Latest News Sinhala

Huawei Thailand සමාගම ‘තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන – 2022’ හි දී අගමැති සම්මානයෙන් පිදුම් ලබයි

Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම  තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ​​(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්‍රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ‘ තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022’ උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය. තායිලන්තයේ ඩිජිටල් ආර්ථික හා සාමාජීය  අමාත්‍ය චයිවුට් තනකමනුසෝර්න් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට තායිලන්ත ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ මහලේකම් ජනරාල් ප්‍රච්යා චලෙර්ම්වට් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික යන අංශවල නිලධාරීහු සහ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

මෙම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලැබීම මගින් රට පුරා සයිබර් ආරක්‍ෂාව හා දත්ත ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම වෙනුවෙන් තොරතුරු ආරක්‍ෂාවේ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ නායකත්වය ගොඩනැංවීම  සඳහා Huawei Thailand සමාගමේ ඇගයීමට ලක් කෙරිණි.  පසුගිය මාස 12 තුළ, Huawei Thailand සමාගම විසින් ‘තායිලන්ත ජාතික සයිබර් සතිය’ සහ ‘සයිබර් ආරක්ෂණ මුලපිරීමේ පිළිබඳ සම්මන්ත්‍රණය’ වැනි සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ සුවිශේෂී වැඩසටහන් කිහිපයක් දියත් කෙරිණි. එමෙන් ම එම සමාගම තායිලන්ත ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සිය සමග එක්ව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂ සිසු සිසුවියන් ඇතුළු 800 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් තායිලන්තයේ ප්‍රථම සයිබර් ආරක්ෂණ තරගය වන ‘තායිලන්ත සයිබර් ටොප් ටැලන්ට් – 2021’  පැවැත්වීමට කටයුතු කළේය. ඊට අමතරව තායිලන්තයේ සයිබර් ආරක්ෂණය සම්බන්ධ මානව කුසලතා ශක්තිමත් කිරීම සඳහා, Huawei විසින් අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත්රටවල් අතර සංවිධානය කෙරුණු ‘Cyber ​​SEA Game 2021’ තරඟයට තායි නියෝජිත කණ්ඩායමක් යවන ලදී. එහි දී තායි කණ්ඩායම පළමු ස්ථානය දිනාගත් අතර, එම කණ්ඩායම අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත්රටවල් අතරින් හොඳ ම සයිබර් ආරක්ෂණ කණ්ඩායම ලෙස ද නම් කෙරිණි.

තායිලන්තයේ සයිබර් ආරක්‍ෂණ සම්මාන, එරට සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රබල කාර්‍යභාරයක් ඉටු කරන පුද්ගලයින්ට සහ සංවිධානවලට ගෞරව කිරීම සඳහා නිර්මාණය කෙරුණු වැඩසටහනකි. සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම, ඒ සඳහා අදාළ ක්ෂේත්‍රය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීම සහ ඒ වෙනුවෙන් ඔවුන් අනුගමනය කරන ගුණාත්මක ව්‍යාපාරික භාවිතයන් හා උපාය මාර්ග අගයමින්  සම්මාන ප්‍රදානය කෙරෙයි.  Huawei Thailand සමාගම නව තාක්‍ෂණය හා සම්බන්ධ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම වෙනුවෙන් අඛණ්ඩව සිදුකරනු ලබන විවිධ වැඩසටහන්, අධ්‍යයනයන් මගින් මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම ආයතනික පුරවැසියන් හා අත්වැල් බැඳගනිමින්  නව්‍ය සයිබර් ආරක්ෂණ විසඳුම් යාවත්කාලීන කිරීම සහ ව්‍යප්ත කිරීම වෙනුවෙන් කැපවන ආයතනයක් ලෙස  පිළිගැනීමට ලක්ව ඇති ආයතනයකි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *