Latest News Sinhala

AMW සහ New Holland ට්‍රැක්ටර්ස් සමාගම දීප ව්‍යාප්ත සේවා කඳවුරු මාලාවක් දියත් කරමින් සිය දස වසරක අභිමානවත් සහයෝගීත්වය සමරයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයා වන Associated Motorways (AMW) සමාගම, New Holland ට්‍රැක්ටර්ස් සමඟ වසර 10ක සාර්ථක සහයෝගීත්වය සමරයි. New Holland ට්‍රැක්ටර්ස් හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා AMW සමාගම වේ. මෙම සහයෝගීතාව ආරම්භයේ සිටම, AMW සමාගම ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ගොවි මහතුන්ට  විශ්වාසදායක උපකරණ මෙන්ම සිය අසමසම සේවාව සමඟින් කෘෂිකාර්මික අංශයට සහයෝගය ලබා දීමට කැපවීමෙන් ක්‍රියා කරනු ලබයි. ඒ අනුව මෙම දස වසරක සහයෝගීත්වය සැමරීම වෙනුවෙන් AMW සමාගම විසින් සිය විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ගේ කෘෂිකාර්මික උපකරණ සහ ට්‍රැක්ටර්, මහා කන්නයට භාවිතය සඳහා පරීක්ෂා කිරීමට නොමිලයේ සේවා කඳවුරු මාලාවක් මෙහෙයවන ලදී.

මුලතිව්, හොරොව්පොතාන, මඩකලපුව සහ සමන්තුරයි ඇතුළු ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශවල, AMW සමාගමෙහි සේවා කණ්ඩායම් විසින් ඔක්තෝම්බර් මාසය පුරාවටම මෙම පරීක්ෂා කිරීම් නොමිලයේ  සිදු කරන ලදී. මෙලෙස සේවා කඳවුරු ක්‍රියාත්මක කිරීමේ අරමුණ වූයේ දේශීය ගොවි මහතුන් සතුව පවතින New Holland ට්‍රැක්ටර ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා ප්‍රශස්ත තත්ත්වයේ පවතින බවට සහතික කිරීමයි. ට්‍රැක්ටර 100කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන යටතේ පරීක්ෂාවට ලක් කළ අතර, මෙමඟින් ගොවි මහතුන්ට සහාය වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය වන කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ නඩත්තු කිරීමට සමාගම දක්වන කැපවීම අවධාරණය කරයි.

මීට අමතරව, AMW හි පුහුණු කාර්මික ශිල්පීන් යොදාගනිමින්  ට්‍රැක්ටර පරිහරණය කිරීම සහ නඩත්තුව පිළිබඳ  විශේෂඥ තාක්ෂණික උපදෙස් මෙම පරීක්ෂණ සඳහා සහභාගී වූ ගොවි මහතුන්ට ලබා දීමට ද AMW සමාගම කටයුතු කළේය. මෙහිදී AMW සමාගම විසින් ප්‍රමිතියෙන් යුත් අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබා දුන් අතර දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ උපාංග මිල දී ගැනීමට ගොවි මහතුන්ට  අවස්ථාව ලබා දෙන ලදී.

ශ්‍රී ලාංකේය ප්‍රජාව සහ ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා ගොවි මහතුන් ඉටු කරන වැදගත් කාර්යභාර්ය හඳුනා ගෙන සිය විශ්වසනීය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙලෙස සහයෝගයක් දැක්වීමට හැකිවීම පිළිබඳව AMW සමාගම නිහතමානීව ආඩම්බර වෙයි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා ලෙස, AMW සමාගම කෘෂිකාර්මික අංශයට සුවිශේෂී සේවාවක් හා සහායක් ලබා දෙමින්, ගොවි මහතුන් හට ඔවුන්ගේ ජීවනෝපාය සඳහා අවශ්‍ය උපකරණ සහ මෙවලම්වල ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන්ව සවිබල ගැන්වීමට මෙලෙස කැප වී සිටියි.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *