Latest News Sinhala

ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් 2021 වර්ෂය සඳහා වූ සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දක්වයි

2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. 2021 වර්ෂය සඳහා Huawei විසින් චීන යුවාන් බිලියන 636.8ක අදායමක් සහ චීන යුවාන් බිලියන 113.7 ක දළ ලාභ වාර්තා කර ඇත්තේ, 75.9% ක වසරින් වසර වර්ධනයක් සමඟිනි.  සමාගමේ පර්යේෂණ හා සංවර්ධන වියදම් චීන යුවාන් බිලියන 142.7 ක ඉහළ අගයක් ලෙස වාර්තා වී ඇති අතර, මෙය සමාගමේ මුළු අදායමෙන් 22.4% කි. මේ සමඟ පසුගිය වසර 10කට කාලය තුළ සමාගම විසින් චීන යුවාන් බිලියන 845 කට වඩා වැඩි මුදලක් පර්යේෂණ හා සංවර්ධන වියදම් වශයෙන් වැය කර ඇත.  ඉදිරියටත් වැඩි වශයෙන් පර්යේෂණ හා සංවර්ධන ආයෝජනයන් වෙනුවෙන් මුදල් වැය කිරීමට Huawei සමාගම බලාපොරොත්තු වේ.  

මෙම වාර්තාව එලි දැක්වීමේ අවස්ථාවට එක්වූ Huawei සමාගමේ වර්තමාන සභාපති Guo Ping මෙලෙස පවසා සිටියි.  “පසුගිය වසරේදී අප අපේක්ෂා කල පරිදිම මෙවර සමාගමේ සෑම ව්‍යාපාර අංශයක්ම ඉහළ කාර්යසාධනයක් සමඟින් මූල්‍ය ප්‍රතිඵල පෙන්නුම් කර තියෙනවා”.  මෙහිදී අදහස් දැක්වූ Huawei හි ප්‍රධාන මූල්‍ය නිලධාරිනී Meng Wanzhou පවසා සිටියේ 2021 වර්ෂයේදී Huawei හි සමස්ත අදායම් මට්ටමේ යම්කිසි පසුබෑමක් පැවතියද, ඔවුන්ගේ මුදල් ප්‍රවාහ ජනනය කිරීමේ සහ ලාභ ලැබීමේ අවස්ථාවන්හි වර්ධනයක් සිදුවී ඇති බවයි.  විශේෂයෙන්ම 2021 වර්ෂයේදී චීන යුවාන් බිලියන 59.7  ක මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් වාර්තා කර තිබීම මෙයට නිදසුන් වන බව ඇය පවසා සිටියි.  

2021 වර්ෂයේදී Huawei carrier ව්‍යාපාර කාණ්ඩය විසින් චීන යුවාන් බිලියන 281.5 ක අදායමක් වාර්තා කර ඇත.  2021 වර්ෂයේදී 5G සංවර්ධනය උදෙසා 3,000කට අධික වාණිජ ගිවිසුම් ප්‍රමාණයකට Huawei විසින් අත්සන් තබා ඇති අතර, මෙම ගිවිසුම් හරහා නිෂ්පාදන, පතල්, යකඩ සහ වානේ කම්හල්, වරාය සහ රෝහල් ඇතුලු විවිධ ව්‍යාපාර කාණ්ඩයන් ප්‍රතිලාභ රැසක් ලබයි.  

අඛණ්ඩ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා හේතුවෙන්, Huawei enterprise ව්‍යාපාර කාණ්ඩයද 2021 වර්ෂයේදී ඉහළ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත්තේ චීන යුවාන් බිලියන 102.4 ක අදායමක් වාර්තා කරමිනි.  රාජ්‍ය අංශය, ප්‍රවාහනය, මූල්‍ය, බලශක්ති සහ නිෂ්පාදන යන අංශයන් මුල්කර ගනිමින් scenario-based විසඳුම් 11ක් හඳුන්වා දීමට Huawei සමත් වූ අතර, පාරිභෝගිකයා වෙත වඩාත් උසස් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් Huawei විසින් Coal Mine Team, Smart Road Team සහ Customs සහ Port Team හඳුන්වා දෙන ලදී.  විශේෂයෙන්ම Fortune Global 500 ආයතන අතරින් ආයතන 267ක්ම Huawei සිය ඩිජිටල් පරිවර්තන සහකරු ලෙස තෝරාගෙන ඇති අතර, මින් සමාගම පිළිබඳ ඇති දැඩි විශ්වාසය පෙන්නුම් කෙරේ.  

Huawei හි consumer ව්‍යාපාර අංශයද වෙනස්වන තාක්ෂණික අවශ්‍යතාවන්ට සාර්ථක විසඳුම් ඉදිරිපත් කරමින් ඉදිරියට ඇදෙන අතර, ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණක් වනුයේ AI Life උපායමාර්ගය ලොව පුරා ප්‍රචලිත කිරීමයි. consumer ව්‍යාපාර අංශය 2021 වසරේදී චීන යුවාන් බිලියන 243.4ක අදායමක් වාර්තා කර ඇත. වර්තමාන දත්තයන්ට අනුව HarmonyOS මෙහෙයුම් පද්ධතිය ලොවපුරා මිලියන 220 කට අධික පරිශීලක පිරිසක් විසින් භාවිත කරයි.

KPMG විසින් විගණනය කරන ලද Huawei හි වාර්ෂික වාර්තා https://www.huawei.com/en/annual-report/2021 හරහා ඩවුන්ලෝඩ් කරගත හැකිය.  

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *