සදාචාරාත්මක නායකත්වය, තිරසාරත්ව කාර්ය සාධනයෙන් සහ ජාතික වශයෙන් වැදගත් වටිනාකම් නිර්මාණයෙන් ශක්තිමත් ඉතිහාසයක් ඇති, අරමුණු මත පදනම් වූ සංවිධානයක් ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි මෙහෙවර හා නායකත්වය යළි තහවුරු කරමින් ‘හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව (BCCS) සම්මාන 2025’ හි දී, ශ්‍රී ලංකාවේ ප්රමුඛ ආයතනික පුරවැසියෙකු ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී ගෞරවයට පාත්‍ර විය.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද BCCS සම්මාන උළෙල, පාරිසරික භාරකාරත්වය, සමාජ වගකීම, පාර්ශ්වකරුවන් සඳහා අර්ථවත් ප්රතිලාභ නිර්මාණය කිරීම සහ ජාතික සංවර්ධනය කෙරෙහි කැපවීම පෙන්වන සමාගම් හඳුනා ගනිමින් ඔවුන්ව ගෞරවයට ලක් කරයි. හොඳම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට තෝරා ගැනුණු හේමාස් හෝල්ඩින්ග්ස්, විවිධාංගීකරණය වූ ආයතන සඳහා අංශ සම්මානය, හොඳම සැපයුම්කරු සබඳතා සම්මානය, සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට ආවේණික විශේෂ සංරක්ෂණය කිරීමෙහිලා එහි තිරසාරත්ව ප්රයත්නයන් සඳහා කුසලතා ව්‍යාපෘති සම්මානය යන සම්මාන දිනා ගැනීමෙන් පසු සමස්තයක් වශයෙන් දෙවනි අනුශූරතාව දිනා ගන්නා ලදී. මෙම ක්ෂේත්රයන් ඔස්සේ හේමාස් හි නොසැලෙන නායකත්වය හා මැනිය හැකි ප්‍රතිඵල ලබා දීමට ඇති හැකියාව පෙන්නුම් කරන අතර, මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් තුන අතරට හේමාස් නාමය එක් කිරීමට දායක විණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි, මානව හා ආයතනික සබඳතා ප්‍රධානී, රවී ජයසේකර මහතා, “2025 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේ දී අප ලැබූ මෙම ගෞරවය, අපගේ අරමුණ සහ කාර්ය සාධනය එකිනෙකට බැඳී ඇති බවට අපගේ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරනවා. හේමාස් හි අපි, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම, ප්‍රජාවන් බලගැන්වීම, පරිසරය ආරක්ෂා කිරීම සහ ජාතික ප්‍රමුඛතාවයන්ට සහාය වීම කෙරෙහි කැප වී කටයුතු කරනවා. මෙම සම්මානය අපගේ ව්‍යාපාර හරහා ලබා දුන් මැනිය හැකි ප්‍රතිඵල පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාවේ ආයතනික අංශය තුළ තිරසාරත්වයේ ප්රමුඛයෙකු ලෙස හේමාස් හි ස්ථානය තහවුරු කරනවා.” යනුවෙන් පැවසීය.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින්, හේමාස් හෝල්ඩින්ග්ස් හි තිරසාරත්වය සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී, ඉෂානි රණසිංහ මහත්මිය, “මෙම පිළිගැනීම ශක්තිමත් පාලනයත්, පැහැදිලි ප්රමුඛතාවයන් සහ මැනිය හැකි ප්‍රතිඵල මත ගොඩ නගා ඇති තිරසාරත්වය සඳහා අපගේ විනයගරුක සහ ක්‍රමෝපායික ප්‍රවේශය පිළිබිඹු කරනවා. පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පහසු ප්‍රවේශය වැනි ක්ෂේත්රවල පද්ධතිමය වෙනස් කිරීම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි අපගේ අවධානය යොමු කරනවා. අපගේ තිරසාරත්ව කාර්ය සාධනය අඛණ්ඩව ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතනික නායකත්වය සඳහා ඉහළ ප්රමිතීන් සැකසීමට අපි කැප වී සිටිනවා.” යනුවෙන් පැවසීය.
හේමාස් ආයතනයට මෙම සම්මානය හිමිවන්නේ, පාර්ශ්වකරුවන් විශ්වසනීය, තිරසාර, විනිවිද පෙනෙන සහ වගකිවයුතු තිරසාරත්ව නායකත්වයක් ඉල්ලා සිටින අවස්ථාවකය. පාලනය, පාරිසරික වගකීම, සමාජීය බලපෑම සහ සදාචාරාත්මක හැසිරීම හරහා හේමාස් සමූහයේ කාර්ය සාධනය, වාණිජ මණ්ඩලයේ දැඩි තක්සේරුව හරහා ඇගයීමට ලක් විය. මෙමගින් ප්‍රජාවන් සවිබල ගැන්වීම, ජාතික සංවර්ධනයට සහාය වීම සහ අනාගත පරම්පරාවන් සඳහා මිහිතලය ආරක්ෂා කිරීම සඳහා හේමාස් හි දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.
හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී පිළිබඳව
පවුල්වලට වඩාත් යහපත් හෙට දිනයක් උදා කර ගැනීමට අත්වැලක් වීම’ යන මූලික අරමුණ පෙරදැරිව, 1948 වසරේදී හේමාස් සමාගම ආරම්භ විය. මෙම සරල විශ්වාසය, පසුගිය වසර 75ක කාලය පුරා එම සමාගමේ වර්ධනයට පාදක වී තිබේ. වර්තමානයේ දී, හේමාස් සමාගම තම පාරිභෝගික සන්නාම, සෞඛ්‍යය සේවා හා ප්‍රවාහන විසඳුම් සමගින් එම මෙහෙවර යළි යළිත් ඉටු කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය සාමාජිකයෙකු වන හේමාස් සමාගම මේ වන විට බංග්ලාදේශය වෙත ද තම මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර තිබේ. ඉදිරියේදීත් විවිධත්වයෙන් සපිරි හා උද්යෝගීමත් මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කරමින්, අර්ථවත් නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දෙමින්, විශ්වාසනීය සම්බන්ධතා නිර්මාණය කර ගනිමින්, වඩාත් අන්තර්කරණය වූ ලෝකයක පුරෝගාමීන් බවට පත් වෙමින්, තම සියලුම හවුල්කරුවන් වෙනුවෙන් සාධනීය වූ ප්රතිලාභ අත්කර දීම සමාගමේ පරමාර්ථය වී ඇත.
Photo Caption:
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද හොඳම ආයතනික තිරසාරත්ව පුරවැසි සම්මාන 2025 හි දී, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී කණ්ඩායම හොඳම ආයතනික පුරවැසි 2 වැනි අනුශූරතා සම්මානය ලබා ගනිමින්.

