Latest News Sinhala

Study Group විසින් Florida Atlantic විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට පිවිසෙයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group උතුරු ඇමරිකාවේ Florida Atlantic විශ්ව විද්‍යාලය සමඟ නව හවුල්කාරීත්වයකට පැමිණි වග සතුටින් දැනුම් දෙයි.

U.S. News  සහ World Report විසින් Florida Atlantic විශ්ව විද්‍යාලය ඉහල පෙළේ පොදු උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රේණිගත කර ඇති අතර “නවෝත්පාදනයන්ට සිය ප්‍රමුඛත්වය ලබාදෙමින් වේගයෙන් වර්ධනය වන අධ්‍යාපන ආයතනයක්” ලෙසද හදුන්වනු ලබයි. එහි උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධි සිසුන් 30,000 කට වඩා වැඩි පිරිසක් සිටින අතර Google, Apple, General Motors සහ PricewaterhouseCoopers ඇතුළු ගෝලීය සමාගම්වල උපාධිධාරී සේවා නියුක්තියට සහාය වීම සඳහා සීමාවාසික පුහුණු රැකියා 4,800 කට වඩා පිරිනමයි.

Study Group විසින් සිසුන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම සඳහා Florida Atlantic විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික සැලසුමට සිය සහය දක්වයි. Study Group හි කීර්තිය, ගෝලීය අධ්‍යාපනයේ ප්‍රවීණතාවය සහ ලොව පුරා විශ්ව විද්‍යාල 50 කට අධික සංඛ්‍යාවක් සමඟ හවුල්කාරිත්වය හේතුවෙන් වැඩසටහන් මාලාවක් සඳහා ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සඳහා Florida Atlantic විශ්ව විද්‍යාලයේ විශ්වාසවන්ත හවුල්කරු ලෙස ඔවුන්ව තෝරාගෙන ඇත. එසේම Global Education Investor Awards හි වසරේ Pathway Provider ලෙසද study Group සම්මානයට පාත්‍ර විය.

Study Group හී ප්‍රධාන විධායක නිලධාරිනී එමා ලැන්කැස්ටර් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය “Florida Atlantic විශ්ව විද්‍යාලය Boca Raton හි එහි විශිෂ්ට ප්‍රධාන විශ්ව විද්‍යාල  පිහිටීමට අමතරව විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) වැඩසටහන් සඳහා ශක්තිමත් ආයෝජනයක් සහිතව එක්සත් ජනපදය තුල සිය අධ්‍යාපනය ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා ජනප්‍රිය තේරීමක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මෙම සුවිශේෂී  අධ්‍යයන අවස්ථාව ලොව පුරා සිටින සිසුන් සමඟ බෙදා ගැනීමට අපි ඉතා ආශාවෙන් බලා සිටිනවා. Study Group හි ජාත්‍යන්තර අලෙවිකරණය, ශිෂ්‍ය බඳවා ගැනීම් සහ ඇතුළත් කිරීම්හි ප්‍රවීණත්වය තුලින් ඔවුන් Florida Atlantic  විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට සහාය වනු ඇති අතර, එය සමස්ත විශ්ව විද්‍යාල ප්‍රජාවට ද ප්‍රතිලාභ ලබා දෙන අතර දේශීය සිසුන්ට ඔවුන්ගේ ගෝලීය මිතුරන් සමඟ අධ්‍යයන කාර්යයේ යෙදීමට අවස්ථාව ද ලැබෙනු ඇත”.

Florida Atlantic විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ප්‍රධානී රුස් අයිවි මෙම හවුල්කාරිත්වය පිළිගනිමින් මෙසේ සිය අදහස් දැක්වීය “Study Group සමඟ මෙම වැදගත් හවුල්කාරිත්වය පිවිසීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වන අතර ලොව පුරා සිටින ජාත්‍යන්තර සිසුන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් අපගේ මෙම සුන්දර විශ්ව විද්‍යාලය වෙත පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා”.

Study Group විසින්  2022 පෙබරවාරි 1 වනදා සිට අයදුම්පත් භාර ගන්නා අතර Florida Atlantic  විශ්ව විද්‍යාලයට විවිධ රටවලින්  නව ජාත්‍යන්තර සිසුන්ගේ  පැමිණීම අපේක්ෂා කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *