
නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී.
රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය දැනුම් ආර්ථිකය දියුණු කිරීම උදෙසා TIIKM විසින් සිදුකරන සුවිශේෂී කැපවීම පිළිබඳ මෙම සම්මානය කදිම සාක්ෂියකී. තායිලන්තය, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව, චීනය, පිලිපීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක් සමඟ සම්බන්ධවෙමින් ජාත්‍යන්තර දැනුම සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය කිරීමට TIIKM කටයුතු කරයි.
ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල, අමාත්‍යාංශ , ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වෘත්තීය සංගම් ආදී ආයතන 400 කට අධික සංඛ්‍යාවකින් සමන්විත අන්තර්ජාතික ජාලයක සහයෝගීතාවය සමඟ ගෝලීය වේදිකාව තුළ විශ්වසනීය මෙන්ම දැනුමින් සවිබල ගන්වන ප්‍රබල සංකේතයක් ලෙස TIIKM සිය සන්නාමය ගොඩනඟා ගෙන සිටියි. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ප්‍රකාශන, පර්යේෂණ සංවර්ධන වැඩසටහන් සහ අධ්‍යයන වැඩමුළු ආදි විවිධ වැඩසටහන් පෙළක් දියත් කරමින් සංවාදයන් සහ නවෝත්පාදනයන් පෝෂණය කරන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් TIIKM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඕෂධී විතානවසම් මහතා මෙසේ සඳහන් කළේය. “මෙය අපට හිමි වූ තවත් එක් සම්මානයක් පමණක් නොවේ. එය දැනුම ජනතාව අතර බෙදාදීමට, හඬවල් සවිබල ගැන්වීමට සහ ශ්‍රී ලංකාව අධ්‍යයන සහ වෘත්තීය විශිෂ්ටත්වයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා වූ අපගේ දැක්ම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමක්. රැකියා අවස්ථා, කුසලතා සංවර්ධනය සහ විදේශ විනිමය ආදායම් මඟින් තිරසාර දේශීය වටිනාකමක් නිර්මාණය කරමින් ගෝලීය හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා.”
නව රැකියා අවස්ථාවන් 100ට අධික සංඛ්‍යාවන් ලබා දෙමින් සහ දැනුම පදනම් කරගත් අපනයන කටයුතු ඔස්සේ ඉහළ විදේශ ආදායමක් ශ්‍රී ලංකාව වෙත අත්පත් කර දෙමින් TIIKM සමාගම මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීයමය උත්සව කළමනාකරණය පිළිබඳ වඩාත් විශ්වසනීය මෙන්ම විශිෂ්ට සේවයක් TIIKM හි උත්සව කළමනාකරණ අංශය වන TIIKM Events ඔස්සේ සිදු කෙරේ. අසමසම ප්‍රමිතිය, නිර්මාණාත්මක බව සහ ගෝලීය සහයෝගීතාවයන් සහිත සන්නාමයක් ලෙස TIIKM Events කීර්තියට පත්ව ඇත.
TIIKM ආයතනය දැනුම කළමනාකරණය කිරීම පිළිබඳ පමණක් නොව, අග්නිදිග ආසියාව තුළ වෘත්තීය පර්යේෂකයන් සවිබල ගැන්වීමේ සිට නැගෙනහිර ආසියාවේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා පැවැත්වීම, නැගී එන ආර්ථිකයන් සඳහා ජාත්‍යන්තර ප්‍රකාශන දියත් කිරීම ආදී කටයුතු ඔස්සේ අනාගතය හැඩගස්වන ආකාරය පිළිබඳවද විප්ලවීය වෙනසක් සිදු කරයි.
SLIM SME Development Awards යනු ‘Restart Sri Lanka’ වැඩසටහනෙහිම කොටසකී. අලෙවිකරණය, වෙළෙඳ නාමකරණය සහ වාණිජකරණය පිළිබඳ විශිෂ්ටත්වය දක්වන ලද කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර අගය කිරීම මේ ඔස්සේ සිදුකරයි. කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන SLIM ආයතනය, සේවා අංශයේ සාර්ථකත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ අරමුණු පදනම් කරගත් වර්ධනය පිළිබඳ මිණුම් ලකුණක් ලෙස TIIKM හඳුනාගෙන ඇත.