Latest News Sinhala

IT Gallery විසින් සංවිධානය කළ ‘IT Gallery – Hikvision Partner 2025’ සමුළුව සාර්ථකව පැවැත්වේ

මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ සන්නාමයක් වන  IT Gallery Computer (Pvt) Ltd විසින්  වාර්ෂිකව සංවිධානය කරනු ලබන  IT Gallery – Hikvision 2025 හවුල්කාර සමුළුව පසුගිය දා සාර්ථකව නිමා විය.දේශීය ආරක්ෂක තාක්ෂණික කර්මාන්තයේ විශිෂ්ටත්වය,නවෝත්පාදනය සහ හවුල්කාරීත්වය මෙම සමුළුව මඟින් උත්කර්ෂවත්ව සමරනු ලැබේ.2017 වසරේ දී මෙම සමුළුව මුල් වරට පැවැත්වුණු අතර එතැන් සිට අද දක්වා එය තොරතුරු තාක්ෂණික බෙදාහැරීම් ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් දිනාගත් අවස්ථාවක් බවට පත්ව ඇත.මෙම අවස්ථාව සඳහා  දිවයින පුරා විහිදී සිටින කලාපීය අලෙවි නියෝජිතයන් සහ අගය එකතු කළ විසඳුම් සපයන්නන් ඇතුළු හවුල්කරුවන් 400කට අධික පිරිසක් එක්ව සිටියහ.

2024-2025 වර්ෂය තුළ IT Gallery-Hikvision සන්නාමයන් ඉදිරියට රැගෙන යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ   අලෙවිකරුවන් 10 දෙනෙකු අගයමින් ඔවුන් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී. මීට අමතරව හොඳම සේවා සපයන්නන්  වෙනුවෙන්  සම්මාන ත්‍රිත්වයක් ද මෙහිදී ප්‍රදානය කෙරිණි. මෙම ඇගයුම් වැඩසටහනේ තවත් පියවරක් ලෙස ඉහළම කාර්යසාධනයක් දැක්වූ හවුල්කරුවන් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සඳහා යුරෝපය, නවසීලන්තය,තායිලන්තය සහ මැලේසියාව සඳහා විදෙස් සංචාරයන්ද පිරිනැමුණි.එමපණක් නොව නව සබඳතා වර්ධනය කර ගැනීමට, නව්‍ය තාක්‍ෂණය පිළිබඳ දැනුම සහ අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම ස්මාර්ට් මෙන්ම ආරක්ෂිත ප්‍රජාවක් ගොඩනැගිම සඳහා සහයෝගීතාවය ඉහළ නංවාලීම සඳහා ද මෙම සමුළුව කදිම අවස්ථාවක් විය.

Hikvision ආයතනයේ නවතම තාක්ෂණික නවෝත්පාදනයන් පිළිබඳව ද මෙම සමුළුවේදී අවධාරණය කෙරිණු අතර සම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගමන් කරමින් නව්‍ය ක්‍රමවේදයන් කෙරෙහි සමාගමේ අවධානය යොමු වී ඇති බවට එමඟින් තහවුරු විය. අති නවීන AI-ක්‍රියාකාරී වීඩියෝ සෙවුම් විසඳුමක් වන AcuSeek AI  හඳුන්වා දීම සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් වූ අතර එම නවීන විසඳුම ඔස්සේ වීඩියෝ බුද්ධි දත්ත විශ්ලේෂණය කරමින් ලබා ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිනිර්මාණය කරනු ලැබේ.

Hik-Partner Pro හි සජීවී ප්‍රදර්ශන අත්දැකීම අත්විඳීමට ද මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට හැකියාව ලැබිණි. මෙම ඩිජිටල් වේදිකාව හවුල්කරුවන් සඳහා ව්‍යාපාර කළමනාකරණය වඩාත් සරල කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇත.මෙම නව්‍ය විසඳුම මෙන්ම  අනෙකුත් නවෝත්පාදන නිර්මාණයන් සමඟ Hikvision ලොව අංක 01  ආරක්ෂක කැමරා නිරීක්ෂණ සන්නාමය බව නැවත වරක් සනාථ වේ.එමෙන්ම බුද්ධිමත් AI විසඳුම් සපයමින් ව්‍යාපාර වර්ධනය සඳහ ඔවුන් දක්වන අසමසම කැපවීම ද මේ තුළින් පිළිබිඹු වේ.

මෙහිදී ශ්‍රී ලංකාව වෙත මහත් අභිමානයක් පිරිනමමින් කලාපීය Hik Tech stars උත්සවයේදී ශ්‍රි ලංකාව නියෝජනය කිරීම සඳහා විශිෂ්ට වෘත්තිකයන් තිදෙනෙක් ද තෝරා පත් කර ගන්නා ලද අතර ඔවුන්ව වෙත ද සම්මාන පිරිනැමුණි. ගෝලීය Hikvision ජාලය තුළ සිටින ඉහළ දක්ෂතා දැක්වූවන් මෙන්ම නවෝත්පාදකයන් අගයනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන සඳහා ශ්‍රී ලාංකිකයන් තේරී පත් වීම  ඔස්සේ ආරක්ෂක විසඳුම් කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් තිබෙන හැකියාවන් සහ දේශීය දක්ෂතාවන්ගේ සැබෑ ශක්තිය ඉස්මතු කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් IT Gallery Computers (Pvt) Ltdහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා  මෙසේ ප්‍රකාශ කළේය.” තාක්ෂණික ප්‍රගතිය පමණක් නොව අපගේ සහයෝගීතාවයන්ගේ සවිමත් බව ද අපි ‘Innovating Beyond Security 2025’ තුළින් සමරනවා. අපගේ ශ්‍රි ලාංකික හවුල්කරුවන් තිදෙනෙක් Hikvision සමඟ එක්ව Hik Tech stars ලෙස තේරී පත් වීම පිළිබඳ IT Gallery හි අපි ද බෙහෙවින්  සතුටු වෙනවා.එය සැබැවින්ම  අපගේ කර්මාන්තය ඉදිරියට රැගෙන යන දක්ෂතාවන්ගේ, නවෝත්පාදනයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක්.”

2011 සිට ව‍ර්තමානය දක්වා තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළඳපළ වෙත වටිනා සහයෝගය,පුහුණුව සහ තාක්ෂණික විශේෂඥතාව සපයන විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස  IT Gallery ඉහළ කීර්තියක් දිනා ගෙන ඇත.තරගකාරී වෙළෙඳපල තුළ හවුල්කරුවන්ගේ දියුණුව උදෙසා උපකාරී වන විශ්වසනීය නිෂ්පාදන, කාර්යක්ෂම සේවාව සහ නව්‍ය විසඳුම් පිරිනමමින් ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සමාගම වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.

 IT Gallery – Hikvision Partner 2024′ සමුළුව යනු සාර්ථකත්වය සැමරීමේ අවස්ථාවක් පමණක් නොව,ශ්‍රි ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන අනාගත දැක්මකී. AcuSeek AI සහ Hik-Partner Pro වැනි අති නවීන තාක්ෂණයන් සමඟින් IT Gallery සහ Hikvision නිරීක්ෂණයෙන් ඔබ්බට නවෝත්පාදන මෙහෙයවන අතර ඒ ඔස්සේ හවුල්කරුවන් බල ගන්වමින්, ආරක්ෂිත සහ ස්මාර්ට් අනාගතයක් නිර්මාණය කරයි.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *