Latest News Sinhala

රාජා ජුවලර්ස්, මෙවර ජාත්‍යන්තර කාන්තා වෙනුවෙන් ” You are a Diamond” තේමාව රැගත් “පැරගන්” දියමන්ති ආභරණ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස්, වෙතින් ජාත්‍යන්තර කාන්තා දිනය ට සමගාමීව ” You are a Diamond යන තේමාව රැගත් “පැරගන්” දියමන්ති ආභරණ එළිදැක්විම පසුගිය දා සිදුවිය.

මෙම එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙසේ  පැවසුවේය. ‘You are a Diamond යන තේමාව මූලික කර ගනිමින්   මෙම විශේෂ  ‘පැරගන් දියමන්ති ආභරණ’ හඳුන්වා දී තියෙනවා.විශිෂ්ට ලෙස සකසන ලද මෙම ආභරණ එකතුව අපගේ පාරිභෝගිකයින්ට  ඔවුන් ගේ රුචිකත්වය අනුව තෝරා ගැනීමට  ඉඩ සලසා දෙනවා. එමෙන්ම   විශේෂ දිනයන් , විශේෂ අවස්ථා සැමරීම සඳහා විචිත්‍රවත් ආභරණ අපේක්ෂා කරන පාරිභෝගිකයින් සඳහා අපි ගුණාත්මක   සේවාවන් ලබා දීමට නිරතුරු උත්සහ කරනවා.”

“පැරගන්” දියමන්ති ආභරණ   හුදෙක් සෞන්දර්යාත්මක අලංකාරයෙන් ඔබ්බට ගොස්   ආදරය,සහ කැපවීම සංකේතවත්  කරයි.  මෙම දියමන්තියේ  නම “ඇඩමස්” යන ග්‍රීක වචනයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එය “අනභිභවනීය” යන අර්ථය  ගනී.

රාජා ජුවලර්ස් හි දැනට පවතින මෝස්‌තර ,සඳහා   නව “පැරගන්” දියමන්ති  කොටස් ඇතුළත් වේ. පරිපූර්ත්වයෙන් යුතු අසමසම , අලංකාර මෝස්‌තර නිර්මාණ එකතුව අත්විඳීමට  ස්වර්ණාභරණ ගනුදෙනුකරුවන්ට  සුවිශේෂී අවස්ථාවක් ලැබේ.

රාජා ජුවලර්ස් හි ස්වර්ණාභරණ නිර්මාණකරුවන්ට  මනා පළපුරුද්දක් ඇති අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා කලාත්මක හා ආකර්ශනීය ආභරණ නිර්මාණය කිරීමට ඉහළ හැකියාවක් ඇත.  දියමන්ති, වටිනා ලෝහ, මැණික් ගල්   සහ ස්ඵටික භාවිතා කර   නව තාක්ෂණය  යොදා ගනිමින්   ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ද රාජා ජුවලර්ස් කටයුතු කරයි.

දශක ගණනාවක් පුරා රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයක් බවට පත් වී තිබේ. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද  ස්වර්ණාභරණ  දේශීයව මෙන්ම  විදේශීයවද අලෙවි වේ. තවද ගුණාත්මක  පාරිභෝගික සේවාවත් අකර්ශනිය    මෝස්‌තර නිර්මාණත් සමගින් ඉතා විශිෂ්ට, දිගු කාලීන පාරිභෝගික සබඳතාවක් ගොඩ නගා ගැනීමට සමත් වී ඇත.

1928 දී ඊ.ඒ. ප්‍රනාන්දු විසින් පිටකොටුවේ චැතම් වීදියේ ඊ.ඒ. ප්‍රනාන්දු ජුවලර්ස් පිහිටු වීමත් සමග රාජා ජුවලර්ස් හි මූලාරම්භය සිදු විය.. සාර්ථක ගමනකින් පසු, ඔහුගේ පුත් රාජා ප්‍රනාන්දු 1962 දී  එම ව්‍යාපාරය රාජා ජුවලර්ස් ලෙස නම් කළේය. පවුලේ තුන්වන පරම්පරාව වන අශෝක එළියපුර සහ අතුල එළියපුර විසින්  සීමිත වගකීම් සමාගමක් ලෙස  රාජා ජුවලර්ස් ලියාපදිංචි  කරන ලදී. රාජා ජුවලර්ස් එහි උසස් තත්ත්වයේ ප්‍රමිතීය සහ ගුණාත්මක බව උදෙසා   සම්මාන ගණනාවක් හිමි කර   ගෙන ඇත. තවද    ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින්  ජනාධිපති රන් සම්මාන හතරක් හිමි වූ අතර ,  හොඳම ස්වර්ණාභරණ නිෂ්පාදකයා ලෙසත්, ඉහළම ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් ස්වර්ණාභරණ ආයතනය ලෙසත්, හොඳම රන් ආභරණ අයිතමය ලෙසත් වඩාත් පළපුරුදු  විශිෂ්ටතම  මැණික් ඔපදමන්නා ලෙසත් ,රාජා  ජුවලර්ස්  තම  කීර්තිය නැවත නැවතත් තහවුරු කර ගෙන ඇත.

රාජා ජුවලර්ස් හි අති විශාල රන් අභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර සඳහා www.rajajewellers.com හි ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ද,https://www.facebook.com/Rajajewellers.lk හි ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට හෝ

ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව www.instagram.com/rajajewellers.lk/ වෙත පිවිසිය හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *