා සඳහා සාධාරණ කොටසක් වෙන් කළ යුතු බවත්ය. අධික ලෙස විශාල, බොහෝ විට නොමඟ යවන සුළු වට්ටම් ලබා දීමේ වර්තමාන භාවිතය පාරිභෝගිකයාව නොමඟ යැවීමක්. Swisstek හිදී, අපි සහතික කරනවා පාරිභෝගිකයෙක් අපේ නිෂ්පාදනය මිලදී ගන්නා විට, ඔවුන් ගෙවන්නේ Swisstek නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය වලට, ගුණාත්මකභාවයට සහ විශ්වසනීයත්වය සඳහා මිස කෘතිමව වැඩි කරන මිලක් සඳහා නොවන බව.”

Swisstek එහි පාරිභෝගිකයන්ට පමණක් නොව, වෙළඳ මහතුන් සඳහා ද  විනිවිදභාවය පදනම් කරගත් ක්‍රමවේදයක් අනුගමනය කරයි. ඔවුන් සාධාරණ හා නීතිමය රාමුවක් තුළ කටයුතු කරන බව සහතික කරයි. මේ තුළින්, පාරිභෝගිකයන්ට ස්ථාවර මිල ගණන් ලබාදීමටත් Swisstek නිෂ්පාදනයන් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමටත් කටයුතු කරයි.

මෙම දිගුකාලීන භාවිතයන් අභියෝගයට ලක් කිරීම පහසු නොවන බව Swisstek පිළිගන්නා අතර, විශ්වාසය මත ගොඩනැගුණු වෙළඳ සන්නාමයක් වන SWISSTEK මෙම වැරදි මිලකරණය නිවැරදි කිරීමට මූලිකත්වය ගනිමින් සිටියි. මිල ගණන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට Swisstek විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා අතර ශ්‍රී ලංකාවේ HARDWARE ක්ෂේත්‍රය අඛණ්ඩව පරිණාමය වෙමින් පවතින හෙයින්, විනිවිදභාවි මිලකරණය පිළිබඳ Swisstek හි නායකත්වය සෑම කෙනෙකුටම ආරක්‍ෂිත වෙළඳපොළක් ගොඩනැගීමට උපකාරී වේ.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *