වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit , ශ්‍රී ලංකාවේ Ceylon Cash සමඟ එක්ව තවත් දේශීය වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ. ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම වන Tether සමඟ එක්ව හඳුන්වා දෙන The Voices of the Island නමැති මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ට සහ ක්‍රිප්ටෝ ලෝලීන්ට ඔවුන්ගේ කථා සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රචාරය කිරීමට අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලංකාව සමඟ සබඳතා ඇති ප්‍රමුඛ පෙළේ මහජන නායකයින් සහ බලපෑම් කළ හැකි පුද්ගලයින් මෙම අභියෝගය සඳහා සහභාගී වන අතර, අනෙකුත් සියලුම කන්ටෙන්ට් නිර්මාණකරුවන් සඳහා ද මෙය විවෘතව පවතී. මෙම වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගය ලෙස Sony PlayStation 5 සහ තවත් රුපියල් මිලියන 1.5කට වැඩි මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සිහින හබායන්නන්ගේ සහ සංවර්ධකයින්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් ලබා දෙන, Voices of the Island, වෙනස්වන යුගයක සැබෑ සහ සත්‍ය පුද්ගලික අත්දැකීම් හඳුනාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කෙරුණු වැඩසටහනකි. Tether හි USDT වැනි දෛනික ඩිජිටල් වත්කම්වල කාර්යභාරය, ක්‍රිප්ටෝ වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරය, මෙම ඩිජිටල් වත්කම් දෛනික ජීවිතය වෙනස් කරන ආකාරය සහ Bybit කාඩ්පත වැනි නව ක්‍රිප්ටෝ ගෙවීම් ක්‍රම මඟින් ගනුදෙනු වඩාත් පහසු කරගන්නා ආකාරය පිළිබඳ තමන්ගේ සැබෑ අත්දැකීම් බෙදාගැනීමෙන් ඕනෑම කෙනෙකුට නිර්මාණකරුවෙකු විය හැකිය.
මෙම වැඩසටහන, අධ්‍යාපනය, නිර්මාණශීලිත්වය සහ ඩිජිටල් වත්කම් වෙත පහසු ප්‍රවේශයක් ලබාදීම තුළින් වැඩි පිරිසකට මූල්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව නංවාලීම සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම යන Tether හි පුළුල් මෙහෙවර ශක්තිමත් කරයි. Tether, ශ්‍රී ලංකාවේ දේශීය නිර්මාණකරුවන්ට සහය වෙමින් USDT එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගික මෙවලමක් ලෙස ක්‍රියා කරන ආකාරය අවධාරණය කරන අතර එමඟින් පුද්ගලයින්ට තම අත්දැකීම් බෙදා ගැනීමට, ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීමට සහ වර්ධනය සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමට හැකියාව ලබා දෙයි.
එය ක්‍රියා කරන ආකාරය
මෙම වැඩසටහනට X, TikTok, Instagram Reels, YouTube Shorts, Facebook, Medium, සහ LinkedIn ඇතුළු විවිධ සමාජ මාධ්‍යයන් හි blogs, reels, memes, threads, සහ සාමාන්‍ය post ඇතුළු පුළුල් පරාසයක කන්ටෙන්ට් ආකෘති ඇතුළත් වේ.
ඒ සඳහා අවශ්‍ය වන්නේ සමාජ මාධ්‍ය ගිණුමක් සහ නිර්මාණශීලී මනසක් පමණයි. නිර්මාණකරුවන්ට පහත පියවර අනුගමනය කරමින් මේ සඳහා සම්බන්ධ විය හැකිය:
- Bybit ගිණුමක් සාදා, වැඩසටහන සඳහා ලියාපදිංචි වී ඔබටම විශේෂිත වූ නිර්මාණකරුවෙකුගේ ලින්ක් එකක් ලබා ගන්න.
- ශ්‍රී ලංකා Bybit, Tether, දෛනික ජීවිතය, ක්‍රිප්ටෝ exchange reviews, Bybit Card අත්දැකීම් සහ ක්‍රිප්ටෝ අධ්‍යාපනය වැනි තේමාවන් යටතේ සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තමාගේම සැබෑ කන්ටෙන්ට් නිර්මාණය කරන්න.
- ඔබගේ නිර්මාණ #CryptoArk, #TetherLKA, #usdt, සහ #Tether යන හැෂ් ටැග් සමඟ සමාජ මාධ්‍යවල පළ කර @BybitSriLanka ටැග් කරන්න.
- සහභාගිවන්නන්ට ඔවුන්ගේ ප්‍රගතිය Telegram ලීඩර්බෝඩ් එකකින් නිරීක්ෂණය කළ හැකි අතර ඒ සඳහා ඔබ නිවැරදි ලින්ක් එක සහ හැෂ් ටැග් භාවිතා කළ යුතුය.
පහත ත්‍යාග සංචිතවලට අදාළ ප්‍රතිඵල සතිපතා ප්‍රකාශයට පත් කෙරේ:
• Content Pool (රුපියල් 500,000ක් පමණ වටිනා): ගුණාත්මකභාවය සහ ජනප්‍රියත්වය මත පදනම් වූ ත්‍යාග.
• Participation Pool (රුපියල් 500,000ක් පමණ වටිනා): අනුමත කරන ලද ඉදිරිපත් කිරීම් සඳහා 5-20 USDT airdrops.
• Performance Pool (රුපියල් 500,000ක් පමණ වටිනා): නව පරිශීලකයින් ලියාපදිංචි කර, මුදල් තැන්පතු කිරීමට යොමු කරවන හොඳම නිර්මාණකරුවන් 10 දෙනා සඳහා වෙන් කෙරේ.
මීට අමතරව, Bybit Card සැබෑ ලෝකයේ භාවිත වන අයුරු පෙන්වන නිර්මාණය සඳහා විශේෂ ත්‍යාගයක් හිමිවනු ඇති අතර ප්‍රධාන ත්‍යාගය වන Sony PlayStation 5 උත්සවය අවසානයේදී පිරිනමනු ලැබේ.
“මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන්ගේ දෛනික ජීවිතයේදී ක්‍රිප්ටෝ භාවිත කරන ආකාරය පෙන්වීමට අපට අවස්ථාවක් ලබා දෙනවා,” යැයි Bybit හි කලාපීය කළමනාකරු වන Nazar Tymoshchuk පැවසීය. “ලොව පුරා, බ්ලොක්චේන් භාවිතා කළ හැකි ආකාරය, එය යොදා ගත හැකි විවිධ ක්‍රම සහ එයට සහාය දක්වන පද්ධතිවල විශාල දියුණුවක් ඇති බව අපිට පෙනීයනවා. මේ මොහොතේ, දකුණු ආසියාව මෙම වෙනස්කම් සිදුවන වඩාත් ආකර්ෂණීය කලාපවලින් එකක්.”
“නිර්මාණකරුවන් සිය සැබෑ අත්දැකීම්, එනම් Bybit කාඩ්පත භාවිතයෙන් බිල්පත් ගෙවීම හෝ ඉතුරුම් වර්ධනය කර ගැනීමට USDT යොදා ගැනීම වැනි ඕනෑම අත්දැකීමක් බෙදාහදා ගන්නා විට, ක්‍රිප්ටෝ කොතරම් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ ප්‍රායෝගිකද යන්න අන් අයට තේරුම් ගැනීමට උපකාරී වෙනවා. memes, reels, සහ blog posts හරහා, අපි මේ කතාවලට පාදක වන පුද්ගලයින්ව සමරනවා,” යැයි Ceylon Cash හි BD වන Sheranga Maneesha (ManiyaWeb3) පැවසීය.
ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සහ Tether සමඟ එක්ව සිදු කරන මෙම වැඩසටහන මගින් සැබෑ අත්දැකීම් පිළිබඳ කන්ටෙන්ට් බෙදාහදා ගනිමින් ක්‍රිප්ටෝ මගින් සාමාන්‍ය ජනතාවගේ, කුඩා ව්‍යාපාරවල සහ නව ව්‍යවසායකයින්ගේ ජීවිත ධනාත්මක ලෙස වෙනස් කළ හැකි ආකාරය පේනවා දෙයි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලත් සහභාගීවන්නන් සඳහා පමණක් විවෘත වේ. කොන්දේසි සහ නීති රීති අදාළයි. සවිස්තර නීති සහ අවශ්‍යතා සඳහා, පරිශීලකයින්ට මෙම ලින්ක් එකට පිවිසිය හැක: [Bybit x Tether] Voices of the Island: Share your story and win rewards!
Bybit පිළිබඳව
Bybit යනු වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන අතර, එය මිලියන 70කට අධික පරිශීලකයින්ගෙන් යුත් ගෝලීය ප්‍රජාවකට සිය සේවය සපයයි. 2018 දී ආරම්භ කරන ලද Bybit, ක්‍රිප්ටෝ මුදල් සැමට විවෘත, සාධාරණ සහ භාවිතයට පහසු පද්ධතියක් ලෙස නිර්මාණය කිරීම අරමුණු කරන අතර Web3 කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශක්තිමත් පද්ධති ගොඩනැගීමට සහ බ්ලොක්චේන් නවෝත්පාදනයන් දිරිමත් කිරීමට ප්‍රමුඛ බ්ලොක්චේන් හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියා කරයි. ආරක්ෂිත, භාවිතයට පහසු, විවධ වෙළඳ විකල්ප සහ උසස් බ්ලොක්චේන් මෙවලම් ලබා දීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන Bybit, සාම්ප්‍රදායික මූල්‍ය ලෝකය (TradFi) නව විමධ්‍යගත මූල්‍ය ලෝකය (DeFi) සමඟ සම්බන්ධ කරන අතර එමගින් සංවර්ධකයින්ට, නිර්මාණකරුවන්ට සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් දක්වන අයට Web3 වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථාව සලසා දෙයි.
විමධ්‍යගත මූල්‍යකරණයේ අනාගතය සොයා යන්න Bybit.com වෙත පිවිසෙන්න.