Latest News Sinhala

AI මගින් සවිබල ගැන්වෙමින් ස්මාර්ට් ජංගම දුරකථන වල නව පෙරලියක්

ස්මාර්ට් ජංගම දුරකථන, පාරිභෝගික අවශ්‍යතා වලට අනුකූලව කාලයත් සමඟ ඉතා වේගයෙන් පරිවර්තනය වෙමින් අද වන විට අතේ රැගෙන යා හැකි අංග සම්පූර්ණ උපාංගයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් පැවතුන සහ රැගෙන යාමද අපහසු වූ කාලයක් පැවතී බව ඔබට මතකද? එම කාලයේදී ජංගම දුරකථන වල ප්‍රධාන කාර්යය වූයේ ඇමතුම් ලබා ගැනීම පමණය. නමුත් ජායාරූප ගැනීමේ හැකියාව සහ අනෙකුත් විශේෂාංග හදුන්වා දීමත් සමග ජංගම දුරකථන පරිශීලකයන් සිය අවශ්‍යතාවයන්ට උපරිම ගැලපෙන දුරකතනයක් මිලදී ගැනීමට පෙළඹුණි.

පුද්ගලීකරණය කරන ලද  තාක්ෂණය තුලින් වෙනසක්

ස්මාර්ට් කැමරා හඳුන්වාදීමත් සමඟ වෘත්තීය මට්ටමේ ඡායාරූප දැන් සාක්කු ප්‍රමාණයේ උපාංග මගින්ද ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. AI බලයෙන් ක්‍රියාත්මක වන ස්මාර්ට් විශේෂාංග මඟින් දෘශ්‍ය බාධා ඉවත්කරමින්, ආලෝකය නිවැරදි කිරීම, රාමුවේ ඇති අනවශ්‍ය හෝ නොපැහැදිලි අංග ඉවත් කිරීම මගින් පරිසරය නිවැරදිව හඳුනා ගැනීමට සහ ඡායාරූප ස්වයංක්‍රීයව වැඩිදියුණු කිරීමට ස්මාර්ට් ජංගම දුරකථනවලට හැකියාව ලැබී ඇත. කෘතිම බුද්ධිය රැගත් ඇල්ගොරිතම භාවිතයට ගැනීම මගින් පසුබිම විශ්ලේෂණය කොට  පුද්ගලයින් සහ වස්තූන් හඳුනා ගැනීමට ස්මාර්ට් ජංගම දුරකථන වලට හැකියාව ලැබී ඇත.

ගෝලීය තාක්‍ෂණික සන්නමයක් වන vivo සිය “පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනය” සමගින් AI කැමරා තාක්‍ෂණය රැගත් ස්මාර්ට්ෆෝන් රැසක් සිය ස්මාර්ට්ෆෝන් කළඹට අඩංගු කොට ඇත. AI කැමරා ඇල්ගොරිතමය මගින් ඡායාරූප ගත කරන වස්තුව පසුබිමෙන් වෙන්කර හඳුනා ගන්නා අතර සන්සෙට්, මැක්‍රෝ, ලෑන්ඩ්ස්කේප්, පෝට්රේට් ඇතුළු බහුවිධ inbuilt preset දර්ශන සපයයි. තවද එම අවස්ථාවේදී පවතින පරිසරයේ ස්වභාවය බුද්ධිමත්ව හඳුනා ගැනීම මගින් සැකසුම් ක්‍රියාත්මක කොට අවශ්‍ය අංගය පරිපූර්ණ ලෙස ග්‍රහණය කර ගැනීමට පරිශීලකයින්ට උපකාර කරයි

සුඛෝපභෝගී කලාත්මක සැකැස්ම

සියලුම vivo ස්මාර්ට්ෆෝන් එහි අනර්ඝ කැමරා සැලසුම සහ සුවිශේෂී අංග හේතුවෙන් ස්මාර්ට්ෆෝන් ලෝලීන්ගේ ප්‍රසාදයට පත්ව ඇත.

vivo විසින් හොඳම තාක්ෂණයන් යොදා ගනිමින් සිහින් සහ විචිත්‍රවත් ලෙස සිය උපාංගයන්හි හැඩය සකස් කොට ඇත. 2012 දී vivo විසින් ලොව සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය වන මිලිමීටර් 6.55 ක ඝනකමකින් යුත් X1 එළිදක්වන ලදී. එසේම ස්මාර්ට් ජංගම දුරකතනයකට  Hi-Fi ගුණාත්මක ශ්‍රව්‍ය චිපයක් අඩංගු කල ලොව ප්‍රථම අවස්ථාව ද එය විය. පසුව නැවතත් 2014 දී vivo විසින් 4.75mm ඝනකමක් සහිතව X5Max එළිදක්වන ලදී. එය මෙතෙක් ලොව සිහින්ම දුරකථනය ලෙස පවතී.

මෙවැනි සිත් ඇදගන්නා සුළු බාහිර පෙනුම, ඇදහිය නොහැකි විශේෂාංග සමඟ, vivo නිසැකවම ඔවුන්ගේ උපාංග සමඟ සෑම දෙනාගේම අවධානයට ලක්ව ඇත. vivo හි ඉදිරි ගමනෙහි සාර්ථකත්වය පිළිබඳව එය කදිම සාක්ෂියකි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *