Latest News Sinhala

2022 මැයි 29

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ මාස 20 ක් ඇතුළත 14 වැනි දරුවා ඝාතනය කිරීමේ ඛේදජනක පුවතත් සමඟ, රාජ්‍ය ආයතන වල සම්පූර්ණ අකර්මන්‍යතාවය පිළිබඳව අප කම්පනයට පත් වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) ඉල්ලා සිටින්නෙමු.

බොහෝ රටවල ළමා අපයෝජනයන් සිදුවීම මහත් කනස්සල්ලකි. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඇතුළු ජන මාධ්‍යවල වාර්තා වන ආකාරය, සමාජය ප්‍රතිචාර දක්වන ආකාරය සහ බලධාරීන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සහකම්පනයෙන් සංවේදීවීම රටක යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ සහ විචිත්‍රවත් ආචාර ධර්ම පද්ධතියක මිණුම් දණ්ඩකි. කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාව එවැනි ප්‍රගතිශීලි ක්‍රමවලට වඩාත් පසුගාමී වීමයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 (C) වගන්තියේ පැහැදිලිව සඳහන් වන්නේ ලිංගික අපයෝජනයට ලක් වූවන්ගේ පුද්ගලික තොරතුරු සහ ඡායාරූප හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ළමා අපයෝජන/මිනීමැරුම් සිද්ධීන් පිළිබඳ මාධ්‍ය වාර්තා කිරීම නියාමනය කිරීමට ළමා සුබසාධනය සඳහා බලවත්ම ආයතනය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට  අපි නැවත නැවතත් ආයාචනා කර ඇත. මෙතෙක්  අර්ථවත් විසඳුම් කිසිවක් ලබා දී නොමැති අතර 365(C) උල්ලංඝනය කරන්නන්ට එරෙහිව කිසිදු නඩු පැවරීමක් කර නොමැත. 2022, මැයි 28 වන දින අටළුගම දී හමුවූ ළමා මළ සිරුරේ සංවේදී ඡායාරූප බොහෝ මාධ්‍ය වල ප්‍රදර්ශනය කිරීම ගැන අපි අතිශයින් කණගාටු වන්නෙමු.

2007 දී එක්සත් රාජධානියේ ඝාතනයට ලක් වූ ‘බේබි පී (Baby P)’ පිළිබඳ සුප්‍රසිද්ධ නඩුවේ දී “දරුවාගේ යහපත සඳහා (මියගිය හෝ ජීවතුන් අතර)” යන ගෝලීය මූලධර්මයට අනුකූලව අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් වසර 02 ක් වනතුරු වින්දිතයාගේ, සහෝදර සහෝදරියන්ගේ සහ චූදිතයන්ගේ විස්තර  ප්‍රකාශයට පත් කිරීම වලක්වාලමින්, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ගෙන යාමට සහ සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් වාරණ නියෝගයක් පනවන ලදි. ළමා අපයෝජන පිළිබඳ සෝචනීය සිද්ධීන්ට ගොදුරු වූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී NCPA ආයතනයට ද එවැනි අධිකරණ නියෝගයක් ලබා ගත හැකි බව අපගේ විශ්වාසයයි.

මෙම ඛේදනීය සිදුවීම වාර්තා කිරීමේදී ඉතා සංවේදීව ක්‍රියා කරන ලෙසත්, “මේ දරුවා මගේ දරුවා නම් කුමක් වේද?” යන සහකම්පනයෙන් යුතුව වින්දිතයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසත් අපි සියලුම මාධ්‍යවේදීන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

ළමා ආරක්ෂණ සන්ධානය ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතීන් උදෙසා කැපවීමෙන් ක්‍රියා කරනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *