Latest News Sinhala

පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!

This image has an empty alt attribute; its file name is Seminar-1-2.jpg

පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!
අප්‍රේල් 2022, කොළඹ, ශ්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා, ජීවනෝපායන් නඟා සිටුවීමේ පැල්වත්ත ආයතනික දර්ශනය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මෙය සිදු කරන ලදී. මාර්තු මස අවසන් සතියේ ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාව 2022 අප්‍රේල් 1 වන සතියෙන් අවසන් විය.
 සම්මන්ත්‍රණවලදී විශේෂයෙන් ගණිතය කෙරෙහි අවධානය යොමු කරන ලද්දේ සිසුන් බොහෝ දෙනෙකු එම විෂය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ හෙයිනි. අවශ්‍ය අවස්ථාවේදී මෙම සිසුන්ට උපකාර කිරීමට මුලපිරීම මගින්  පැල්වත්ත, වගකිවයුතු සන්නාමයක් බවට පත්විය. ශිෂ්‍යයෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධියක් ලෙස මෙන්ම අධ්‍යාපනයේ සංධිස්ථානයක් ලෙස සා/පෙළ සැළකෙන නිසා මෙම වැඩසටහන ඒ උදෙසා ආරම්භ කරන ලදී. පැල්වත්ත සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා පැවසුවේ “පැල්වත්ත සමාගම අපගේ ප්‍රජාවට මනාව සලකන බව සහතික කිරීමට හැකි ඕනෑම දුරකටම යාමට සූදානම් සන්නාමයක් බවයි. ඊළඟ පරම්පරාව ඔවුන්ගේ අධ්‍යාපනය ගැන මනා දැනුමක් ඇති අය බවට සහතික කිරීම මෙහිදී ප්‍රධාන වේ.”
 ඔහු මේ බව පැවසුවේ පැල්වත්ත ඉංජිනේරු සහ තාක්ෂණික කණ්ඩායමට අනුයුක්ත කර ඇති තම අභ්‍යන්තර විශේෂඥයන් වන යාන්ත්‍රික ඉංජිනේරු අසේල සම්පත් මහතා සහ රසායනික හා සැකසුම් ඉංජිනේරුවෙකු වන කාවින්ද උමේෂ් මහතාට ද ප්‍රශංසා කරමිනි. මෙම ඉංජිනේරුවන් දෙදෙනා සමස්ත විෂය නිර්දේශය පමණක් නොව ආදර්ශ ප්‍රශ්න පත්‍ර කිහිපයක් හරහා ද සිසුන්ව ගෙනයමින් සම්මන්ත්‍රණය මෙහෙයවන ලදී. ඔවුන් සමමන්ත්‍රණය අවසාන කිරීමට පෙර සිසුන්ට තිබූ සැම ගැටළුවකටම පිළිතුරු දීමට සහ පැහැදිලි කිරීමට වග බලා ගන්නා ලදී.
 මෙම සම්මන්ත්‍රණ මාලාව ප්‍රධාන වශයෙන් පැල්වත්ත මහා විද්‍යාලය, කුකුරන්පොල විද්‍යාලය, දුටුගැමුණු මහා විද්‍යාලය සහ පැල්වත්ත රන්ජන් විජේරත්න විද්‍යාලය යන පාසල්වල සහභාගිත්වයෙන් බුත්තල ප්‍රදේශයේ පැවැත්විණි. දිනක් පුරාවට පැවති මෙම සම්මන්ත්‍රණ සඳහා සිසුන් සිය ගණනක් පැමිණ සිටියහ. අදාළ පාසල්වල සිසුන්ට මෙම සුදුසුකම්ලත් ඉංජිනේරුවන් දෙදෙනා ගණිත ගැටලු විසඳන ආකාරය පෙන්වා දුන්නා පමණක් නොව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අනාගතයේදී ඔවුන්ට යා හැකි වෘත්තිය පිළිබඳවද අදහසක් ඔවුන්ට ලබාදුනි.
 පැල්වත්ත සමාගම එවැනි වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණ සිටි සිසුන්ගෙන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් බොහෝ පැසසුමට ලක්විය. රටේ වත්මන් තත්ත්වය විසින් එවැනි බොහෝ ප්‍රජා සුබසාධන වැඩසටහන් සම්පූර්ණයෙන්ම ඉවත් කර හෝ සීමා කර ඇත. කෙසේ වෙතත්, පැල්වත්ත මෙවැනි ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ප්‍රජාවන් නගා සිටුවීමට පමණක් නොව ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට ද වේ. අධ්‍යාපනය යනු පැල්වත්තේ ඉතා වැදගත් අවධානයට ලක්වන ක්ෂේත්‍රයක් වන අතර විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය ඉහල නංවාලීම සඳහා මෙවැනි අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

This image has an empty alt attribute; its file name is Seminar-2-3.jpg
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *