Latest News Sinhala

SOCOMEC ශ්‍රී ලංකාවේ බලශක්ති අධීක්ෂණ විසඳුම් ඉදිරියට ගෙනයාම උදෙසා Venora කණ්ඩායම සමඟ උපාය මාර්ගික එකඟතාවයකට එළඹෙයි

ප්‍රංශය පදනම් කරගත් අඩු වෝල්ටීයතා බල කළමනාකරණය පිළිබඳ සියවසකට අධික අත්දැකීම් ඇති විශේෂඥයෙකු වන Socomec, ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු  ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Venora සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Boxy පෞද්ගලික ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් නිවේදනය කර ඇත.  තිරසාරබව  සහ කාර්යක්ෂම බලශක්ති කළමනාකරණය කෙරෙහි කලාපය තුළ වර්ධනය වන උනන්දුවට සමගාමීව ශ්‍රී ලංකාවේ බලශක්ති මැනීම සහ අධීක්ෂණ විසඳුම් ශක්තිමත් කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි.

Socomec හි ආසියා පැසිපික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ඔ’නීල් දිසානායක මහතා මෙම හවුල්කාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් “මේ වන විට වෙළඳපොල වැඩි වැඩියෙන් තිරසාරත්වය සහ කාර්යක්ෂම බලශක්ති කළමනාකරණය කරා ගමන් කරමින් සිටින අතර, යුරෝපයේ බලශක්ති අධීක්ෂණ කිරීමේ ප්‍රමුඛතම ව්‍යාපාරයක්   ලෙස Socomec ඉතා සාර්ථක ලෙස මෙම අවශ්‍යතාව ඉටු කිරීම සඳහා කටයුතු කරනවා. ශක්තිමත් මෙන්ම එකිනෙකාට උපකාරී වන මෙම සබඳතා තුළින් අප හවුල්කරුවන් සතු දේශීය විශේෂඥතාව උපයෝගී කරගනිමින් වඩාත් ඵලදායී විසඳුම් ලබා දෙමින් ආසියා-පැසිෆික් කලාපය පුරා අපගේ ව්‍යාප්තිය පුළුල් කිරීමට මෙවැනි හවුල්කාරීත්වයන් තුළින් අපට හැකියාව ලැබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

Socomec Greater India හි කළමනාකාර අධ්‍යක්ෂ මිනු සින්ගාල් මහතා හවුල්කාරීත්වය පිළිබඳ සිය සතුට පළ කරමින් “ශ්‍රී ලංකා වෙළඳපොළට හොඳම සේවාවන් සැපයීම සඳහා Boxy පුද්ගලික ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ සමාගම් දෙකම අප කෙරෙහි ගනුදෙනුකරුවන් සතුව ඇති විශ්වාසය වැඩිදියුණු කිරීමටත්, තවත් ශක්තිමත්, අර්ථවත් සබඳතා ගොඩනඟා ගැනීමටත් කැපවී සිටිනවා. මේ සමඟ අප ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාප්තිය තව දුරටත් පුළුල් කරන නිසාවෙන් මෙම හවුල්කාරීත්වය Socomec සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. Venora හි දේශීය විශේෂඥතාව උපයෝගී කරගනිමින්, මෙම කළාපයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අති නවීන බලශක්ති කළමනාකරණ විසඳුම් ලබාදීමට අප බලාපොරොත්තු වනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

සිය අදහස් දක්වමින් Boxy පුද්ගලික ආයතනයෙහි අධ්‍යක්ෂ සයුරු ගුණවර්ධන මහතා “බලශක්ති කළමනාකරණ විසඳුම්වල ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයන් සඳහා Socomec සතු කීර්තිය අප අගය කරනවා. මෙම හවුල්කාරීත්වය ගෝලීය මට්ටමේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාවක් සලසනු ලබනවා. අප එක්ව, තීරණාත්මක අවස්ථා සඳහා කඩිනම් සහ විශ්වාසනීය සේවා සැපයීම සහතික කරමින්, මෙහෙයුම් විධිමත් කර, ශක්තිමත් සැපයුම් ජාලයක් ස්ථාපිත කිරීමට කැපවී සිටිනවා” ලෙස සිය අදහස් දැක්වීය.

Socomec හි සිය මෙහෙයුම් පුළුල් කිරීම සම්බන්ධව සිය අදහස් දැක් වූ සමාගමේ සාමාන්‍යාධිකාරී සුහාඩ් අමිට් මහතා “Socomec දශක හතරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකා වෙළඳපොළට සේවය කරමින් දත්ත සුරැකුම් මධ්‍යස්ථාන, කර්මාන්ත සහ සෞඛ්‍ය සේවා වැනි අංශ හරහා විවිධ වූ නවීන නිමැවුම් හඳුන්වාදීම සිදු කළා. Boxy ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින්, කලාපය තුළ විකාශනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා, වැඩි දියුණු කළ බලශක්ති කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ දේශීය සහයෝගය ලබා ගැනීම අපගේ අරමුණ වනවා. Boxy කණ්ඩායම සමඟ අපගේ සහයෝගීතාවය පාරිභෝගිකයින්ට අසමසම සේවාවක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන, වඩාත් උචිත විසඳුම් ලබාදීම පිළිබඳ සහතික කරනු ලබනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

මෙම හවුල්කාරීත්වය සමඟ, Socomec ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට නව්‍ය, විශ්වාසදායක සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සමඟින් ව්‍යාපාර සවිබල ගන්වමින්  තිරසාරභාවය සහ එහි මෙහෙවර සඳහා වූ සිය කැපවීම පෙන්නුම් කරයි. 

About Socomec:

Established in 1922, Socomec is a globally renowned specialist in Low Voltage (LV) Power Switching, Monitoring, and Power Conversion products, dedicated to managing power and safeguarding people, equipment, and installations. Offering 24/7 Expert Services, Socomec ensures the reliability and optimization of end-users’ equipment.

With a workforce of 3900 employees, 12 production sites, and over 30 subsidiaries spanning five continents, Socomec Group is a key player in the industry. Headquartered in Chennai, Socomec India boasts branch offices across 12 locations nationwide, with a cutting-edge manufacturing facility situated in Gurugram, Haryana.

Leveraging over a century of expertise, the Group is committed to constant innovation, enhancing energy performance in Data Centres, Healthcare, Infrastructure, as well as industrial and commercial sites. As a recognized expert, Socomec delivers state-of-the-art solutions, ensuring the highest availability of electrical power supply to critical and non-critical facilities. Tailored to customer needs and fully compliant with international standards, the company consistently upholds excellence in power management.

For further media queries, please contact –

Gayathri – 9884470012- [email protected]
  Akriti – 8754940305 – [email protected]

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *