Latest News Sinhala

IT Gallery (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන එකතුව ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2  ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ   ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත්  IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක්  වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණක ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. මෙම නවතම නිෂ්පාදන අතරට පහසුවෙන් අතේ ගෙන යා හැකි උසස් තත්ත්වයේ ThinkPad P16 Gen 2 workstation සහ ව්‍යාපාරික වෘත්තිකයන් අතර වඩාත් ජනප්‍රිය තේරීමක් වන ThinkPad X1 Carbon නිෂ්පාදන පෙළ ද ඇතුළත් විය. මෙම නවතම එළිදැක්වීම මෙරට තාක්ෂණික වෙළෙඳපල තුළ නව පෙරළියක් ඇති කරනු ඇත. විදේශීය  වෙළෙඳපල  වෙත අති නවීන තාක්ෂණය රැගෙන යාම සඳහා Lenovo හි කැපවීම මෙම  හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් පසක් වන අතර ඉහළ කාර්යක්ෂමතාවයක් සහ නවෝත්පාදනයෙන් යුත් නිෂ්පාදනයන් හඳුන්වා දෙමින් සුවිශේෂී සේවාවක් සැපයීමට මෙම සන්නාමය නිරන්තරයෙන් කැප වී සිටියි.

නවීන, ඵලදායි සහ ආරක්‍ෂිත තාක්‍ෂණයෙන් සමන්විත, සැහැල්ලු බාහිර නිමාවක් සහිත බහුකාර්ය ThinkPad X1 Carbon Gen 9 2-in-1 සහ ThinkPad X1 Carbon G12 නිෂ්පාදන සඳහා මෙම එළිදැක්වීමේ උළෙලේදී වැඩි ආකර්ෂණයක් හිමිවිය. මෙම ultra-light business ලැප්ටොප් පරිගණකය දිගුකාලීන carbon-fiber චැසියකින් සහ අඟල් 14ක තිරයකින්  සමන්විත වන අතර Intel processors මගින් බල ගැන්වේ. එමෙන්ම දිගු බැටරි  ආයු කාලයක් සහ ව්‍යවසාය ශ්‍රේණියේ ආරක්ෂාවක් ද මෙම නිෂ්පාදනය සතු වීම විශේෂත්වයකී. ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත ජංගම පරිගණකයක් (mobile workstation ) වන Lenovo ThinkPad P16 Gen 2  වෘත්තීය කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ  නිෂ්පාදනයක් වන අතර එහි Intel 13th Gen processors,  NVIDIA RTX ග්‍රැෆික්ස් සහ 128GB අගයකින් යුත් RAM එකක් අන්තර්ගත වේ. මෙය ත්‍රිමාණ ඉදිරිපත් කිරීම්, CAD සහ දත්ත විශ්ලේෂණය වැනි කාර්යයන් සඳහා වඩාත් යෝග්‍ය වේ. පූර්ව- ස්ථාපිත Microsoft Copilot (පෙර දසුන) සියලුම Lenovo laptop පරිගණකවල අන්තර්ගත වන අතර එමගින් පරිශීලකයන්ට  බාධාවකින් තොරව කාර්යයන් රැසක් වැඩි කාර්යක්ෂමතාවයකින් සිදුකිරීමට  අවස්ථාව ලබාදෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් IT Gallery Computers (Pvt) Ltd හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය.“දශකයකට අධික කාලයක් පුරාවට අපි මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ ක්‍ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් ලෙස කටයුතු  කළ අතර මෙම එළිදැක්වීමේ උත්සවය අපගේ කැපවීම පිළිබඳ මනා සාක්ෂියක්.අපගේ හවුල්කරුවන්ට සහ තාක්ෂණය පිළිබඳ වඩාත් උනන්දු  අපේ රටේ ජනතාවට  Lenovo සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සැලසීමට ලැබීම පිළිබඳ මෙන්ම අසීමිත හැකියාවන්ගෙන් යුත් නව යුගයක් ආරම්භ කිරීමට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අපි නිහතමානීව සතුටු වෙනවා.”

Lenovo ආයතනයේ පාරිභෝගික, වාණිජ සහ ටැබ්ලට් පරිගණක පිළිබඳ සාමාන්‍යාධිකාරී , නවීන් කෙජ්රිවාල් මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “Lenovo සහ IT Gallery අතර ගොඩනැගී තිබෙන මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාව වෙත නව්‍ය තාක්‍ෂණය ගෙන ඒම සඳහා බෙහෙවින්  ඉවහල් වී තිබෙනවා.  ශ්‍රී ලංකා වෙළෙඳපල වෙත අපගේ නවතම නිෂ්පාදන හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා  .”

IT Gallery Computers (Pvt) Ltd, මෙරට බලයලත් Lenovo නිෂ්පාදන බෙදාහරින්නා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ  පාරිභෝගිකයන්ට උසස්  තාක්‍ෂණය ලබා දීමේ නොසැලෙන කැපවීමෙන් යුතුව Lenovo විසින් වාණිජ, ව්‍යවසායක මෙන්ම තනි පරිශීලක අවශ්‍යතාවයන් මැනවින් අවබෝධ කරගනිමින් ඊට අනුරූපී ලෙස නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපලට හඳුන්වා දී ඇත.

 IT Gallery යටතේ ශ්‍රී ලංකාවේ Lenovo සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එහි හවුල්කරුවන් දක්වන ලද සුවිශේෂී දායකත්වය හඳුනාගනිමින් හොඳම හවුල්කරුවන් 10 දෙනා වෙත සම්මාන පිරිනැමීමටද IT Gallery ආයතනය අපේක්ෂා කරයි. එමඟින් වඩාත් සවිමත් හවුල්කාර ජාලයක් ගොඩනැඟීම පිළිබඳ ආයතනයේ කැපවීම සනිටුහන් වේ.

Lenovo පිළිබඳ

Fortune Global 500 හි 248 ස්ථානයේ ශ්‍රේණිගත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 57ක ආදායමක් සහිත ගෝලීය තාක්‍ෂණික බලාගාරයක් වන Lenovo සෑම දිනකම වෙළෙඳපලවල් 180 ක පමණ මිලියන ගණනක පාරිභෝගිකයන් වෙනුවෙන් සිය සේවාව සපයයි. සියලු දෙනා වෙත Smarter Technology ලබා දීමේ  දැක්ම පිළිබඳ  අවධානය යොමු කර ඇති Lenovo, AI-සක්‍රීය, AI-සූදානම් සහ AI-ප්‍රශස්ත උපාංග PCs, workstations, smartphones, tablets),යටිතල පහසුකම්

 (server, storage, edge, ඉහළ කාර්යසාධන පරිගණකකරණය සහ මෘදුකාංග සහිත යටිතල පහසුකම්) මෘදුකාංග, විසඳුම් සහ සේවා සහිත සාක්කුවේ සිට cloud පහසුකම් දක්වා වර්ධනය වූ ලොව විශාලතම පරිගණක සමාගමක් ලෙස එහි සාර්ථකත්වය ගොඩනඟා ඇත. ලෝකය වෙනස් කරන නවෝත්පාදනයන් සඳහා Lenovo හි අඛණ්ඩ ආයෝජනය සෑම කෙනෙකුටම, සෑම ස්ථානයකටම වඩාත් සාධාරණ, විශ්වාසනීය සහ බුද්ධිමත් අනාගතයක් ගොඩනඟයි.  Lenovo Group Limited (HKSE: 992) (ADR: LNVGY) යටතේ හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇත.  වැඩි විස්තර සඳහා https://www.lenovo.com වෙත පිවිසෙන්න. නවතම පුවත් StoryHub හරහා ලබා ගත හැකිය.

Sharing
Mic

Leave a Reply

Your email address will not be published. Required fields are marked *