Latest News Sinhala

First Capital Holdings ප්‍රථම වරට LMD හි වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීමට එක්වෙයි

LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ.

ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ වසර 40කට වැඩි විශේෂඥ දැනුමක් සහිත First Capital, සිය සුවිශේෂී ඉදිරි දර්ශනය සහ විශිෂ්ට මෙහෙයුම් කටයුතු තුළින් වෙළඳපොළ ප්‍රමුඛතම බලවේගයක් ලෙස ක්‍රියා කරයි. විචක්ෂණශීලී ආයෝජන තීරණ මගින් වෙළඳපොළේ  සාමාන්‍ය ප්‍රතිලාභවලට වඩා හොඳ මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමටත් ඒ තුළින් ගනුදෙනුකරුවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමටත් සමාගම සමත් වී ඇත. ලැයිස්තුගත සමාගමක් වන First Capital දැඩි පාලනයන්ට අනුගත වෙමින් ඉහළ විනිවිදභාවයක් පවත්වාගෙන යයි. තවද ධනාත්මක ඉදිරි දැක්ම වෙනුවෙන් LRA වෙතින් ලබාදී ඇති “A” ශ්‍රේණිගත කිරීම හරහා සමාගම දැඩි පාලන ප්‍රමිතීන්ට අනුකූල වන බව පසක් වන අතර එමගින් වෙළෙඳපොළ තුළ සමාගම කෙරෙහි පවතින විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් First Capital දැවැන්ත කාර්යභාරයක් ඉටු කරයි. ඉහළම ආයතනික බදු ප්‍රමාණයක් ගෙවන්නන් අතර ප්‍රමුඛයෙකු ලෙස සිය බදු මුදල් මගින් ජාතික වර්ධනයට අඛණ්ඩ දායකත්වයක් ලබාදීමට සමාගම කටයුතු කරයි. මීට අමතරව, ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහාද කැපවී සිටින First Capital, ප්‍රාග්ධන වෙළඳපොළ සහ ඵලදායී ආයෝජනවල ප්‍රතිලාභ පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් ගෞරවනීය ආයතනයක් ලෙස කීර්තියට පත්ව ඇත. LMD හි වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීමේ ඇගයීම් ක්‍රියාවලිය සඳහා මෙම සියලුම සාධකයන් නිසැකවම ඉවහල් වී තිබේ.

First Capital Holdings මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගෞරවාදරයට පාත්‍ර වීමට එහි නායකත්වයේ සහ සේවකයින්ගේ විශේෂඥතාව සහ කැපවීම මහඟු පිටිවහලක් වී ඇත. වෙළඳපොළ පිළිබඳ විශිෂ්ට දැනුමක් සහ අත්දැකීම් සම්භාරයකින් පරිපුර්ණ අධ්‍යක්ෂ මණ්ඩලය, සමාගමේ ඉදිරි ගමන්මඟ උපායමාර්ගිකව පෙන්වා දෙන අතර අති දක්ෂ වෘත්තිකයන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නායකත්වය, සමාගම අඛණ්ඩ සාර්ථකත්වයක් කරා මෙහෙයවයි. ඉහළ දක්ෂතා ඇති විශේෂඥයන් සියලු අංශයන්හි සිය කාර්යභාරය නොපිරිහෙළා ඉටුකරන බැවින් “Performance-First” යන ආදර්ශ පාඨය සහ විශිෂ්ටත්වය අඛණ්ඩව සහතික කෙරෙනු ඇත. තවද මෙහි සියලුම සේවකයන් විසින් අවංකභාවය සහ ආචාර ධර්ම, සහයෝගීතාවය, ගෞරවනීය බව, ඉහළ කාර්ය සාධනය සහ විනිවිදභාවය යන සමාගමේ මූලික වටිනාකම් අනුගමනය කිරිම තුළින් මෙම සාමූහික ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් වේ. මෙම වටිනාකම් සමාගමේ අනන්‍යතාවය නිර්මාණය කිරීම කෙරෙහි ඉවහල් වන බැවින් සංවිධානය තුළ ගනු ලබන සෑම තීරණයක්ම සහ සෑම ක්‍රියාවක්ම ඊට අනුකුල සිදුකිරීමට සමාගම කටයුතු කරයි.

අවසානයි.

First Capital Holdings PLC පිළිබඳ:

ප්‍රාග්ධන වෙළඳපොළ විසඳුම් සැපයීම පිලිබඳ දශක හතරකට වැඩි අත්දැකීම් සහිත First Capital Holdings PLC, ශ්‍රී ලංකාවේ පුර්ණ ආයෝජන සේවා සපයන ලැයිස්තුගත සමාගමකි. LRA විසින් ධනාත්මක ඉදිරි දැක්මක් සහිත [SL] A ශ්‍රේණිගත ආයතනයක් ලෙස First Capital Holdings PLC නම්කර ඇත.

First Capital Holdings PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට රාජේන්ද්‍ර ත්‍යාගරාජා (සභාපති), මංජුල මැතිව්ස් (උප සභාපති), ඩිල්ෂාන් විරසේකර (කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී), රමේෂ් ෂාෆ්ටර්, කුඩා හේරත්, ඉනෝෂිනි පෙරේරා, රචිනි රාජපක්ෂ සහ දිලේන්ද්‍ර විමලසේකර යන අය ඇතුළත් වේ.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *